සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගම්පොල රාජධානිය යනු මධ්‍යතනයේ දී කෙටිකාල පරිච්ඡේදයකට ලක්දිව බහිව තිබූ රාජධානියකි. ගංගා ශ්‍රි පුර, ගග සිරි පුර ලෙස ද හදුන්වයි. එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුව

ගම්පොල රාජධානිය

  • මුල් පිටුව
  • ගම්පොල රාජධානිය

ගම්පොල රාජධානිය යනු මධ්‍යතනයේ දී කෙටිකාල පරිච්ඡේදයකට ලක්දිව බහිව තිබූ රාජධානියකි. ගංගා ශ්‍රි පුර, ගග සිරි පුර ලෙස ද හදුන්වයි. එය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර අසල පිහිටි නගරයකි. දහහතරවන සියවසේ මැද භාගයේ වසර හතරක් පාලනය කළ හතරවන බුවනෙකබාහු රජු විසින් එය දිවයිනේ අගනුවර බවට පත් කරන ලදී. හතරවන බුවනේකාබාහු රජු (සිව්වන විජයබාහු රජුගේ පුත්‍රයා) සිය පියාගෙන් පසු සිංහාසනයට නැඟී අගනුවර කුරුණෑගල සිට ගම්පොළ දක්වා මාරු කළේය.

ගම්පොල රාජධානිය

ක්‍රි.ව. 1345–ක්‍රි.ව. 1406
අගනුවරගම්පොල
පොදු භාෂාවන්සිංහල
රජයරාජධානිය
ගම්පොල රජ 
• ක්‍රි.ව. 1345-1359
පස්වන පරාක්‍රමබාහු
• ක්‍රි.ව. 1357-1373
III වන වික්‍රමබාහු
• ක්‍රි.ව. 1373-1406
පස්වන බුවනෙකබාහු
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
ක්‍රි.ව. 1345
• අහෝසි කළේ
ක්‍රි.ව. 1406
අනුප්‍රාප්ති වනුයේ
රයිගම රාජධානිය

ගම්පොල යුගයේ මෙරට කැපී පෙනෙන දේශපාලනික හා ආර්ථික ප්‍රගමනයක් ඇති විය. එමෙන්ම සාහිත්‍යට සිදුවූ සේවාව ද අමතක කල නොහැක. මෙරට ප්‍රථම සංදේශ කාව්‍ය ලියවී ඇත්තේද ගම්පොල යුගයේය. ඉබන් බතූතා නම් සංචාරකයා පැමින තැබූ දේශාටන වාර්තා ඉතිහාසය හැදැරීමට වැදගත් වේ.

ගම්පොල රාජධානිය උප කලාප 5 කට බෙදී තිබූ අතර ඒවා පස් රට ලෙස හැඳින්විනි.

  • ගම්පොල
  • සිදුරුවාන
  • දෙනුවර බලවිට
  • මාතලය පන්සිය පත්තුව
  • ඌව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    බටදොඹ ලෙන

  • අප්‍රේල් 04, 2026

    බල්ගේරියානු භාෂාව

  • මාර්තු 13, 2026

    ගුත්තිල කාව්‍යය

  • මාර්තු 31, 2026

    නියුමෝනියාව

  • මාර්තු 10, 2026

    විහාරමහා දේවිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට