සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොළඹ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතන

කොළඹ විශ්වවිද්‍යාලය

  • මුල් පිටුව
  • කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ විශ්වවිද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මූලික කරගෙන පිහිටි රාජ්‍ය පර්යේෂණ විශ්වවිද්‍යාලයකි. මෙය ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි දෙවන විශාලතම විශ්වවිද්‍යාලයද වෙයි. කොළඹ විශ්වවිද්‍යාලය ස්වාභාවික විද්‍යා, සමාජ විද්‍යා සහ භෞතික විද්‍යා, රසායන විද්‍යා මෙන්ම ගණිතය, පරිගණක විද්‍යාව සහ නීතිය පිළිබඳවද විශේෂ අධ්‍යාපනය ලබා දෙයි. දකුණු ආසියාවේ හොඳම විශ්වවිද්‍යාල 10න් එකක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය සැලකේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය 1 ස්‌ථානය හිමිකරගෙන තිබේ. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය හිමිකරගෙන ඇත්තේ 2135 ස්‌ථානයයි.

කොළඹ විශ්වවිද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලයය
ආදර්ශ පාඨයසංස්කෘත: [बुद्धिः शर्वत्र भ्रजते] Error: {{Lang}}: text has italic markup (help) (Buddhih Sarvatra Bhrajate)
පිහිටුවන ලද්දේ1921
වර්ගයපොදු
අනුරක්ෂණයරු. 1.461 බිලියන
කුලපතිමුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
උපකුලපතිමහාචාර්ය එච්. ඩී. කරුණාරත්න
ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය240
පරිපාලන කාර්ය මණ්ඩලය1,600
ශිෂ්‍යයන්11,604
උපාධි අපේක්ෂකයා9,100
පශ්චාත් උපාධි අපේක්ෂකයා2,504
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපනාගරික
PublicationUniversity of Colombo Review,
The Ceylon Journal of Medical Science
වර්ණPurple & Yellow         
මලල ක්‍රීඩාමලල ක්‍රීඩා කණ්ඩායම් 29
අනුබද්ධ කිරීමවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,
Association of Commonwealth Universities,
IAU
වෙබ් පිටුවනිල වෙබ්අඩවිය

1921 දී කොළඹ යුනිවර්සිටි කොලීජිය (University College Colombo) නමින් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ විය. උපාධි පිරිනැමීම 1923 සිට සිදු කරන ලද අතර මෙම විශ්වවිද්‍යාලයේ මූලය 1870 බිහිවූ කොළඹ වෛද්‍ය විද්‍යාලය දක්වා දිව යයි. කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යා, නීති, ආර්ථික විද්‍යා, ව්‍යාපාර, සාහිත්‍යය සහ දේශපාලන යන ක්ෂේතයන්හි කැපී පෙනෙන සේවාවන් ඉ‍ටු කළ ආදි විද්‍යාර්ථීන් ‍රැසක් ලොවට දායාද කර තිබේ.

පටුන

‍දළ විශ්ලේෂණය

මෙය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන අතර අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම පාහේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (University Grants Commission (UGC)) හරහා රජයෙන් ලබාදෙනු ලබයි. එම නිසා උප කුලපති ධූරය සහ සියළු පරිපාලන ධූරයන් ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් පත් කරනු ලබයි. "බුද්ධිය සැමතැන බැබළේ" යන තේරුම සහිත "බුද්ධි සර්වත්‍ර භ්‍රජතේ" යන සංස්කෘත වදන විශ්වවිද්‍යලයීය ආදර්ශ පාඨය වේ.

අධ්‍යයනාංශ 41 කින් සමන්විත වන පීඨ 10ක් ද වෙනත් අනුබද්ධ ආයතන 8 කින්ද හා 11,000 පමණ ශිෂ්‍ය ප්‍රජාවකගෙන්ද මෙම සරසවිය සමන්විත වෙයි. බොහොමයක් පීඨ අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලා පිරිනමන අතර ඉන් සමහරක් බාහිර සිසුන් සඳහා පාඨමාලා සහ දුරස්ථ අධ්‍යයන වැඩසටහන්ද පිරිනමයි.

පිහිටීම

කොළඹ නගර මධ්‍යයයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ අක්කර 50ක ප්‍රදේශයක් පුරා මෙම සරසවිය පිහිටා තිබේ. එහි පරිපාලන මූලස්ථානය සනාතන මන්දිරය (College House) ලෙස හඳුන්වන අතර එය උපකුලපති වරයාගේ කාර්යාලයද වේ. මෙම ගොඩනැගිල්ල කොළඹ නගර නිර්මාණයේ සංධිස්ථානයක් ලෙස සලකනු ලැබේ.

සනාතන මන්දිරය, උපාධි අධ්‍යයන පීඨය සහ ජීවරසායනය, අණුක ජීවවිද්‍යාව හා ජීවතාක්ෂණ ආයතන කුමාරතුංග මුනිදාස මාවතේ (‍රැජින මාවත හා ඉන්දීය තානාපති කාර්යාලය අතර) පිහිටා ඇති අතර, රීඩ් මාවත හා තර්ස්ටන් මාවත අතර විද්‍යා පීඨය, නව කලාගාරය, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) සහ සරසවි ක්‍රීඩා පිට්ටනිය පිහිටා ඇත. රීඩ් මාවතෙන් අනෙක් පස කොළඹ සරසවි පුස්තකාල ගොඩනැගිල්ල, ශාස්ත්‍ර පීඨය, අධ්‍යාපන පීඨය, නීති පීඨය, ක්‍රීඩාගාරය සහ කළමනාකරණ හා මූල්‍ය පීඨය පිහිටා තිබේ.

මෙම ප්‍රධාන භූමියට අමතරව කොළඹ මහරෝහලට ආසන්නයේ කින්සි පාරේ වෛද්‍ය පීඨයද, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය නොරිස් කැනල් මාවතේ ද, දේශීය වෛද්‍ය ආයතනය නාවල නගරයේද, හම්බන්තොට කෘෂි තාක්ෂණ ආයතනය සහ හොරණ පිහිටි ශ්‍රී පාලී මණ්ඩපය ද කොළඹ විශ්වවිද්‍යාලයට අයත් වේ.

අධ්‍යයන කටයුතු

විශ්ව විද්‍යාලයය පීඨ 7කින්ද වෙනත් ආයතන 8කින්ද දෙපාර්තමේන්තු 41කින්ද සිසුන් 11,000කින්ද සමන්විත වේ. බොහෝ පීඨ විසින් උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි. එමෙන්ම අමතර බාහිර පාඨමාලා දුරස්ථ හා බාහිර සිසුන් සඳහා පවත්වනු ලබයි.

උපාධි අපේක්‍ෂකයන් 9100ක් 2009 වසරේ සිට ඇති අතර එම වසර වන විට වාර්ෂික ඇතුලත් කර ගැනීම 2315ක් විය. උපාධිධරයින් සංඛ්‍යාව එම වසර වන විට 2504ක් වූ අතර එය රටේ ඉහළම අගය විය. එමෙන්ම විහ්ව විද්‍යාලයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට ඉගෙනුම ලබන බාහිර සිසුන් සංඛ්‍යාවද සැලකිය යුතු අගයක් ගනී. උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා වලින් වැඩිමනක් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරනු ලබයි.

අධ්‍යයනාංශ

මණ්ඩප

  • ශ්‍රී පාලි මණ්ඩපය

පීඨ

කොළඹ සරසවියේ පීඨ සහ ආයතන වල ආරම්භක වර්ෂ
පීඨය ආරම්භක වර්ෂය

වෛද්‍ය පීඨය 1870
විද්‍යා පීඨය 1942
නීති පීඨය 1947
අධ්‍යාපන පීඨය 1949
ශාස්ත්‍ර පීඨය 1963
කළමනාකරණ හා මූල්‍ය පීඨය 1979
උපාධි අධ්‍යයන පීඨය 1987
ශ්‍රී පාලී මණ්ඩපය 1996
පරිගණක අධ්‍යයනායතනය 2002
  • තාක්ෂණ පීඨය
  • උපාධි අධ්‍යයන පීඨය
  • කළමණාකරණ හා මූල්‍ය පීඨය
  • නීති පීඨය
  • විද්‍යා පීඨය
  • වෛද්‍ය පීඨය
  • ශාස්ත්‍ර පීඨය
  • අධ්‍යාපන පීඨය

ආයතන

  • කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය
  • කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
  • කෘෂි තාක්‍ෂණ හා පාරම්පරික විද්‍යා ආයතනය
  • ජීවරසායන , අණුක ජීව විද්‍යා හා ජීව තාක්‍ෂණ ආයතනය
  • දේශීය වෛද්‍ය ආයතනය
  • වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය
  • පුස්තකාල හා තොරතුරු විද්‍යාව සඳහා ජාතික ආයතනය
  • මානව සම්පත් අභිවර්ධන ආයතනය

පරිපාලනය

 
විද්‍යාල මන්දිරය(රැජිණ වලව්ව), කොළඹ විශ්ව විද්‍යාලයීය පරිපාලන මූලස්ථානය

පරිපාලන මූලස්ථානය කොලේජ් හවුස් (College House) නමින් හැඳින්වේ. කොළඹ විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලයයක් වන අතර ප්‍රතිපාදන කොමිසම මෙය පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ආධාර දෙනු ලබයි. එම නිසා මෙහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිලේ වේ. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පණත මඟින් හා සංශෝදිත 1985 අංක 7 දරණ මඟින් නීතිමය ප්‍රතිපාදන සපයයි.

විශ්ව විද්‍යාල පරිපාලනය අංශ දෙකකින් සමන්විත වන අතර කවුන්සිලය (council) සහ අධ්‍යයන සෙනේටය (Academic Senate) නමින් ඒවා හඳුන්වයි. මෙම බෙදීම පැරණි ලංකා විශ්ව විද්‍යාලයය සමයේ තිබුණු පරිපාලන ව්‍යුහය පාදක කොට ගත්තකි.

බොහෝ නිලධාරී පත් කිරීම් සිදුකරන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ රෙකමදාරුව මත මෙම අංශයෙනි.

කුලපති

විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන අතර සියලුම උපාධීන් පිරිනමනු ලබන්නේ කුලපති විසිනි. නමුත් කුලපති සතු වැඩකටයුතු වලින් වැඩිමනක් කෙරෙන්නේ උප කුලපති අතිනි. කුලපති තනතුරට පත් කිරීම් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් වන අතර බොහෝ විට අධ්‍යයන කටයුතු වල හෝ ආගමික හෝ සිවිල් සංවිධානයක සම්භාවනීය පුද්ගයෙකුට මෙම තනතුර පිරිනමනු ලබයි. මේ වන විට ගරු ආචාර්ය ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන් විසින් මෙම තනතුර හොබවනු ලබයි.

උප කුලපති

විහ්ව විද්‍යාලයේ එදිනෙදා වැඩකටයුතු කළමණාකරණය සිදු වන්නේ උප කුලපති විසිනි. මෙම තනතුරද ශ්‍රී ලංකා ජනාධිපති විසින් පත් කරනු ලබයි. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක වත්මන් උප කුලපති වේ.

මණ්ඩපාධිපති (Rector)

මණ්ඩපාධිපති (Rector) යන තනතුරේ කාර්යභාරය මණ්ඩපයක කළමණාකරන කටයුතු සිදුකිරීම වන අතර කොළඹ විශ්වවිද්‍යාලය සතුව ඇත්තේ එක් මණ්ඩපයක් වන නිසා ශ්‍රී පාලි මණ්ඩපයේ කළමණාකරන කටයුතු සිදුකිරීමට මණ්ඩාධිපතිවරයෙකු පත් කර ඇත. උපකුලපති විසින් පත්කරන මේ තනතුර මේ වන විට හොබවන්නේ ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතායි.

විශ්ව විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් පුද්ගලයන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති වරයෙක් හා අගමැති වරයෙක් අතුළුව ගිනිය නොහැකි සංඛ්‍යාවක් වූ අධ්‍යයන, ක්‍රීඩක හා කලාකරුවන් පිරිසක් විශ්ව විද්‍යාලයය තුළින් බිහිව ඇත. වෛද්‍ය විද්‍යාලයය හා යුනිවර්සිටි කොලීජිය පිහිටු වීමෙන් අනතුරුව කොළඹ නගරාශ්‍රිත ජනයාට පමණක් නොව රටේ සියලුම පළාත් වල ජනයාට උසස් අධ්‍යාපන වරම් ලබාදුන් දැනුම් කේන්‍ද්‍රයක් වශයෙන් මෙම විශ්ව විද්‍යාලයය හඳුන්වා දිය හැක.

ආදි විද්‍යාර්ථින් සැලකූ විට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලුව නිශ්ශංක විජයරත්න, අනිල් මුණසිංහ, රොනී ද මැල්, එන් එම් පෙරේරා මහතා වැනි දේශපාලකයින්ද, ලංකාවේ ප්‍රථම කාදිනල් ධුරය හෙබවූ කාදිනල් තෝමස් කුරේ වැනි ආගමික නායකයින්ද, එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා සමුළුවේ සභාපති ෂර්ලි අමරසිංහ, UNCTAD හි ‍ගරු ලේකම් ගාමණී කොරයා, අන්තර්ජාතික අධිකරණයේ විනිසුරු ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී වැනි විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද, ප්‍රථම ලාංකික උප කුලපති වූ සර් නිකලස් ආටිගල, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ නිර්මාතෘ විද්‍යාජෝති මහාචාර්ය වී.කේ. සමරනායක ශූරීන් වැනි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උගතුන්ද, ශ්‍රී ලංකාවේ ප්‍රථම ලුතිනන් ජෙනරාල් ධූරය හෙබවූ දේශමාන්‍ය ජෙනරල් සේපාල ආටිගල, ප්‍රථම ලාංකික යුධ හමුදාපති වූ මේජර් ජෙනරාල් ඇන්ටන් මුතුකුමරු යන මහතුන්ද, කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක) ජෙහාන් මුබාරක් වැනි කීර්තිමත් ක්‍රීඩකයින්ද කොළඹ විශ්ව විද්‍යාලය තුළින් ලොවට දායාද කර ඇත.

හිටපු කුලපතිවරු සහ උපකුලපතිවරු

කුලපතිවරු

  • ලංකා විශ්වවිද්‍යාලය
    • ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් (1942–44)
    • ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර් (1944–49)
    • හර්වල්ඩ් රම්ස්බෝතම් (සෝල්බරි සාමි) (1949–54)
    • ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක (1954–62)
    • විලියම් ගොපල්ලව (1962–72)
  • ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය
    • විලියම් ගොපල්ලව (1972–78)
  • කොළඹ විශ්වවිද්‍යාලය
    • ජේ.ආර්. ජයවර්ධන (1978–1981)
    • වෛද්‍ය පී.ආර්. අන්තෝනිස් (1981–2002)
    • අතිගරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා (2002 - 2021)
    • අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සෙ

සභාපතිවරු

  • කොළඹ මණ්ඩපය (1972–1977)
    • මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න
    • මහාචාර්ය එම්.බී ආරියපාල
    • මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන
    • මහාචාර්ය හිරාන් ඩයස්

උපකුලපතිවරු

  • යුනිවර්සිටි කොලීජිය, කොළඹ
    • රොබට් මාස් (1922–1939)
    • මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනින්ස් (1940–1942)
  • ලංකා විශ්වවිද්‍යාලය
    • මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනින්ස්(1942–1954)
    • මහාචාර්ය ශ්‍රීමත් නිකලස් ආටිගල (1954–1967)
    • මහාචාර්ය ඕ.එච්. ද. ඒ. විජේසේකර (1967)
  • ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ
    • වෝල්වින් ඒ. ද සිල්වා (1968–1969)
    • මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම (1969–1972)
  • ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය
    • මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම (1972–1974)
    • ආචාර්ය එල්.එච්. සුමනදාස (1974)
    • මහාචාර්ය පී.පී.ජී.එල්. සිරිවර්ධන (1974–1978)
  • කොළඹ විශ්වවිද්‍යාලය
    • මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර(1978–1988)
    • මහාචාර්ය ජී.එල්. පීරිස් (1988–1994)
    • මහාචාර්ය නන්දදාස කෝදාගොඩ (1994)
    • මහාචර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් (1994–1999)
    • මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර (1999–2002)
    • මහාචාර්ය ටී. හෙට්ටිආරච්චි (2002–2007)
    • මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම (2007- 2013)
    • ආචාර්ය කුමාර හිරිඹුරේගම (2013 -2015)

මේ අඩවියත් බලන්න

  • University of Colombo
  • கொழும்புப் பல்கலைக்கழகம்
  • ශ්‍රී පාලි මණ්ඩපය

අඩවියෙන් බැහැර පිටු

  • කොළඹ විශ්වවිද්‍යාලය
  • විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය[permanent dead link]
  • කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය සංරක්ෂණය කළ පිටපත 2022-08-19 at the Wayback Machine
  • කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය
  • ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 සංරක්ෂණය කළ පිටපත 2014-09-01 at the Wayback Machine
  • "ලංකා යුනිවර්සිටි නිව්ස්” වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-09-01 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    තාරකා විද්‍යාව

  • අප්‍රේල් 05, 2026

    සෙනරත් රජු

  • මාර්තු 23, 2026

    ලෝක ජනගහනය

  • අප්‍රේල් 03, 2026

    ඩෙවෝන් ඇල්ල

  • අප්‍රේල් 05, 2026

    උතුරු අයර්ලන්තය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට