සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉන්දියානු පාර්ලිමේන්තුව (හින්දි: भारतीय संसद (භාරතීය සංසද්)) යනු, ඉන්දියාවේ උත්තරීතර ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. පාර්ලිමේන්තුව සමන්විත වන්නේ ඉන්දියාවේ ජනාධිපතිවර

ඉන්දියානු පාර්ලිමේන්තුව

  • මුල් පිටුව
  • ඉන්දියානු පාර්ලිමේන්තුව

ඉන්දියානු පාර්ලිමේන්තුව (හින්දි: भारतीय संसद (භාරතීය සංසද්)) යනු, ඉන්දියාවේ උත්තරීතර ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. පාර්ලිමේන්තුව සමන්විත වන්නේ ඉන්දියාවේ ජනාධිපතිවරයා සහ මන්ත්‍රී මණ්ඩල දෙක — ලෝක් සභා (ජනතා මන්ත්‍රී මණ්ඩලය) සහ රාජ්‍ය සභා (රාජ්‍යයන්ගේ මන්ත්‍රණ සභාව) — වෙතින් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙනෙක් කුමන එකක් හෝ නැඳවීමට හෝ වාරාවසාන කිරීමට හෝ නැතහොත් ලෝක් සභාව විසුරුවා හැරීමට හෝ බලය ජනාධිපතිවරයා සතු වෙයි.

ඉන්දියාවේ රජය ද්විමණ්ඩල වන අතර; උත්තර මන්ත්‍රී මණ්ඩලය වන්නේ රාජ්‍ය සභා සහ පහළ මන්ත්‍රී මණ්ඩලය වන්නේ ලෝක් සභාව වෙයි. නවදිල්ලියේ සංසද් භවන් ( සංසද් මාර්ග් හෝ "පාර්ලිමේන්තු වීදියෙහි" පිහිටි) හී වෙන් වෙන් සභා ගර්භ දෙකක් තුල, මෙම මන්ත්‍රී මණ්ඩල දෙක රැස් වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකෙන් කුමන එකට හෝ තේරී පත්වූ හෝ (ජනාධිපතිවරයා විසින්) නම් කරනු ලැබූ හෝ අයවළුන් හැඳින්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙසින් හෝ පාම වරුන් ලෙසිනි. ලෝක් සභාවේ පාම වරුන්, ඉන්දියානු මහජනතාව විසින් සෘජු ලෙසින් තෝරා පත් කරගනු ලබන අතර රාජ්‍ය සභා හී පාම වරුන්, ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකයන් විසින්, සමානුපාතික නියෝජනය අනුව තෝරා පත්කර ගැනෙති. පාම වරුන් 790 වෙතින් පාර්ලිමේන්තුව සමන්විත වන අතර, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දදායක කොට්ඨාශය සඳහා සේවය කරති; 2014 මහා මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට, ඉන්දියානුවෝ 814.5 මිලියන සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියහ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 20, 2026

    කුමාර ධර්මසේන

  • මාර්තු 10, 2026

    පණ්ඩුකාභය රජ

  • ජූනි 10, 2026

    ඩෙබී රෝව්

  • අප්‍රේල් 05, 2026

    පදාර්ථයේ අවස්ථා

  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට