සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත් එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය (ඉංග්‍රීසි:  biosphere) ලෙස අර්ථ

ජෛව ගෝලය

  • මුල් පිටුව
  • ජෛව ගෝලය

පෘථිවිය මත වෙසෙන සියලු ජිවිනුත් එම ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත් එක්ව තැනෙන අති විශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය (ඉංග්‍රීසි:  biosphere) ලෙස අර්ථ දැක්විය හැකිය.

ජෛව ගෝලය. - ලෝකයේ සියළුම පරිසර පද්ධති එකතු වීමෙන් සැදි විශාලම පරිසර පද්ධතියයි.

පෘතුවියේ සිටින සියලුම ජීවිනුත් ඒ ජිවින් සමග අන්තර් ක්‍රියා කරන අජිවි පරිසරයත් එක්ව තැනෙන අතිවිශාල ක්‍රියාකාරි ඒකකය ජෛව ගෝලය වේ.


පෘථිවියේ ජීවින් සිටින කලාපය ජෛව ගෝලය වේ. මුළු පෘථිවියටම ඇත්තේ තනි ජෛව ගෝලයක් වන අතර සියලුම පරිසර පද්ධතින් ඒ තුළ ක්‍රියාත්මක වේ. සියලුම බියෝම හා පරිසර පද්ධති ඒවා තුළ ඇත. භෞම පද්ධතිය තුළ පිහිටි ඉතාම වැදගත් උප පද්ධතියක් ලෙස ජෛව ගෝලය හැඳින්විය හැකිය. එහි සංයුක්ත වි ඇති මුල ද්‍රව්‍යවන්නේ හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන් හා නයිට්‍රජන්ය.

පටුන

ජෛව ගෝලයේ සිරස් ව්‍යාප්තිය

සමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 9000ක් පමණ උස් වු කදු මුදුන් දක්වාත් මීටර 11000ක් පමණ ගැඹුරැ අගාධ දක්වාත් කුමන හෝ විශේෂයකට අයිත්වන ජීවින් සිටිමට හැකිය.එහෙත් ජීවය බහුලව ව්‍යාප්ත වන්නේ ඊට වඩා සීමා වු ප්‍රදේශයකය.එය මුහුදු මටටමේ සිට මීටර 6000ක් පමණ උස්ප්‍රදේශ දක්වා විහිදෙන අතර ඕනැම තැනක පොළව මට්ටමේ සිට නම් උසම ශාකයේ උසම අත්ත්වායි.භුමිය(විශේෂයෙන්ම පස)පිළිබදව සලකන විට ශාකයක මුල් විහිදෙන මිටර 200ක් දක්වා ගැඹුරට සාගර ජිවින් බහුල වේ.

ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හා අනුපිළිවෙල

පෘතුවියේ ජිවත් වන සියලුම ශාක,සතුන් හා ක්ෂද්‍ර ජිවින් ජෛව ගෝලයේ සජිවි සංරචක වේ.මෙහි අජිවි පරිසරයට වායුව,ඡලය,පාංශු ස්ථර අයිති වේ.පිටතින් ජෛව ගෝලයට ලැබෙනුයේ සුර්යාගෙන් ලැබෙන ආලෝක ශක්තිය පමණයි. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හා අනුපිළිවෙල ශ්‍රේණි කිහිපයකින් හදුනාගත හැකිය. 01.ජිවියා/ඒකෛක ජීවියා 02.ප්‍රඡාව 03.පරිසර පද්ධති 04.බියෝම 05.ජෛව ගෝලය

ජීවියා/ඒකෛක ජී‍වියා

  ඕනෑම තැනක ජිවත් වන ඕනෑම විශේෂයකට අයත් තනි ජිවියෙකු ඒ‍කෛක ජිවියෙකු ලෙස හැදින්වේ.නිදසුනක් වශයෙන් අප දකින අලියකුද,callus lafayetti විශේෂයට අයත් වළි කුකුළාද,සිංහරාඡයේදි අප දකින හොර ශාකයද ඒකෛක ජිවින් වේ.මිහිපිට දියුණුම සත්වයා වන මිනිසාද ඒකෛක ජිවියෙකි.ඒකෛක ජිවියෙකුගේ සිරුරක කොටස් ‍වලද අනුපිළිවෙලක් හදුනාගත හැකි වේ.


උප පරමාණුවක කොටස් - පරමාණුව - අණුව - ඉන්ද්‍රියිකාව - සෛලය - පටකය - ඉන්ද්‍රිය පද්ධතිය - ජීවියා - ගයනය - ප්‍රඡාව පරිසර පද්ධතිය - ජෛව ගෝලය

ප්‍රඡාව

සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ගහනයට ඉහළින් ඇති මට්ටම ප්‍රඡාවයි. ප්‍රඡාවක් ලෙස අර්ථ දක්වන්නේ එක්තරා ප්‍රදේශයක නිශ්චිත කාලයකදි ජිවත් වන පැහැදිලි ‍ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි මගින් එකිනෙකා සමග අන්තර් ක්‍රියා පවත්වන ගහන සමුහයකි.වර්තමානෙය් ලෝකයේ විවිධ පරිසර පද්ධතිවල සිටින සත්ත්ව ගහනයන් වඳ වී යමින් සිටියි.ශිෂ්ටාචාර යුගවලදි සතුන්ට වැදූම් පිදූම් කරමින් අදහන ලද නමුත් දැනට ලෝකයේ සත්ත්ව වීශේෂ 4000ක් පමණවඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. වීශේෂයේන් ජනගහනයේ වර්ධනය, මිනිස් අවශ්‍යතා පුලුල් වීම,කාර්මික දියුනුව හා තරඟකාරි ආර්ර්‍ථික රටාව මේ සඳහා බලපා ඇත.

මිට අමතරව ව්‍යාපාරික අමුදව්‍ය ලබා ගැනිම සඳහා සතුන් දඩයම ඒනම් සතුන් මරා ඔවුනගේ සම්, නිය,අං,මස්,වෙළදාම ආහාර සඳහා සතුන දඩයම ,පර්යේෂණ සඳහා යොදා ගැනිම,පරිසර දුෂණය ,වනාන්තර ඒළි කිරීම නිසා සතුන්ගේ වාසාස්ථාන අහිමි වීම, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන යුද්ද හා සිවිල අරගල සතුන් වඳ වී යාමට හේතු වේ. යුද්දවලදී භාවිතා කරන රසායනික අවි,රොකට්, බිම් බෝම්බ යනාදිය නිසා සතුන් අනතුරට පත් වේ.

පරිසර පද්ධති

   

පරිසර පද්ධතියක් යනු ,‍ අන්තර් සබදතා සහිත ජිවි හා අජිවි සංරචකයන්ගෙන් යුතු පහසුවේන් වෙන් කොට හදුනා ගත හැකි ක්‍රියාකාරි ගතික පද්ධතියකි. පරිසර පද්ධතියක් තුලින් ශක්ති ගලනයද ද්‍රව්‍ය චක්‍රිකරණයද සිදුවිය යුතු අතර එය ස්ථායි ස්වයං රක්ෂිත සමතුලිත එකකි. උදාහරණ: වනාන්තර පරිසර පද්ධතියකි.

 පොකුණක් පරිසර පද්ධතියකි. කොරල් පර පරිසර පද්ධතියකි. 

සංවිධාන මට්ටම් ශ්‍රේණියේ ප්‍රඡාවට පසුව එන මට්ටම පරිසර පද්ධතියයි.යම් ප්‍රදේශයක ඉන්නා සියලුම ජීවින්ද ඒ ජිවන් සමග අන්තර් ක්‍රියා දක්වන එම ප්‍රදේශගත අජීවි පරිසරයද ඇතුළත් ක්‍රියාකාරි ඒකකය පරිසර පද්ධතියක් ලෙස අර්ථ දැක්විය හැකිය.ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති.ශ්‍රී ලංකාව ලෝකයේ අධිකම ‍‍ජෛව විවිධත්වයක් පවතින රටවල් 8 අතරින් එකකි.මේහි අධික වු පරිසර පද්ධති විවිධත්වයක්ද එබැවින් ඒවායේ වාසස්ථාන විවිධත්වයද අධිකය.එනිසාම විවිධත්වයද අධිකය.ශ්‍රී ලංකාව පරිසර පද්ධති පහත දැක්වේන පරිදි සමානකම් බේදා දැක්විය හැකිය.

වනාන්තර

 

o නිවර්තන තේත් සදාහරිත වනාන්තර/ පහතරට තේත් වනාන්තර. o නිවර්තන තේත් අර්ධ සදාහරිත වනාන්තර. o නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර o නිවර්තන කටු කැළෑ. o ගංගා ආශ්‍රිත වනාන්තර. o නිවර්තන පහල කදුකර වනාන්තර. උදාහරණ : ශ්‍රී පාද අඩ‍විය. o නිවර්තන ඉහල කදුකර වනාන්තර. උදාහරණ : ශ්‍රී පාද අඩ‍විය , නුවර එලිය , හග්ගල

තෘණ බිම්

o සවානා ( දමන තෘණ බිම් , තලාව තෘණ බිම් ) o තේත් පතන තෘණ බිම් (තේත් කදුකර තෘණ බිම් ) o වියලි පතන තෘණ බිම් ( වියලි කදුකර තෘණ බිම් )

වෙරළ සහ සාගර

  

o කඩොලාන o ලවණ වගුරු හෝ ලවණ හැල් o වැලි වැටි සහ වෙරළ o මඩ වගුරු o මුහුදු තෘණ බිම්. උදාහරණ : කල්පිටිය වෙරළ ආශ්‍රිතව o කොරල් පර

අභ්‍යන්තර තේත් බිම්

o පිටාර තැනි හා විල්ලු -( පත්ලේ වු මඩ සමගම ගංගා ජලය පිටාර ගලා දෙපස වු තැනි බිමේ රැදිමේන් පිටාර තැන්න සෑදේයි.එම පිටාරයන් දෙපස වු අවපාත වල රැදිමේන් සෑදේන තේත් බිම් විල්ලු නම් වේ. ) o දිය පහර සහ ගංගා o පොකුණු o වගුරු වනාන්තර

විශේෂ විවිධත්වය

පරිසර පද්ධති වලින් ස්වායක්තව මුළු ලෝකයේම සිටින ජීවින් සැලකුව විට ඔවුන්ගේ විවිධත්වය අධ්‍යයනය කිරිම සදහා සුදුසු වන්නේ එක් එක් විශේෂයන්හි විවිධත්වය අධ්‍යයනය කිරිමයි.

ජීවී විශේෂයක් ...... අන්තරාභිජනනයේන් සරු ජනිතයන් ලබා දේන ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් ලෙස හදුන්වනු ලබයි.නමුත් මෙම නිර්ණායකයට අනුව එකම විශේෂයකට අයත් ජිවීන් හදුනා ගැනීම ප්‍රායෝගිකව අසීරු නිසාද ඇතම් ජිවීන් ලිංගික ප්‍රජනනය සිදු නොකරන නිසාද මෙය එනම නිර්ණායක ලෙස නොගනි.මේ නිසා ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් කණ්ඩායමක් ලෙස සලකනුයේ,

  • බොහො ලක්ෂණ වලින් එකිනේකා සමාන වීම.
  • කැපි පෙනෙන එක් ලක්ෂණයකින් හෝ වෙනත් විශේෂ වල ජිවීන්ගේන් වෙනස් වීම.
  • ස්වාභාවික තත්ව යටතේ අහඹු ලෙස අන්තරාභිජනනයේ යෙදි සරැ ජනිතයන් ලබා දිම.
  • වෙනත් විශේෂයක ජිවීන් සමග අන්තරාභිජන ප්‍රවනතාවක් නැති වීම.

යන ඒවායින් වැඩි කොටසක් සිදු කරන එයට අයිත් වන ජීවින්ය.

බියොම

ප්‍රධාන ලිපිය: බියොම

සමාන අංග ලක්‍ෂණ සහිත පරිසර පද්ධති සමුහයක් බියෝමයක් ලෙස හදුන්වයි.ගොඩබිම්වල ප්‍රධාන බියෝම 12ක් හදුනාගෙන ඇත.බියෝම ලෙස වර්ග කෙරෙන්නේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ගයි. බියෝම. - ලෝකයේ පුළුල් භූමි ප්‍රදේශයක ව්‍යාප්තව පවතින සමාන ලාක්ෂණික පේනුමකින් යුතු සාධක මත පාලනය වන ජීවි සමුහයන් රැසක එකතුවයි. උදාහරණ : නිවර්තන තේත් සදාහරිත වනාන්තර බියෝමය ලෝකයේ භෞමික බියෝමයන්ද ජලජ බියෝමයන්ද වෙන් වෙන්ව සලකයි. ජෛව ගෝලය සෑදි ඇත්තේ මෙම සියළු ‍ බියෝමයන්ගේ එකතුවේනි.එනම් සියළුම පද්ධතිවල එකතුවේනි.

ගහනයක විශාලත්වය

සංවිධාන මට්ටම් ශ්‍රෙ‍්ණියේ ජිවියාට ඉහළින්ම ඇති සංවිධාන මට්ටම ගහනයයි.යම් ප්‍රදේශයක් තුළ ජිවත් වන එකම විශේෂයකට අයත් එකිනෙකා සමග අන්තර් ක්‍රියා දක්වන ජීවින් සමුහයක් ගහනයක් ලෙස හැදින්වේ.නිදසුනක් වශයෙන් 2002 වර්ෂයේදි යාල අභය භූමිය තුළ සිටි අලි ඇතුන් සමුහය දැක්විය හැකියි.එම වර්ෂයේ අප්‍රේල් මාසයේදි සංහරාඡයේ වළි කුකුළන්ද නිදසුනක් වෙ.ඕනෑම ගහනයකට විශාලත්වයක් ඇත.එනම් ගහනයකට නිශ්චිත සංඛ්‍යාවක් සිටිය යුතු වේ.එම සංඛ්‍යාව තීරණය වනුයේ එම ගහනයේ උපත් ශ්‍රිඝතාව,මරණ ශ්‍රිඝතාව,සංක්‍රමණ සහ නිශ්ක්‍රමණ අනුවයි.

ලෝකයේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ග

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    එළාර රජු

  • මාර්තු 31, 2026

    සියදිවි නසාගැනීම

  • අප්‍රේල් 05, 2026

    තිසා වැව

  • අප්‍රේල් 03, 2026

    ඔස්ට්‍රියා-හංගේරියා රාජධානිය

  • මාර්තු 11, 2026

    රුවන්වැලිසෑය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට