සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ජං-ගුම් ආර්යාව (මුල්කාලීන 16වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු ඉතිහාසය තුළ බිහිවූ ප්‍රථම රාජකීය වෛද්‍යවරියයි. ඇයගේ නාමය ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා ත

ජං ගුම්

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ජං ගුම්
උපත15වන සියවස
ජොසොන් (කොරියාව)
අනෙකුත් නම්දේ ජං ගුම් (මහා ජං ගුම්)
වෘත්තියවෛද්‍යවරිය
සංගණ්‍ය වන්නේකොරියානු රජකුගේ (ජොසොන් හි ජුංජොං) ප්‍රථම පෞද්ගලික වෛද්‍යවරිය වීම
ජං-ගුම්
හංගුල්장금
හන්ජා長今
ප්‍රතිශෝධිත රෝමානුකරණයJang-geum
මැකූන්–‍රයිෂවර්Changgeum
"ජං-ගුම්" ‍යනු ඇගේ පෞද්ගලික නාමය බව සලකන්න.

ජං-ගුම් ආර්යාව (මුල්කාලීන 16වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු ඉතිහාසය තුළ බිහිවූ ප්‍රථම රාජකීය වෛද්‍යවරියයි. ඇයගේ නාමය ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා තුළ 10 වරක් සඳහන් වේ. ජං-ගුම්ගේ වෛද්‍ය ඥානය දැක පැහැදුණු ජුංජොං රජු ඇයට රාජකීය පවුලේ සෞඛ්‍යය පිළිබඳ වගකීම පැවරූ බැව් පෙනේ. එම නිසා, මාලිගයෙහි තෙවන ඉහළම නිලධාරිනිය වූ ජ-ගුම් හට දේ (කොරියානු: ; හන්ජා: ; ප්‍රරෝ: Dae; මැ.ර.: Tae) (මෙහි අර්ථය "මහා" යන්නයි) යන ගෞරව ආමන්ත්‍රණය පිරිනැමිණි.

ඇතැම් මූලාශ්‍රවල ජං-ගුම් සැබැවින්ම ජීවත් වූ තැනැත්තියක බව සඳහන් වෙතත් එනමින් සැබෑ පුද්ගලයකු සිටියේ ද යන්න විද්වතුන්ගේ මතභේදයට තුඩුදුන් කරුණකි.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

  • ලී යොං-ඒ විසින් 2003–2004 එම්බීසී නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ දේ ජං ගුම් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
  • කිම් මි-ක්‍යුං විසින් 2013 කේබීඑස්2 නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ද ෆියුජටිව් ඔෆ් ජොසොන් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.

මේවාත් බලන්න

  • ජොසොන් ‍රාජවංශය
  • කොරියානුවන් ලැයිස්තුව
ඉහළට