සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළ

ශ්‍රී ලංකාවේ පළාත්

  • මුල් පිටුව
  • ශ්‍රී ලංකාවේ පළාත්

ශ්‍රී ලංකාවේ පළාත් නවයක් ඇත. 19 වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුණද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවැතිණ.

පළාත
Province
மாகாணம்
වර්ගයපළමු පරිපාලන කොට්ඨාසය
පිහිටීමශ්‍රී ලංකාව
නිර්මිතය1 ඔක්තෝබර් 1833
ගණන9 (1 ජනවාරි 2007 වන විට)
ජනග‍හනය1,061,315–5,851,130
විශාලත්වය3,684–10,472 ව.කි.මී.
පරිපාලනයපළාත් සභාව
අනු පරිපාලන කොට්ඨාසදිස්ත්‍රික්ක

පටුන

ඉතිහාසය

අනුරාධපුර රාජධානිය

 
මායා රට, පිහිටි රට සහ රුහුණු රට

අනුරාධපුර රාජධානිය සමයේ පාලන මධ්‍යස්ථානය වුයේ රජරට ප්‍රදේශයයි. එහෙත් එකල මුළු ශ්‍රී ලංකාවම පාලන ඒකක 4කට වෙන් කර තිබිණි. ඒවා දක්ශඛිණ දේශය, පශ්චිම, උත්තර සහ පාශින දේශය ලෙසද හැදින්විය.

බ්‍රිතාන්‍ය ලංකාව

1815 දී ශ්‍රී ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍ය සතු වීමෙන් පසුව, ඔවුන් විසින් ජන වර්ගය පදනම් කරගෙන උඩරට සිංහල, පහතරට සිංහල සහ දෙමළ

ලෙස පාලන එකක 3කට බෙදා වෙන් කරන ලදී. පසුව 1829 දී,පත් කෙරුණු කෝල්බෘක් – කැමරන් කොමිසම මගින් යටත් විජිත පාලන ව්‍යුහය වෙනස් කරන ලදි. කොමිසම නිර්දේශ කලේ පෙර පැවති ජන වර්ගය පදනම් කරගත් පාලනය වෙනුවට දිවයින පළාත් 5කට බෙදා වෙන් කර පාලනය කල යුතු බවයි. 1833 ඔක්තෝබර් 1, දා වෙන් කල පළාත් 5 මෙසේය:

  • මධ්‍යම පළාත – මධ්‍යම උඩරට පළාත්වලින් සමන්විත විය.
  • නැගෙනහිර පළාත – මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන මුහුදුබඩ දිස්ත්‍රික්කවලින් සහ බින්තැන්න සහ තමන්කඩුව යන උඩරට පළාත්වලින් සමන්විත විය.
  • උතුරු පළාත –යාපනය, වන්නිය, මන්නාරම ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ නුවර කලාවිය අයත්විය.
  • දකුණු පළාත – ගාල්ල, මාතර, හම්බන්තොට, තංගල්ල ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ ඌව වෙල්ලස්ස, සබරගමුව ප්‍රදේශ අයත්විය.
  • බස්නාහිර පළාත – කොළඹ, හලාවත, පුත්තලම, ආදී මුහුදු බඩ ප්‍රදේශ සහ තුන් කෝරළය, සතර කෝරළය, හත් කෝරළය සහ පහල බුලත්ගම ප්‍රදේශ අයත් විය.

ඊළඟ වසර පනහ තුළ, අතිරේක පළාත් හතරක් නිර්මාණය කරන ලද අතර, මුළු සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගියේය:

  • වයඹ පළාත – 1845 දී බස්නාහිර පළාතේ උතුරු ප්‍රදේශවලින් (හලාවත, පුත්තලම සහ හත කෝරළ දිස්ත්‍රික්ක) නිර්මාණය කළේය.
  • උතුරු මැද පළාත – 1873 දී උතුරු පළාතේ දකුණු ප්‍රදේශවලින් (නුවර කලාවිය දිස්ත්‍රික්කය) සහ නැගෙනහිර පළාතේ වයඹ ප්‍රදේශවලින් (තමන්කඩුව දිස්ත්‍රික්කය) නිර්මාණය කළේය.
  • ඌව පළාත – 1886 දී මධ්‍යම පළාතේ, නැගෙනහිර පළාතේ (බින්තැන්න දිස්ත්‍රික්කයේ) සහ දකුණු පළාතේ (වෙල්ලස්ස දිස්ත්‍රික්කයේ) කොටස් වලින් නිර්මාණය කළේය.
  • සබරගමුව පළාත – 1889 දී නිර්මාණය කළේය.

ශ්‍රී ලංකාව

 
තාවකාලික උතුරු නැගෙනහිර පළාත

1988 සැප්තැම්බර් වන තෙක් පළාත් ගණන ස්ථාවරව පැවතුනි, ඉන්දු-ලංකා ගිවිසුමට අනුව, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුරු සහ නැගෙනහිර පළාත් එක් පරිපාලන ඒකකයක් ලෙස තේරී පත් වූ එක් කවුන්සිලයක් මගින් පරිපාලනය කිරීමට හැකි වන පරිදි ප්‍රකාශන නිකුත් කරමින් උතුරු-නැගෙනහිර පළාත නිර්මාණය කළේය. පළාත් දෙක අතර ස්ථිර ඒකාබද්ධ කිරීමක් සඳහා නැගෙනහිර පළාතේ [ජනමත විචාරණයක් පවත්වන තෙක් මෙම ප්‍රකාශන තාවකාලික පියවරක් ලෙස පමණක් අදහස් කරන ලදී. කෙසේ වෙතත්, ජනමත විචාරණය කිසි විටෙකත් නොපැවැත්වූ අතර අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ජනාධිපතිවරු තාවකාලික ආයතනයේ ආයු කාලය දීර්ඝ කරමින් වාර්ෂිකව ප්‍රකාශන නිකුත් කළහ.

මෙම ඒකාබද්ධ කිරීම මතභේදාත්මක වූ අතර විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන ජනතාව විසින් දැඩි ලෙස විරුද්ධ විය. 2006 ජූලි 14 වන දින, ඒකාබද්ධ කිරීමට එරෙහි දිගු ව්‍යාපාරයකින් පසුව, ජවිපෙ නැගෙනහිර සඳහා වෙනම පළාත් සභාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනම පෙත්සම් තුනක් ගොනු කළේය. 2006 ඔක්තෝබර් 16 වන දින, ජනාධිපති ජයවර්ධන විසින් නිකුත් කරන ලද ප්‍රකාශන ශුන්‍ය සහ බලරහිත බවත් නීතිමය බලපෑමක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 2007 ජනවාරි 1 වන දින උතුරු සහ නැගෙනහිර පළාත් උතුරු සහ නැගෙනහිර පළාත්වලට විධිමත් ලෙස බෙදා වෙන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ දැනට පළාත් නවයක් ඇති අතර, ඉන් හතක ආරම්භයේ සිටම පළාත් සභා තිබුණි.

1833 සිට පළාත් විකාශනය වීම
 
1833–1845
1833–1845 
 
1845–1873
1845–1873 
 
1873–1886
1873–1886 
 
1886–1889
1886–1889 
 
1889 – වර්තමානය
1889 – වර්තමානය 

පළාත්

පවතින

සියලුම ජනග‍හන දත්ත ආසන්නයේම පැවති 2012 ශ්‍රී ලංකා ජන සංගණනය අනුවය.

පළාත ප්‍රදේශ සිතියම පළාත්බද
අග නගරය
නිර්මිත
දිනය/වසර
භුමි ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)
ජලජ භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)
මුළු භූමි
ප්‍රමාණය
ව.කි.මී. වලින් (ව.සැත)
ජනගහනය
(2012)
ජන ඝනත්වය
ව.කි.මී. වලින්
(ව.සැත)
  මධ්‍යම   මහනුවර 1 ඔක්තොම්බර් 1833 5,575 (2,153) 99 (38) 5,674 (2,191) 2,423,966 435 (1,127)
  නැගෙනහිර   ත්‍රිකුණාමලය 1 ඔක්තොම්බර් 1833 9,361 (3,614) 635 (245) 9,996 (3,859) 1,555,510 166 (430)
  උතුරුමැද   අනුරාධපුරය 1873 9,741 (3,761) 731 (282) 10,472 (4,043) 1,266,663 130 (340)
  උතුරු පළාත   යාපනය 1 ඔක්තොම්බර් 1833 8,290 (3,200) 594 (229) 8,884 (3,430) 1,061,315 128 (330)
  වයඹ   කුරුණෑගල 1845 7,506 (2,898) 382 (147) 7,888 (3,046) 2,380,861 317 (820)
  සබරගමුව   රත්නපුරය 1889 4,921 (1,900) 47 (18) 4,968 (1,918) 1,928,655 392 (1,020)
  දකුණු පළාත   ගාල්ල 1 ඔක්තොම්බර් 1833 5,383 (2,078) 161 (62) 5,544 (2,141) 2,477,285 460 (1,200)
  ඌව   බදුල්ල 1886 8,335 (3,218) 165 (64) 8,500 (3,300) 1,266,463 152 (390)
  බස්නාහිර   කොලඹ 1 ඔක්තොම්බර් 1833 3,593 (1,387) 91 (35) 3,684 (1,422) 5,851,130 1,628 (4,220)
මුළු 62,705 (24,211) 2,905 (1,122) 65,610 (25,330) 20,359,439 325 (840)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    බයිබලය

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • අප්‍රේල් 03, 2026

    United Kingdom

  • අප්‍රේල් 04, 2026

    සද්ධාතිස්ස රජ

  • අප්‍රේල් 01, 2026

    සත්තු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට