සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අධෝරක්ත (IR) ආලෝකය යනු,  මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආය

අධෝරක්ත විකිරණය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
මධ්‍ය-අධෝරක්ත ("තාපජ") ආලෝකය භාවිතයෙන් ගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ ව්‍යාජ වර්ණ ප්‍රතිබිම්බයක්.
මෙම අධෝරක්ත අභ්‍යාවකාශ දුරේක්ෂ ප්‍රතිබිම්බයෙහි, රතු, කොළ සහ නිල් දැක්වෙන්නේ, පිළිවෙලින්, මයික්‍රෝන 3.4, 4.6, සහ12 තරංගආයාමයන්ට අනුරූපණය වන පරිදී වෙයි.

අධෝරක්ත (IR) ආලෝකය යනු,  මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.

මෙම අදෘශ්‍යමාන විකිරණය නිරපේක්ෂ ශුන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති සියලුම වස්තූන් විසින් විමෝචනය කරනු ලබන අතර තාප ප්‍රතිබිම්භකරණය, රාත්‍රී දර්ශන කණ්නාඩි, ෆයිබර් ඔප්ටික් සන්නිවේදන සහ දුරස්ථ පාලක වැනි යෙදුම්වල භාවිතා වේ.

එය රැගෙන යන තාප ශක්තිය නිසා අධික නිරාවරණය ඇස් සහ සමට හානිකර විය හැකිය.

ඉහළට