සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය (සොරබොර වැව ටැම් ලිපිය) හ

බදුලු ටැම් ලිපිය

  • මුල් පිටුව
  • බදුලු ටැම් ලිපිය

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය (සොරබොර වැව ටැම් ලිපිය) හෙවත් හෝපිටිගම සෙල් ලිපිය පිහිටුවා තිබේ. එය මෙරට සෙල්ලිපි අතර සුවිශේෂ තැනක් ලබා ගන්නා පුරාවස්තුවක් සේ සැළකේ. එසේම මෙරටින් මේ තාක් සොයාගෙන ඇති ටැම් ලිපි අතුරින් ඉතා කුඩාම අකුරුවලින් ලියන ලද විශාලතම ලිපිය ලෙස මේ ලිපිය පිළිගැනේ.

බදුලු ටැම් ලිපිය
ද්‍රව්‍යයපාෂාණ
ලේඛනයමධ්‍යතන සිංහල
සොයාගැනීම1857
සොරබොර වැවට කිට්ටුව
සොයාගනු ලැබුවේජෝන් බේලි
වර්තමාන පිහිටුමබදුල්ලෙහි සෙනරත් පරණවිතාන අනුස්මරණ පුස්තකාලය
බදුලු ටැම් ලිපිය

පටුන

කරවීම

ක්‍රි.ව. 946 සිට ක්‍රි.ව. 954 සමයේ රාජ්‍ය කල හතරවන උදය රජ විසින් මධ්‍යකාලීන සිංහල අක්ෂර භාවිතයෙන් ටැම් ලිපිය කරවා තිබේ. මෙහි වචන පේලි 203 ක් හා අකුරු 2000ක් පමණ කරවා ඇති අතර ටැම් ලිපියේ උස අඩි 8 අඟල් 5 ක් පමණ වේ.

අන්තර්ගතය

හතරවන උදය රජුගේ දෙවන රාජ වර්ෂයේ නිකිණි මස අව පක්ෂයේ පස්වන දින කරවන ලද ශිලා ලිපියකි. සොරබොර නම් ප්‍රදේශයේ හෝපිටිගම නම් වෙළඳ මධ්‍යස්ථානයේ පාලනයට අදාලව ගම් වැසියන්, වෙළඳුන් හා රාජ්‍ය නිළදධාරීන් විසින් අනුගමනය කල යුතු නීති රීති,ව්‍යවස්ථා මාලාවක් හා පොහොය දින වෙලදාම තහානම් බව සෙල්ලිපියෙහි සඳහන් වේ. මෙහි සඳහන් අන්දමට බුලත් පුවක් පවා දණහිසෙන් පහළ තබාගෙන වෙළඳාම් කිරීම තහනම්ය

සොයා ගැනීම

මහියංගනයෙන් සැතපුම් 3 ක් පමණ ඊසාන දිග සොරබොර වැව අසල තිබී වර්ෂ 1857දී එවක බදුල්ල උප ඒජන්තව සිටි ජෝන් බේලි මහතා විසින් සොයාගෙන බදුලු කච්චේරිය අසල සිටුවා තැබීමෙන් අනතුරුව අවසානයේ මෙම ටැම් ලිපිය වත්මන් ස්ථානයට ගෙනැවිත් තිබේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 17, 2026

    පොළොන්නරු යුගය

  • ජූනි 22, 2026

    Set (mathematics)

  • අප්‍රේල් 04, 2026

    Supportive treatment

  • මැයි 26, 2026

    Triple-alpha process

  • මැයි 22, 2026

    Evolutionary biology

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට