සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම

වියළි ඍතුව

  • මුල් පිටුව
  • වියළි ඍතුව

(ඉංග්‍රීසි:  Dry season)

වියළි කලාපවල දේශගුණය විස්තර කිරීමේ දී යොදාගන්නා පොදු වචනය වන්නේ වියළි කාලයයි. වියළි කලාපවල දේශගුණය වියළි කලාපීය වැසි තීරය මඟින් බලපත්වනු ලැබේ. එය අවුරුද්ද පුරාම උතුරේ සිට දකුණට බලපායි. වියළි කලාපීය දක්ෂිණ වැසි තීරය වැටී ඇත්තේ දල වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාලය තුළය. මේ කාලය තුළ උතුරු වියළි කලාප වියළි කාලයක් අත්දකී. එහි ජලය උරා ගැනීම ඉතා විරලය. නියම වශයෙන් දවස පුරා අධික රස්නයෙන් හා හිරු එලියෙන් යුක්ත වේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වැසි තීරුව බලපවත්වන්නේඋතුරු අර්‍ධගෝලයේ ය. එම කාලය තුළ දකුණු අර්‍ධගෝලය ඔවුන්ගේ වියළි කලාපය අත්දකී.


වියළි කාලයේදී ස්වභාව ධර්මයේ දැකිය හැකි ලක්ෂණ නම්, අඩු තෙතමනය, ඉහල උෂ්ණත්වය, ජල උල්පත් හා ගංඟා සිඳී යෑමයි. මෙම කාලයේදී බොහෝමයක් උලා කන සතුන් ජල හිඟය නිසා කෑම සොයා වෙනත් ස්ථාන කරා යයි. එවැනි සතුන් වන්නේ සීබ්‍රාස්, ඇතුන් හා වන මෘගයින් ය. මෙම කාලය තුළ ලැව්ගිනි ඇතිවීමද සුලභවේ.


දකුණු අප්‍රිකාවේ වියළි කාලය පැමිණීමත් සමඟ සරම්ප රෝග මෙන්ම වෙනත් බෝවන රෝග ඇතිවීම දැකිය හැකිය. වාරිමාර්‍ග නොමැති කමින් කෘෂිකර්ම කටයුතු අඩාල වෙයි. වියළි කාලයේ මිනිසුන්ගේ මානසික අසහනය ඉහළ යන බව පර්යේෂකයෝ විශ්වාස කරති. මේ කාලයේ දී සමහර ගොවියෝ නගරවලට සංක්‍රමණය වීම නිසා එම ප්‍රදේශ ජනාකීර්ණ වීමෙන් බෝවන රෝග පහසුවෙන් පැතිර යාම සිදුවෙයි.


නිරක්ෂයේ වැහි තීරය වසරකට දෙවරක් පසු කර යන බැවින් තෙත් කාල දෙකක් ‍හා වියළි කාල දෙකක් ඇති වේ. එසේ වරක් නියඟය හා වැසි කාලය උතුරෙන් මෑත්වන අතර වරක් දකුණෙ මෑත් වේ.

නිවර්‍තන හා නිරක්ෂය අතර ප්‍රදේශවල කෙටි තෙත් කාල හා දිගු වියළි කාල දැකිය හැක.

ඕස්ට්‍රේලියාවේ වියළි කාලය මැයි සිට සැප්තැම්බර් දක්වා යැයි නිළ වශයෙන් පිළි ගැනේ. මෝසම් වැසි පටන් ගැනීමත් සමඟ ඔක්තෝබර් - දෙසැම්බර් මාසවල අධික වැසි හා අධික තෙතමනයත් දැකිය හැකිය.


නව දත්ත පෙන්වන ආකාරයට දකුණු ඇමරිකා ඇමසන් වැහි වනාන්තරවල කොළ අතු වැඩීම වියළි හා තෙත් කාල අතර වෙනස් වේ. වියළිකාලයේදී ආසන්න වශයෙන් 25% කොළ වැඩියෙන් හා ඉක්මණින් වැඩීම සිදුවේ. ඇමර්සන්හි පමණක් තෙත් කාලය පටන් ගැනීමෙන් පසු කොළ වලින් වැඩි ප්‍රමාණයක් වතුර වාෂ්ප වන බව පර්යේෂකයෝ විශ්වාස කරති. ‍ඇමසන් වනයේ ගස් නොකැපු ප්‍රදේශවල පමණක් ගස්මුල් බොහෝ යටට පිහිටා තිබීමෙන් වඩා වැඩි වැහි වතුර ප්‍රමාණයක් ලබාගත හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති. ඇමසන් වනයේ වියළි හා තෙත් කාල අතර ඕසෝන් මට්ටම වෙනස් වන බවද පෙන්වා දී ඇත. තෙත් කාලයට වඩා වියළි කාලයේ ඕසෝන් මට්ටම වැඩිය.

ආශ්‍රිත

  • නියඟය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මකර තොරණ

  • මාර්තු 17, 2026

    වසභ රජ

  • අප්‍රේල් 04, 2026

    ජේසුස් වහන්සේ

  • මාර්තු 23, 2026

    ලෝක ජනගහනය

  • මාර්තු 11, 2026

    රුවන්වැලිසෑය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට