සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

“ජර්මානු” හෙවත් අලමානී බස (Deutsch /ඩොඉට්ශ්/) යනු බටහිර ජර්මානුක භාෂාවලට (Germanic Languages) අයත් ඉන්‍දු-යුරෝපීය භාෂාවකි. මෙම භාෂාව ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝප

German language

  • මුල් පිටුව
  • German language

“ජර්මානු” හෙවත් අලමානී බස (Deutsch /ඩොඉට්ශ්/) යනු බටහිර ජර්මානුක භාෂාවලට (Germanic Languages) අයත් ඉන්‍දු-යුරෝපීය භාෂාවකි. මෙම භාෂාව ප්‍රධාන වශයෙන් මධ්‍යම යුරෝපයේ කථා කරයි. එය ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, ඉතාලියේ දකුණු ටයිරෝල්, ජර්මානු බස කතා කරන බෙල්ජියමයේ ප්‍රජාව සහ “ලීඛ්ටෙන්ස්ටීන්” ( Liechtenstein ) යන ප්‍රදේශ සහ රටවල වැඩිපුර ම කතා කරන හා නිල හෝ සම-නිල භාෂාව වේ. එය ලක්සම්බර්ග්හි නිල භාෂා තුනෙන් එකක් වන අතර පෝලන්තයේ ඔපෝල් වොයිවොඩිෂිප් (Opole Voivodeship) හි සම-නිල භාෂාවකි. ජර්මන් භාෂාව එය අයත් බටහිර ජර්මානු භාෂා ශාඛාව තුළ අප්‍රිකානු, ලන්‍දේසි, ඉංග්‍රීසි, ෆ්‍රීසියානු භාෂා, ලක්සම්බර්ග් සහ යීදිෂ් ඇතුළු අනෙකුත් භාෂාවන්ට වඩා බොහෝ සෙයින් සමාන ය. තවද උතුරු ජර්මානු ශාඛාවට අයත් ඩෙන්මාර්ක්, නෝර්වේජියානු සහ ස්වීඩන් යන භාෂාවලට වාග්විද්‍යාත්මක ව සමානකම් දක්‍වයි. ජර්මන් භාෂාව යනු ඉංග්‍රීසි භාෂාවෙන් පසුව ලොව වැඩිපුරම කතා කරන දෙවන ජර්මානුක භාෂාවයි. ලෝකයේ ප්‍රධාන භාෂාවක් වන ජර්මානු භාෂාව ලොව පුරා මිලියන 100 කට ආසන්න ජනතාවකට ආවේණික භාෂාවක් වන අතර යුරෝපා සංගමයේ වැඩිපුරම කතා කරන ස්වදේශීය භාෂාව වේ. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ බහුලව කථා කරන විදේශීය භාෂාව ජර්මන් බස වන අතර එය සමස්ත කථිකයින් අනුව යුරෝපා සංගමයේ දෙවන විශාලතම භාෂාව වේ. ප්‍රාථමික පාසල් මට්ටමින් ඉංග්‍රීසි භාෂාවෙන් පසු යුරෝපා සංගමයේ වැඩිපුරම උගන්වනු ලබන දෙවන විදේශීය භාෂාව ජර්මානු භාෂාවයි. එමෙන් ම ඉංග්‍රීසි හා රුසියානු භාෂාවෙන් පසු වෙබ් අඩවි වල බහුලව ම භාවිතා වන දෙවන විද්‍යාත්මක භාෂාව සහ තෙවනුව වැඩිපුරම භාවිතා වන භාෂාවයි. නව පොත් වාර්ෂික ප්‍රකාශනය අනුව ජර්මානු භාෂාව කතා කරන රටවල් පස්වැනි ස්ථානයට පත්‍ව ඇති අතර ලෝකයේ සියලුම පොත් වලින් දහයෙන් එකක් (ඊ-පොත් ඇතුළුව) ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ. එක්සත් රාජධානියේ, ජර්මානු සහ ප්‍රංශ ව්‍යාපාර සඳහා වඩාත්ම ඉල්ලුම් කරන විදේශීය භාෂාවන් වේ (ව්‍යාපාර වලින් 49% සහ 50% පිළිවෙලින් මෙම භාෂා දෙක වඩාත් ප්‍රයෝජනවත් යැයි හඳුනා ගනී).

ජර්මානු භාෂාව
Deutsch
උච්චාරණය[dɔʏtʃ]
ස්වදේශික වන්නේPrimarily German-speaking Europe, also in the worldwide German-speaking diaspora
ස්වදේශික හසුරුවන්නන්
90 million (2010) to 95 million (2014)
L2 speakers: 10–15 million (2014)
භාෂා පවුල
ඉන්දු-යුරෝපීය
  • Germanic
    • West Germanic
      • High German
        • ජර්මානු භාෂාව
ආදි ස්වරූප
Old High German
  • Middle High German
    • Early New High German
සම්මත ස්වරූප
German Standard German
Swiss Standard German
Austrian Standard German
ලේඛන ක්‍රමය
Latin (German alphabet)
German Braille
Signed forms
Signed German, LBG
(Lautsprachbegleitende / Lautbegleitende Gebärden)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
6 countries
  •  Austria
  •  Belgium
  •  Germany
  • සැකිල්ල:රටේ දත්ත Liechtenstein
  •  Luxembourg
  •   Switzerland

3 dependencies
  • South Tyrol (Italy)
  • පෝලන්තය 31 communes in Poland
  • Brazil 9 municipalities in Brazil

Several international institutions
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
13 countries
(minority/cultural/national language)
  •  Brazil (Espírito Santo, Rio Grande do Sul & Santa Catarina)
     Bosnia and Herzegovina
     Czech Republic
     Denmark (Syddanmark)
     Hungary
     Italy (Trentino)
    සැකිල්ල:රටේ දත්ත Kazakhstan
     Namibia
     Poland
     Romania
     Russia (Azovo German National District)
     Slovakia
     Ukraine
යාමනය කරනු ලබන්නේNo official regulation
(German orthography regulated by the Council for German Orthography).
භාෂා කේත
ISO 639-1de
ISO 639-2ger (B)
deu (T)
ISO 639-3Variously:
deu – German
gmh – Middle High German
goh – Old High German
gct – Colonia Tovar German
bar – Bavarian
cim – Cimbrian
geh – Hutterite German
ksh – Kölsch
nds – Low German
sli – Lower Silesian
ltz – Luxembourgish
vmf – Mainfränkisch
mhn – Mòcheno
pfl – Palatinate German
pdc – Pennsylvania German
pdt – Plautdietsch
swg – Swabian German
gsw – Swiss German
uln – Unserdeutsch
sxu – Upper Saxon
wae – Walser German
wep – Westphalian
hrx – Riograndenser Hunsrückisch
yec – Yenish
ග්ලොටෝලොග්high1287  High Franconian
uppe1397  Upper German
ලින්ග්වාස්ෆියර්
further information
52-AC (Continental West Germanic)
> 52-ACB (Deutsch & Dutch)
> 52-ACB-d (Central German incl. 52-ACB–dl & -dm Standard/Generalised High German)
+ 52-ACB-e & -f (Upper German & Swiss German)
+ 52-ACB-h (émigré German varieties incl. 52-ACB-hc Hutterite German & 52-ACB-he Pennsylvania German etc.)
+ 52-ACB-i (Yenish);
Totalling 285 varieties: 52-ACB-daa to 52-ACB-i
  (Co-)Official and majority language
  Co-official, but not majority language
  Statutory minority/cultural language
  Non-statutory minority language
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

ජර්මානු යනු නාමපද, සර්‍වනාම සහ නාමවිශේෂණ සඳහා අවස්ථා හතරක් ඇති, උද්ධෘත භාෂාවකි. එනම් ලිංගභේද තුනක් (පුරුෂ, ස්ත්‍රී, නපුන්සක) සහ සංඛ්‍යා දෙකක් (ඒකීය, බහු) සහිත භාෂාවකි. එය එහි වචන මාලාවෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ ඉන්‍දු-යුරෝපීය භාෂා පවුලේ පුරාණ ජර්මානු ශාඛාවෙනි. එහි සමහර වචන මාලාව ලතින් සහ ග්‍රීක භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇති අතර ප්‍රංශ සහ නූතන ඉංග්‍රීසි භාෂාවෙන් වචන අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇත. ජර්මානු යනු “බහුභාෂා” (pluricentric language) භාෂාවක් වන අතර එහි ප්‍රමිතිගත ප්‍රභේද වන්නේ ජර්මානු, ඔස්ට්‍රියානු සහ ස්විස් සම්මත ජර්මානු භාෂා ය. ඉතාලිය සිය භූමියේ සිටින සියලුම ජර්මානු කතා කරන සුළු ජාතීන් “ජාතික‌ ඓතිහාසික සුළුතරයන්” ලෙස පිළිගන්නා අතර දකුණු ටයිරෝල් හැරුණු විට උතුරු ඉතාලියේ කලාප කිහිපයක ජර්මානු කතා කරන ප්‍රභේද ආරක්‍ෂා කරයි.

පටුන

අමතර අවධානයට

  •  Language ද්වාරය
  • Outline of German language
  • Denglisch
  • Deutsch (disambiguation)
  • German family name etymology
  • German toponymy
  • Germanism (linguistics)
  • German exonyms
  • List of German expressions in English
  • List of German words of French origin
  • List of pseudo-German words in English
  • List of terms used for Germans
  • List of countries and territories where German is an official language
  • Names of Germany
  • DDR German
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    වී බිස්ස

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • අප්‍රේල් 04, 2026

    එක්සත් ජනපද

  • මාර්තු 22, 2026

    ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ශ්‍රී ලංකාව

  • මාර්තු 31, 2026

    වන විනාශය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට