සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති චෙෙත්‍යයන් අතුරින් විශාලතම චෙෙත්‍යය මහාසෑය වේ. මෙම චෙෙත්‍යය මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබයි. පූ

මිහින්තලය මහාසෑය

  • මුල් පිටුව
  • මිහින්තලය මහාසෑය

ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති චෙෙත්‍යයන් අතුරින් විශාලතම චෙෙත්‍යය මහාසෑය වේ. මෙම චෙෙත්‍යය මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබයි. පූජාවලියෙහි සහ සිව්වන මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියෙහි මෙම දාගැබ අම්බුලු දාගැබ ලෙස හඳුන්වා තිබේ.

මිහින්තලය මහාසෑය

මේ වනවිට සංරක්ෂණය කොට තිබෙන මහා සෑයේ උස අඩි 153 ක් පමණ වේ. මිහින්තලය මහා සෑය 1941 වර්ෂයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ඉදිකිරීම

මහාදාඨික මහානාග රජු (ක්‍රිස්තු වර්ෂ 7-19) විසින් මෙම දාගැබ ඉදිකරවා තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මෙහි නිදන් කොට ඇති බව විශ්වාස කෙරේ.

ප්‍රථිසංස්කරණ

1893 වර්ෂයේදී තායිලන්ත කුමරෙකුගේ සහය ඇතිව මහා සෑය සංරක්ෂණයට පියවර ගත් මුත් එය අසාර්ථක වූ බව පැවසෙයි. පසුව 1950 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.

1965 වර්ෂයේදීද පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අධීක්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙහි සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී.

ආශ්‍රිත

  1. "කරුණා සිසිලස පතුරන මිහින්තලා සෑ රදුන්". දිනමිණ. සම්ප්‍රවේශය 2014 ජුනි 12. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. "බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරිගෙය අම්බස්‌තලය". දිවයින.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 14, 2026

    සිරිමේඝවණ්ණ රජ

  • අප්‍රේල් 10, 2026

    George W. Bush

  • මැයි 22, 2026

    රජ මෙහෙසිය

  • ජූනි 06, 2026

    George V

  • මාර්තු 22, 2026

    ථූපාරාමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට