සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචක

එදිරිවීර සරච්චන්ද්‍ර

  • මුල් පිටුව
  • එදිරිවීර සරච්චන්ද්‍ර

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවර‍යා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, බෞද්ධ ජාතක කතා හෝ සිංහල ජනශ්‍රැත මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
Sri Lankan Ambassador to France
තනතුර දරමින්
1974–1977
පුද්ගලික තොරතුරු
උපත3 ජුනි 1914(1914-06-03)
ගාල්ල
විපත16 අගෝස්තු 1996(1996-08-16) (වයස 82)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
කලත්‍රයා(s)Ailean (Beleth) Sarachchandra, ලලිතා (ස්වර්ණා පෙරේරා) සරච්චන්ද්‍ර
ළමයිනන්දිතා සරච්චන්ද්‍ර, සුනේත්‍ර සරච්චන්ද්‍ර, කිසාගෝතමී සරච්චන්ද්‍ර, යශෝධරා සරච්චන්ද්‍ර, රන්සි සරච්චන්ද්‍ර
අධ්‍යාපනයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
ශාන්ත ජෝන් විද්‍යලය, පානදුර
ශාන්ත තෝමස් විද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්වවිද්‍යාලය , ලන්ඩනය
සම්මානHonorary D. Litt. from the University of Jaffna, Honorary D. Litt. from the University of Peradeniya in addition to the Professor Emeritus
වෙබ් අඩවියsarachchandra.org

පටුන

මුල් කාලීන අධ්‍යාපනය

එදිරිවීර සරච්චන්ද්‍ර 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහුවැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය ‍කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය

සරච්චන්ද්රයන්ගේ නාට්‍ය(sarathchandra's drama)

සරච්චන්ද්‍ර 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ‍ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය.

ත්‍යාග සහ ගරු බුහුමන්

1982 වර්ෂයේ දී යාපනය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සරච්චන්ද්‍රට සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් ඔහුට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් ඔහුට කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය ප්‍රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා රාමන් මැග්සේසේ ත්‍යාගය දිනා ගත්තේය.

වේදිකා නාට්‍ය

ප්‍රධාන ලිපිය: එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය

ගුවන්විදුලි ‍ නාට්‍යය

  • මුදලාලිගේ පෙරළිය 1943
  • කපුවා කපෝති 1945
  • හැංගි හොරා 1949
  • බහින කලාව 1951
  • වලහා, මඟුල් ප්‍රස්තාව සහ මැනේජර් 1951
  • පබාවතී 1952
  • වෙද හටන 1953
  • රත්තරන් ගුවන් විදුලි නාටකය 1954
  • මනමේ 1956
  • කදා වළලු 1958
  • එලොව ගිහින් මෙලොව ආවා 1959
  • හස්ති කාන්ත මන්තරේ - 1960
  • වෙල්ල වැහුම් - 1960
  • ඒකට මට හිනා හිනා - 1961
  • සිංහබාහු - 1961
  • පේමතෝ ජායතී සෝ කෝ - 1969

නවකතා

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

කෙටි කතා

  • කාලයාගේ ඇවෑමෙන් (1969)
  • මායං රූපය (1974)
  • රූප සුන්දරී (1984)
  • මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993)
  • රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970)
  • මිතුරෙකුගේ මරණය (1981)

ගවේෂණ, සාහිත්‍යය

  • සාහිත්‍ය විද්‍යාව (1949)
  • සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951)
  • කල්පනා ‍ලෝකය (1958)
  • නාට්‍ය ගවේෂණ (1967)
  • සිංහල ගැමි නාටකය (1968)
  • වෙස් මුහුණ ද සැබෑ මුහුණ ද? (1971)
  • නූතන සිංහල ප්‍රබන්ධ (1943)
  • සිංහල නවකතාව (1950)
  • ශ්‍රී ලංකාවේ ගැමි නාට්‍ය (1952)
  • සංජානනය පිළිබඳ බෞද්ධ මනෝ විද්‍යාව (1958)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ඩෙවෝන් ඇල්ල

  • මාර්තු 11, 2026

    මහින්ද රාජපක්ෂ

  • මාර්තු 12, 2026

    සිංහල වෙදකම

  • මාර්තු 16, 2026

    අධ්‍යාපනය

  • මාර්තු 29, 2026

    දේශගුණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට