සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) 2006 අගෝස්තු මාසයේදී නිර්වචනය කළේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් යනු, සූර්යයා වටා කක්‍ෂ ගත වන, හයිඩ්‍රොස්තික සමතුලිතතාවය (වටක

ග්‍රහලෝක නිර්වචනය

  • මුල් පිටුව
  • ග්‍රහලෝක නිර්වචනය

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) 2006 අගෝස්තු මාසයේදී නිර්වචනය කළේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් යනු, සූර්යයා වටා කක්‍ෂ ගත වන, හයිඩ්‍රොස්තික සමතුලිතතාවය (වටකුරු හැඩයක්) ලබාගැනීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් ඇති, සහ එහි කක්ෂය වටා "අසල්වැසි ප්‍රදේශයන්" ("cleared the neighborhood" ) ඉවත් කරනු ලබන, ආකාශ වස්තුවකි. මෙම අර්ථ දැක්වීම ප්ලූටෝව තවදුරටත් ග්‍රහලෝකයක් ලෙස වර්ගීකරණය නොකිරීමට හේතු විය. එය එතෙක් පුළුල් ලෙස සලකා බැලූ ආකාරයෙහි වෙනසක් විය. මෙම නිර්ණායකයන්ගෙන් පළමු දෙක පමණක් (ප්ලූටෝ වැනි) සපුරාලන චන්‍ද්‍රයන් නොවන ග්‍රහ වස්තුවක් "වාමන ග්‍රහලෝකයක්" ලෙස වර්ගීකරණය කර ඇත. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) ට අනුව, "ග්‍රහලෝක සහ වාමන ග්‍රහලෝක” යනු එකිනෙකට වෙනස් වස්තු වර්‍ග දෙකකි. පළමු නිර්ණායකය පමණක් සපුරාලන චන්‍ද්‍රයින් නොවන ග්‍රහ වස්තුවක් "කුඩා සෞරග්‍රහ මණ්ඩලයක්"(small Solar System body)(SSSB) ලෙස හැඳින්වේ. විකල්ප යෝජනාවකට අනුව වාමන ග්‍රහලෝක ග්‍රහලෝකවල උප කාණ්ඩයක් ලෙස ඇතුළත් වූ නමුත් IAU සාමාජිකයින් මෙම යෝජනාවට විරුද්ධව ඡන්‍දය ප්‍රකාශ කළහ. අර්ථ දැක්‍වීම මතභේදාත්මක එකක් වූ අතර විවිධ තාරකා විද්‍යාඥයින්ගේ සහාය සහ විවේචන ලබාගෙන ඇති නමුත් එම අර්ථ දැක්‍වීම තවම භාවිතයේ පවතී.

  1. https://en.wikipedia.org/wiki/Clearing_the_neighbourhood
  2. https://en.wikipedia.org/wiki/IAU_definition_of_planet
  3. https://en.wikipedia.org/wiki/Small_Solar_System_body
Euler diagram showing the types of bodies in the Solar System.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුව

  • ජූනි 13, 2026

    IIIවන අමෙන්හොටෙප්

  • අප්‍රේල් 04, 2026

    Pāli literature

  • අප්‍රේල් 19, 2026

    Operating system

  • මැයි 01, 2026

    යථාභූතං ඤාණදස්සනං

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට