සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලතින් භාෂාව යනු, පුරාතන ඉතාලිමය භාෂාවක් වන අතර, ලාතියුම සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී ඉතාලිමය ලතින්වරුන් විසින් මුලදී කථා කල භාෂාවකි. බොහෝ යුරෝපියානු භාෂාවන් ම

ලතින් භාෂාව

  • මුල් පිටුව
  • ලතින් භාෂාව

ලතින් භාෂාව යනු, පුරාතන ඉතාලිමය භාෂාවක් වන අතර, ලාතියුම සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී ඉතාලිමය ලතින්වරුන් විසින් මුලදී කථා කල භාෂාවකි. බොහෝ යුරෝපියානු භාෂාවන් මෙන්ම, එයද, පුරාතන පූර්ව-ඉන්දු-යුරෝපියානු භාෂාව වෙතින් පැවතෙන්නකි. ඉට්‍රස්කන් භාෂාව වෙතින් ආභාෂය ලැබ හා ග්‍රීක හෝඩිය පදනමක් වශයෙන් භාවිතා කරමින්, ඉතාලියානු අර්ධද්වීපයෙහි ලතින් යැයි වෙන් කර හඳුනාගත හැකි භාෂාව දක්වා හැඩ ගැසුණි. නූතන රොමැන්ස් භාෂා වනාහී, මෙම භාෂාවෙහි උපභාෂාමය ආකෘතීන්හී (ග්‍රාම්‍ය ලතින්) අවිච්ඡේදයෝ වෙති. මෙයට අමතර වශයෙන්, බොහෝ ශිෂ්‍යයන්, විද්වතුන් සහ, ක්‍රිස්තියානි පූජක පක්ෂයෙහි සමහරක් සාමාජිකයන් විසින්, චතුර ලෙස එය කථා කරන අතර, ලොව වටා සමහරක් ප්‍රාථමික, ද්වීතියික සහ පශ්චාත්-ද්වීතියික අධ්‍යාපනික ආයතනයන්හී එය දැනුදු උගන්වනු ලැබෙයි.

ඉංග්‍රීසි භාෂාවද ඇතුළු, බොහෝ විවිධ භාෂා පවුල්වල නූතන භාෂාවන්හී නව පද නිර්මාණයෙහිදී සහ, බොහෝලෙසින් ජීවවිද්‍යාත්මක වර්ගීකරණ විද්‍යාවෙහිදී, ලතින් භාෂාව දැනුදු භාවිතා වෙයි. ලතින් සහ එය වෙතින් ව්‍යුත්පන්න රොමැන්ස් භාෂාවන්, ඉතාලිමය භාෂා පවුලේ දැනට නොනැසී පවතින එකම භාෂාවන් වෙති. ඉතාලිමය ශාඛාවෙහි අනෙකුත් භාෂාවන්, ආදි ඉතාලියේ අභිලේඛනයන්හී භාවිතා කෙරුනු නමුත්, රෝමානු ජනරජ යුගයෙහිදී ලතින් භාෂාව වෙතට සමාග්‍රහණය කෙරී ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 02, 2026

    කාදිනල් මණ්ඩලය

  • අප්‍රේල් 12, 2026

    කුමාරි මුණසිංහ

  • ජූනි 06, 2026

    වැලන්ටයින් දිනය

  • අප්‍රේල් 12, 2026

    Burgher people

  • මාර්තු 31, 2026

    යාපනය බලකොටුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට