සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බේරෙ වැව ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටා ඇත. එය නගරයේ විවිධ අංග මගින් සම්පූර්ණයෙන්ම වාගේ වටව පවතී. අතීතයේදී මෙය හෙක්ට්යාර 165 පමණ භූමි භාගයක පැතිර පැවතුනත් විවි

බේරෙ වැව

  • මුල් පිටුව
  • බේරෙ වැව

බේරෙ වැව ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයේ පිහිටා ඇත. එය නගරයේ විවිධ අංග මගින් සම්පූර්ණයෙන්ම වාගේ වටව පවතී. අතීතයේදී මෙය හෙක්ට්යාර 165 පමණ භූමි භාගයක පැතිර පැවතුනත් විවිධ හේතූන් නිසා වර්ථමානය වන විට එය හෙක්ට්යාර 65 ක් පමණ දක්වා අඩුවී තිබේ. යටත් විජිත සමයේදී පෘතුග්‍රීසින් හා ඉංග්‍රීසින් විසින් නගරය තුල භාණ්ඩ ප්‍රවාහනය සඳහා බේරෙ වැව භාවිත කල බව පැවසේ.

බේරෙ වැව
බේරෙ වැව
ස්ථානයකොළඹ
ඛණ්ඩාංක6°56′N 79°51′E / 6.933°N 79.850°E / 6.933; 79.850
වර්ගයReservoir
ජලය පිටකරන ඇල මාර්ගඉන්දියන් සාගරය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයහෙක්ට්යාර 65
බේරෙ වැව සහ ගංගාරාම විහාරය

බේරෙ වැවේ වෙන් කොට හඳුනාගත හැකි කොටස් දෙකකි. එනම් කුඩා වැව සහ මහ වැව වේ. මෙම කොටස් දෙක පටු ඇල මාර්ගයක් ඔස්සේ කොම්පඤ්ඤ වීදියේදී එකිනෙක සම්බන්ධ වේ. වැවෙහි වැඩිපුර ජලය ගාලු මුවදොර පිටිය හරහා ඉන්දියන් සාගරය වෙත ගලා බසී.

පටුන

කුඩා වැව

වැව මධ්‍යයේ කුඩා දූපතක් හා එහි ඉදි කෙරූ ගංගාරාම විහාරය ට අයත් සීමා මාලකය දැක ගත හැකිය. නවම් මාවත සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයද කුඩා වැව අසල පිහිටා ඇත.

මහ වැව

මහ වැව වටා ඉදි කර ඇති බඩු ගබඩාවන් නිසා, අතීතයේදී වැව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතාවට ගන්න ඇතැයි දුටු විගසම හඳුනාගත හැකිය. නමුත් බොහොමයක් ගබඩාවන් මේ වන විට අතහැර දමා තිබීමත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ගොඩබිම් ඔස්සේ සිදුවීමත් නිසා වර්ථමාන මහ වැව සංසුන්ව පවතී. වසර 140 ක් පමණ තිස්සේ මහ වැව, කොළඹ ඔරු පදින්නන්ගේ සමාජය විසින් හා වාර්ශික රාජකීය තෝමියන් ඔරු තරඟය සඳහා භාවිත කරනු ලබයි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය ද, "ලේක් හවුස්" ද, මහජන බැංකුව සහ දේශීය ආදායම් දෙපාර්ථමේන්තුවද මහ වැව ආසන්නයේ පිහිටා ඇත.

ශාක සහ සත්ව ප්‍රජාව

බේරෙ වැව කොකුන්, ඔටුමානාවන්, කටුස්සන් වර්ග, විවිධ වූ මත්ස්‍යය විශේෂ සහ ශාක විශේෂ සඳහා වාස භූමිය ලෙස ක්‍රියා කරයි.

දූෂණය

වැවට භාහිර වශයෙන් විවිධ කාබනික ද්‍රව්‍ය බහුල ලෙස එකතු වීම නිසා වසර ගණනාවක් තිස්සේ ඇල්ගී වර්ධනය වී ජලාශය සුපෝෂණය වී පැවතීම හේතුවෙන් නිරන්තරයෙන්ම බේරෙ වැවේ ජලය කොල පැහැයෙන් දැකගත හැක. ජලාශයේ නිර්වායු ශ්වසනය සිදුවීම නිසා අවට පරිසරයද තරමක දුර්ගන්ධයෙන් යුක්ත වේ. වැසි දිනවලදී පමණක් දුර්ගන්ධය තරමක් අඩු වී යයි.

අදාල

  • Dutch Waterways in Sri Lanka
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    දකුණු ඇමෙරිකාව

  • අප්‍රේල් 03, 2026

    මහනුවර රාජධානිය

  • අප්‍රේල් 04, 2026

    අතුල විජේසිංහ

  • අප්‍රේල් 04, 2026

    ධ්‍යාන මුද්‍රාව

  • මාර්තු 12, 2026

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට