සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වැකුණුගොඩ ගයාත‍්‍රි ඉරෝෂා ඩයස් (උපත 1974 අප්‍රේල් 16), හෙවත් ගයාත‍්‍රි ඩයස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිලියකි. රංගනයට අමතරව ඇය රූ රැජිනක්

ගයාත්‍රි ඩයස්

  • මුල් පිටුව
  • ගයාත්‍රි ඩයස්

වැකුණුගොඩ ගයාත‍්‍රි ඉරෝෂා ඩයස් (උපත 1974 අප්‍රේල් 16), හෙවත් ගයාත‍්‍රි ඩයස්, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නිලියකි. රංගනයට අමතරව ඇය රූ රැජිනක්, නිවේදිකාවක්, රූපලාවන්‍ය ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක් ද වේ.

ගයාත‍්‍රි ඩයස්
Gayathri Dias
උපත
වැකුණුගොඩ ගයත්‍රී ඉරෝෂා ඩයස්

මාතර, ශ්‍රී ලංකාව
වෘත්තියsනිළිය, නිරූපිකාව
සක්‍රීය වසර1994–වර්තමාන
Spouseචන්න පෙරේරා (m. 1996)
දරුවන්මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍
Parents
  • රංජිත් හෙන්රි ඩයස් (father)
  • ඉයුජින් අලහප්පෙරුම (mother)

පටුන

පෞද්ගලික ජීවිතය

ගයාත්‍රි ඩයස් 1974 අප්‍රේල් 16 වන දින ශ්‍රී ලංකාවේ මාතරදී රංජිත් හෙන්රි ඩයස් සහ ඉයුජින් අලහප්පෙරුම යුවළට පවුලේ දෙවන දරුවා ලෙස උපත ලැබීය. ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටී. ඇයගේ පියා රංජිත් විශ්‍රාම යන තුරුම සේවය කළේ චෙකොස්ලෝවැකියා තානාපති කාර්යාලයේය. ගයත්‍රි අධ්‍යාපනය සඳහා පාසල් කීපයකටම ගියාය. මෙතෝදිස්ත විද්‍යාලය, සමුද්‍රදේවි සහ කරුණාරත්න බෞද්ධාලෝක මහා විද්‍යාලය ඉන් කිහිපයකි. ඇගේ මව ඉයුජින් අලහප්පෙරුම 2021 ජුනි 13 වන දින කොවිඩ්-19 හේතුවෙන් මිය ගියාය.

ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය නළු සහ අධ්‍යක්ෂක චන්න පෙරේරා සමඟයි. ඇයට චන්න මුණගැසෙන්නේ මකර විජිතය ටෙලිනාට්‍යයේදීය. ඔවුන් විවාහ වූයේ 1996 සැප්තැම්බර් 26 වැනිදාය. මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සිටී - මල්ෂා පරින්ධ්‍යා සහ දුආෂා ආදිත්‍ය. වැඩිමහල් දියණිය මල්ෂා මියුසියස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. දුආෂා දැනට Royal Institute හි ඉගෙනුම ලබයි.

වෘත්තීය ජීවිතය

වයස අවුරුදු 17 දී අ.පො.ස උසස් පෙළ කරන අතරතුර ටී.එන්.එල් හි පිළිගැනීමේ නිලධාරිනිය ලෙස පත්වීමක් ලැබුවාය. ඇයගේ මංගල ටෙලිනාට්‍ය රංගනයට පිවිසියේ අලුත් අවුරුදු ටෙලිනාට්‍යය වන උදාර ගීතය හරහාය. ඇයගේ මංගල සිනමා අත්දැකීම 2001 දී වී. සිවදාසන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔබ මගේ වැව චිත්‍රපටයේ සහායක චරිතයක් හරහා පැමිණියාය. ඇයගේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස සුවඳ දෙනුන ජීවිතේ, යමරජ සිරි සහ සේයා හැදින්විය හැක.

රංගනයෙන් ඔබ්බට

ඇය 1992 වසරේ ශ්‍රී ලංකා රූ රැජින තරඟයට සහභාගී වූ අතර 'මිස් ෆොටෝජනික්' කිරුළ දිනා ගත්තාය. 1994 දී ඇය මහරාජා කැපිටල් විසින් මෙහෙයවන ලද ‘සිරස රූ රැජින’ බවට පත් වූවාය.

හෙයා ඒෂියා පැසි‍ෆික් 2003 තරඟය අතරතුර, ඩයස් "නේල් ආර්ට්" කාණ්ඩයේ කුසලානය මෙන්ම පළමු අනුශූරතාවයද දිනා ගත්තේය.

මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් 2016 රූ රැජින තරගයට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය. තරඟයේදී ඇය නවීන උඩරට නර්තන අංගයක් සඳහා වූ ‘මිසිස් ටැලන්ට්’ නම් තරගය ජය ගත්තාය. ඇය තරඟයේ පස්වන ස්ථානයට පත්විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 13, 2026

    අමරදේව

  • අප්‍රේල් 09, 2026

    ගුණපාල වික්‍රමරත්න

  • අප්‍රේල් 05, 2026

    බර්ගර් ජනයා

  • අප්‍රේල් 08, 2026

    ප්‍රාග් න්‍යෂ්ටික

  • අප්‍රේල් 03, 2026

    නමුණුකුළ කන්ද

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට