සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්‍රිකට් යනු, ක්‍රීඩකයන් 11 දෙනකු ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 ක් විසින් පිටියේ කෙරෙන ක්‍රීඩාවකි. තව ද සිංහලයෙන් මෙයට කඩුලු පන්දු නම් යෙදුමෙකි. මෙය මහත්මාවරුන්ගේ ක

ක්‍රිකට්

  • මුල් පිටුව
  • ක්‍රිකට්

ක්‍රිකට් යනු, ක්‍රීඩකයන් 11 දෙනකු ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 ක් විසින් පිටියේ කෙරෙන ක්‍රීඩාවකි. තව ද සිංහලයෙන් මෙයට කඩුලු පන්දු නම් යෙදුමෙකි. මෙය මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙස ද හැඳින්වෙයි. මෙය ලොව දෙ වන ජනප්‍රියතම ක්‍රීඩාව යි.[තහවුරු කර නොමැත] ජාත්‍යන්තර පිටියක මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇති අතර පිටියේ අරය අවමය මීටර් 54ක් වේ. ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ හා ටෙස්ට් තරඟ වශයෙනි. ඊට අමතරව වර්තමානයේ T10,the Hundred,T5 වැනි තරඟ ද ක්‍රීඩා කෙරෙයි. සෑම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවෙයි. එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම පන්දු යැවීම හා ප්‍රතිවාදී පිල ලකුණු රැස් කිරීම නැවැත්වීමට පන්දු රැකීම කරයි. මෙම එක් අවස්ථාවක් ඉනිමක් ලෙස හැඳින්වෙයි. ටෙස්ට් තරඟයක දී පමණක් කණ්ඩායමට ඉනිම් 2ක් හිමි වේ. තරගය පවත්වාගෙන යාමේ දී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා (Bowler) ලෙස හැඳින්වෙන අතර හේ පිතිකරුවා (Batsman) වෙත තණතීරුව දිගේ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලබයි. එ විට පන්දුව සීමාව පසුකර හෝ ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්ථාව සැලසේ. පිතිකරුවා දැවී යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඩායමේ පිතිකරුවන් දස දෙනකු දැවී ගිය විට එම කණ්ඩායමේ ඉනිම නිමෙයි. ඉන් පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත (පිතිකරණය, පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහණය ලබා ගනී.

ක්‍රිකට්
ඉන්දියාවේ ඊඩන් ගාඩන්ස් හී දී විදුලි එළිය මැද පැවැත්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල 2016 විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය අතරතුර
උසස්ම පාලන මණ්ඩලයජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
පළමුව ක්‍රීඩා කලේ16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝඑක් පිලකට ක්‍රීඩකයින් 11දෙනෙකු බැගින් (ඇතැම් අවස්ථාවල ආදේශ ක්‍රීඩකයින් සඳහා අවසර ලැබේ.)
මිශ්‍ර ලිංගකාන්තා හා පිරිමි වෙනම තරඟ.
උපකරණක්‍රිකට් පන්දුව, ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් කඩුල්ල (ක්‍රිකට් ඉනි, බේල්ස්), Various protective equipment
ස්ථානයක්‍රිකට් පිටිය
පද මාලාවGlossary of cricket terms
පැවතීම
රට හෝ ප්‍රදේශයCommonwealth and British territories
ඔලිම්පික්(1900 ගිම්හාන ඔලිම්පික් පමණි.)
දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට පන්දු යවන අයුරු
සටහන: වම් පස කඩුලු රකින්නා. එංගලන්තය හා නවසීලන්තය අතර තරගයක්.

වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතු යි. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි.

ක්‍රිකට් මුලින් ම ක්‍රීඩා කර තිබෙනුයේ ගිනිකොන දිග එංගලන්තයේ 16වන සියවසෙ දී ය. 1 8වන සියවස අවසාන භාගයෙ දී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුණු විය. ඉංග්‍රීසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රීඩාව පිට රටවලට පැතිරීමට හේතු වූ අතර 19 වන සියවස මැද භාගය වන විට මුල් ම ජාත්‍යන්තර තරග පැවැත්විණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC) තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙනකු ගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව , ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව යන රටවල යි.

පටුන

ඉතිහාසය

දැනට දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ඇරැඹෙන්නේ දහසය වන සියවසේ අග භාගයේ දී ය. ගිනිකොන දිග එංගලන්තයේ දී ඇරැඹි එය 18 වන සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්ව 19 වන සියවස වන විට වර්ධනය වී ලෝකය පුරා පැතිරිණි. අන්තරජාතික ක්‍රීඩා තරග ඇරැඹී ඇත්තේ 1844 වර්ෂයේ වන අතර ටෙස්ට් ක්‍රිකට් ඇරැඹී ඇත්තේ 1877 වග ඒ පිලිබඳ අතීතාවලෝකනය කිරීමේ දී පෙනී යයි. ජනප්‍රියත්වය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණි.

ලෝක ක්‍රිකට් ක්‍රීඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පාලනය වන අතර එහි සාමාජික රටවල් සියයක් පමණ සිටිය ද ටෙස්ට් වරම් ලබා ඇත්තේ රටවල් 12ක් පමණකි. එම රටවල් ලෙස එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්,ඉන්දියාව,නවසීලන්තය,පාකිස්තානය,ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය පෙන්වා දිය හැකිය. ක්‍රිකට් කොතනින් කවදා ඇරැඹිණි දැ යි නිශ්චිතවම කිව නොහැකිය. මේ පිළිබඳ විශේෂඥයින් පොදුවේ පිළිගන්නා මතය වන්නේ සැක්සන්වරුන් ගේ හෝ නොර්මන්වරුන් ගේ කාලයේ එංගලන්තයේ ගිනිකොන දිග ප්‍රදේශයේ කෙන්ට් හා සසෙක්ස් අතර පිහිටි ‘වීල්ඩ්’ (weald) නම් ප්‍රදේශයේ වන ලඳු වල ක්‍රීඩා කළ ළමයින් විසින් මෙය ඇරැඹී ඇති බවකි. ක්‍රිකට් ගැන ලිඛිත සටහනක් මුලින්ම හමුවන්නේ 1597 ජනවාරි 17 තරම් අතීතයකය. ජෝන් ඩෙරික් නමැති පනස් නම වන වියේ පසුවූ අයකු ඊට අවුරුදු පනහකට පෙර පාසලේ දී තමා ළමයින් හා එක්ව ක්‍රිකට් ක්‍රීඩා කළ වගට විස්තරයක් කියා ඇත.

පරම්පරා ගණනක් යන තුරු ක්‍රිකට් ක්‍රීඩාව නොනැසී පවත ඇත්තේ ළමයින් ගේ ක්‍රීඩාවක් ලෙස යි. වැඩිහිටියන් එම ක්‍රීඩාවේ නියැලෙන්නට පටන් ගත්තේ 17 වන සියවසේ මුල් කාලය පටන් ය. මුල් කාලයේ බෝල සෙල්ලමක් ලෙස ඇරැඹී ඇති ඊට පිත්ත (bat) එකතු වී ඇත්තේ පසුවය. එල්ලයට යන බෝලය වෙනතක හරවා පහර දීම පිණිස මුලින්ම bat එක උපයෝගී කරගෙන ඇති බව පෙනී යයි. පිතිකරුවා බිහිවී ඇත්තේ එම කාර්ය නිසා ය. මුලින්ම පන්දුව ලෙස පරිහරණයට ගෙන ඇත්තේ ගලක් හෝ බැටළු වූල් ගුලියකි. කොටුවක් හෝ ගොවිපල වැඩට ගත් උපකරණයක් මුලින්ම පිත්ත ලෙස පරිහරණයට ගන්නට ඇතැ යි සැලකේ. මෙම ක්‍රීඩාව ලඳු අතර ඇති බැටළුවනට තණ කැවූ පිට්ටනි වල ක්‍රීඩා කරන්නට ඇතැ යි සැලකේ. ගේට්ටුවක්, කුඩා බංකුවක් හෝ ගසක් විකට්ටුව ලෙස ගන්නට ඇත.

 
ජැක් හොබ්ස් සහ සුට්‌ක්ලිෆ් 1928 දී බ්‍රිස්බේන්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරණයට පැමිණෙන අයුරු.

නීති රීති

 
තණතිල්ල සහ සීමා
 
1
2
3
4
5
6
7
7
8
9
10
11
12
12
1
Umpire
2
Wicket
3
Non-striking batter
4
Bowler
5
Ball
6
Pitch
7
Popping crease
8
Striking batter
9
Wicket
10
Wicket-keeper
11
First slip
12
Return crease

අමතර අවධානයට

  •  Sports ද්වාරය
  • Glossary of cricket terms
  • Willow and Stumpy

ආශ්‍රිත ක්‍රීඩා

  • Street cricket
    • Bete-ombro – Brazilian version
    • Plaquita – Dominican version
  • Baseball
    • Comparison of baseball and cricket
  • Stoolball

පාද සටහන්

උපහරණ

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 26, 2026

    වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

  • අප්‍රේල් 03, 2026

    පරමාණුක න්‍යෂ්ටිය

  • මාර්තු 27, 2026

    ආදරය

  • අප්‍රේල් 03, 2026

    Test cricket

  • මාර්තු 31, 2026

    තිරසාර සංවර්ධනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට