සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු සං‍රක්ෂණවාදය, උග්‍ර ජාතිකවාදය සහ අධිකාරවාදය වැනි මතවාද වලින් සමන්විත දේශපාලනික ප්‍රේක්ෂාවලියකි. වම්-දකුණු දේශපාලනික ප්‍රේක්ෂාවලියෙ

අන්ත-දක්ෂිණාංශික දේශපාලනය

  • මුල් පිටුව
  • අන්ත-දක්ෂිණාංශික දේශපාලනය

අන්ත-දක්ෂිණාංශික දේශපාලනය යනු සං‍රක්ෂණවාදය, උග්‍ර ජාතිකවාදය සහ අධිකාරවාදය වැනි මතවාද වලින් සමන්විත දේශපාලනික ප්‍රේක්ෂාවලියකි. වම්-දකුණු දේශපාලනික ප්‍රේක්ෂාවලියෙහි දකුණු පස කෙළවර මගින් මෙය නිරූපනය කෙරෙයි. ඓතිහාසිකව මෙම යෙදුම භාවිතා වී ඇත්තේ ෆැසිස්ට්වාදය, නාසිවාදය සහ ෆැලන්ජිවාදය විස්තර කිරීමටය. එහෙත් නූතනයේදී නව-ෆැසිස්ට්වාදය, නව-නාසිවාදය, තෙවන ආස්ථානය, විකල්ප-දකුණ, වාර්ගික ස්වෝත්තමවාදය වැනි මතවාද ද, ඊට අමතරව වෙනත් අධිකාරවාදී, උග්‍ර ජාතිකවාදී, විදේශ භීතික, දේවතන්ත‍්‍රවාදී, වර්ගවාදී, සමලිංගිකභීති, සංක්‍රාන්තිලිංගිකභීතී සහ ප‍්‍රතිගාමී මතිමතාන්තර විස්තර කිරීමට ද "අන්ත-දක්ෂිණාංශික" යන යෙදුම භාවිත කෙරේ. අන්ත-දක්ෂිණාංශික දේශපාලනයෙහි ප්‍රතිඵල ලෙස විවිධ පුද්ගල කණ්ඩායම් දේශපාලනික ප්‍රචණ්ඩත්වයට, බලහත්කාරී ස්වීකරණයට, ජනවාර්ගික පවිත්‍රනයට සහ වාර්ගික සංහාර වැනි පීඩාවන්ට ලක් වී තිබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    පළමුවැනි රාජසිංහ

  • අප්‍රේල් 01, 2026

    සිංහල හින්දු අලුත් අවුරුද්ද

  • අප්‍රේල් 04, 2026

    ජාත්‍යන්තර සබඳතා

  • අප්‍රේල් 03, 2026

    සිරි ගුණසිංහ

  • අප්‍රේල් 03, 2026

    Vascular plant

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට