සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගජබා රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තුවකි . 1 වන රජරට රයිෆල්ස් බලඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය 1983 දී ඒකාබද්ධ කරන විට පිහ

ගජබා රෙජිමේන්තුව

  • මුල් පිටුව
  • ගජබා රෙජිමේන්තුව

ගජබා රෙජිමේන්තුව යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තුවකි . 1 වන රජරට රයිෆල්ස් බලඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු බලඇණිය 1983 දී ඒකාබද්ධ කරන විට පිහිටුවන ලදී. එය නිත්‍ය බලඇණි හයකින් සහ ස්වේච්ඡා බලඇණි පහකින් සමන්විත වේ. ප්‍රධාන කාර්යාලය , සාලියපුර හමුදා කදවුර, අනුරාධපුර යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ රණශූරයෙකු වන පළමු වන ගජබාහු රජුගේ නමිනි.

ගජබා රෙජිමේන්තුව
Gajaba Regiment
ඇරඹුනේ1983 ඔක්තෝබර් 14
රටශ්‍රී ලංකාව
අංශයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේනාව/මූලයසාලියපුර හමුදා කදවුර, අනුරාධපුරය
ආදර්ශ පාඨය"සමගිය ශක්තියයි"
Anniversariesඔක්තෝබර් 14
ගැටුම්ශ්‍රී ලංකා‍වේ සිවිල් යුද්ධය
ආඥාපතිවරු
Colonel of
the Regiment
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
සංගන්‍ය
ආඥාපතිවරු
මේජර් ජෙනරාල් විජය විමලරත්න

රෙජිමේන්තුවේ 1 වන බලඇණිය 1983 ඔක්තෝබර් 14 වන දින සාලියාපුර කඳවුරේ ලුතිනන් කර්නල් (පසුව මේජර් ජෙනරාල්) විජය විමලරත්නගේ අණ යටතේ රජරට රයිෆල්ස් සහ විජයබාහු පාබල රෙජිමේන්තුව ඒකාබද්ධ කිරීමත් සමඟ පිහිටුවන ලදී. ගජබා රෙජිමේන්තුවේ නිළ ලාංඡනය පලිහක්, කෙටේරි (සටන අක්ෂ) දෙකක් සහ උඩරට වෙඩි බෙහෙත් මංජුසාවකින් සමන්විත වේ. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය හේතුවෙන් රෙජිමේන්තුව වේගයෙන් ව්‍යාප්ත වූ අතර එම කාලය තුළ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ පිරිස් 3,500 ක් මරුමුවට පත්විය.

2007 ජනවාරි 11 වන දින රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ප්‍රදානය කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. 2008 දී හයිටියේ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමට සහභාගී වීම සඳහා රෙජිමේන්තුවේ භට පිරිසක් ද යවන ලදි.

පටුන

ඒකක

නිත්‍ය

  • [01]- 1 වන ගජබා බලඇණිය
  • [02]- 3 වන ගජබා බලඇණිය
  • [03]- 6 වන ගජබා බලඇණිය
  • [04]- 8 වන ගජබා බලඇණිය
  • [05]- 9 වන ගජබා බලඇණිය
  • [06]- 10 වන ගජබා බලඇණිය
  • [07]- 12 වන ගජබා බලඇණිය
  • [08]- 14 වන ගජබා බලඇණිය
  • [09]- 16 වන ගජබා බලඇණිය
  • [10]- 20 වන ගජබා බලඇණිය
  • [11]- 22 වන ගජබා බලඇණිය
  • [12]- 23 වන ගජබා බලඇණිය
  • [13]- 24 වන ගජබා බලඇණිය

ස්වේච්ඡා

  • [14]- 2 වන (v) ගජබා බලඇණිය
  • [15]- 5 වන (v) ගජබා බලඇණිය
  • [16]- 7 වන (v) ගජබා බලඇණිය
  • [17]- 11 වන (v) ගජබා බලඇණිය
  • [18]- 15 වන (v) ගජබා බලඇණිය
  • [19]- 17 වන (v) ගජබා බලඇණිය
  • ස්තාන

පරම වීර විභූෂන ලාබීන්

  • දෙවන ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක †
  • බලලත් නිලධාරි දෙවන පන්තියේ එච්.බී.පසන් ගුණසේකර †

විශිෂ්ඨ සාමාජිකයන්

  • මේජර් ජෙනරාල් විජය විමලරත්න, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, වීඑස්පී, යූඑස්පී  † - ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ. ආරක්ෂක හමුදා මූලස්ථානයේ යාපනය (SF HQ (J)) සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම හා කීර්තිමත් ජෙනරාල්වරයෙකි.
  • ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආර්ඩබ්පී, ආර්එස්පී - වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපති
  • මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී - ආරක්ෂක අමාත්‍යාංශයේ නිත්‍ය ලේකම් සහ 4වන ඊලාම් යුද්ධයේ 53 වන සේනාංකයේ අණදෙන නිලධාරී
  • මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, WWV, RWP, RSP, USP, එන්ඩීසී - මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාරාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්
  • ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරී සහ 4 වන ඊලාම් යුද්ධයේ 58 වන සේනාංකයේ අණදෙන නිලධාරී
  • මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී - 4 වන ඊලම් යුද්ධයේ 57 වන සේනාංකයේ අණදෙන නිලධාරී
  • මේජර් ජෙනරාල් සීවාලි වනිගසේකර ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී වීඑස්වී, යූඑස්පී, පීඑස්සී
  • කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මඩලන  † - ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැගවුණු වෙඩික්කරු
  • මේජර් ශාන්ත විජේසිංහ  † - කොක්කිලායි ආරක්ෂාව සඳහා අණ දුන් අතර යුද්ධ හමුදාවේ පළමු යුද බිමේ උසස්වීම ලබා ගත්තේය

පූර්වාදර්ශ අනුපිළිවෙල

පූර්වප්‍රාප්තිකයා
Gemunu Watch
Order of Precedence අනුප්‍රාප්තික
Vijayabahu Infantry Regiment

මෙයද බලන්න

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    හෙන්රි ජයසේන

  • මාර්තු 14, 2026

    අභය වැව

  • අප්‍රේල් 03, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී

  • මාර්තු 15, 2026

    එස්‌. මහින්ද හිමි

  • මාර්තු 31, 2026

    බඹරකන්ද ඇල්ල

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට