සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ආනන්ද වික්‍රමගේ, (උපත 1953 අගෝස්තු 4), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. වික්‍රමගේ වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ “මර්වින්” චරිතය, “

ආනන්ද වික්‍රමගේ

  • මුල් පිටුව
  • ආනන්ද වික්‍රමගේ

ආනන්ද වික්‍රමගේ, (උපත 1953 අගෝස්තු 4), ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. වික්‍රමගේ වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ “මර්වින්” චරිතය, “පටලවිල්ල” ටෙලි නාට්‍යයේ ද්විත්ව රංගනය, “ඇන්ඩ් සමාගම” දේශපාලන කතා මාලාවේ සභාපති සහ "නයිනගේ සුදුව" වේදිකා නාට්‍යයේ “කොතලාවල” ලෙසය. .

ආනන්ද වික්‍රමගේ
Ananda Wickramage
උපතඅගෝස්තු 4, 1953 (1953-08-04) (වයස 72)
ශ්‍රී ලංකාව
වෘත්තියsනළුවෙක්, විකට නළුවෙක්
සක්‍රීය වසර1977–වර්තමාන
Spouseමානෙල් වානගුරු (m. 1984)
දරුවන්2

පටුන

පෞද්ගලික ජීවිතය

වික්‍රමගේ විවාහ වී සිටින්නේ මානෙල් වානගුරු නම් ප්‍රතිභාපූර්ණ නිළිය සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.

වෘත්තීය ජීවිතය

ආනන්ද වික්‍රමගේ රූපවාහිනී කතාමාලා 100කට අධික ප්‍රමාණයක රඟපා ඇත. "පාටලවිල්ල" සහ "පබා" වැනි කතා මාලා වල ඔහුගේ භූමිකාව ඉතා ජනප්‍රිය විය. ඔහු "මැණික් මාලිගා" සහ හද පුදසුන රූපවාහිනී කතාමාලා අධ්‍යක්ෂණය කළේය.

වික්‍රමගේ සිය සිනමා දිවිය ආරම්භ කළේ 1977 දී "සුදු පරවියෝ" චිත්‍රපටයෙන් සුළු චරිතයකිනි. ඔහු බොහෝ ප්‍රභේද හරහා චිත්‍රපට 50 කට වඩා රඟපා ඇතත්, ඔහුගේ බොහෝ චරිත සහාය චරිත වේ. ඔහුගේ ජනප්‍රියම සිනමා රංගනය වූයේ "ජීවිතේ ලස්සනයි", "ක්ලීන් අවුට්" සහ "පාර්ලිමන්ට් ජෝක්ස්" චිත්‍රපටවල හාස්‍යජනක චරිත හරහාය.

චිත්‍රපට

වසර චිත්‍රපටිය
1979 චූඩා මාණික්‍යය
1979 නුවන් රේණූ
1979 විසිහතර පැය
1980 ජෝඩු වලලු
1983 සුබෝධා
1990 ජයශක්‍ති
1990 සම්බුදු මහිම
1990 ක්‍රිස්තු චරිතය
1993 මැවිලා පෙනේවි රූපේ
1995 ඉරහඳ ඉල්ලා
1995 චන්ඩියගෙ පුතා
1995 චාන්දනී
1995 සුදු වලස්සු
1997 අපායේ තත්පර අසූහාර දාහක්
1997 යසෝමා
2001 ජැක් ඇන්ඩ් ජිල්
2001 ජොලි හලෝ
2002 ජොලි හලෝ 2
2002 චෙරියෝ හොල්මන්
2004 සමාවෙන්න මා රත්තරනේ
2004 ක්ලීන් අවුට්
2004 රෑ දනියෙල් දවල් මිගෙල් 3
2006 අලිපැටියෝ ඔයයි මමයි
2008 වැඩබැරි ටාර්සන් මැතිසබයට
2010 අපේ යාළු පුංචි භූතයා
2011 තැන්ක්‍ යූ බර්ටී
2011 ස්වීට් ඒන්ජල්
2011 පුතා මගේ සූරයා
2015 සිංහයා
2011 පාර්ලිමන්ට් ජෝක්ස්
2021 කබඩි'

ටෙලිනාට්‍යය

  • අමරපුරය
  • ඉතින් ඊට පස්සේ
  • චංචල රේඛා
  • තාරාදේවී
  • තෝඩු
  • නිල්දිය රළ
  • පබා
  • බොඳ මීදුම්
  • වැස්ස නුඹ වගේ
  • සඳ නොදුටු සඳ
  • සඳ සඳ වගේ
  • සිහිනයකි ජීවිතේ
  • සූරියභානූ
  • සේපාලිකා
  • අත්භූත ලාම්පුව

මේවාද බලන්න

  • ආනන්ද වික්‍රමගේ සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    අත්ලාන්තික් සාගරය

  • අප්‍රේල් 05, 2026

    මෛත්‍රීපාල සිරිසේන

  • අප්‍රේල් 08, 2026

    ඩෙන්මාර්කයේ ඇලෙක්සැන්ඩ්‍රා

  • අප්‍රේල් 09, 2026

    සූර්ය දවස

  • අප්‍රේල් 07, 2026

    වනවාසී පාර්ශවය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට