සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉද

සොරබොර වැව

  • මුල් පිටුව
  • සොරබොර වැව

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූද ලෙස හඳුන්වා ඇත.

සොරබොර වැව
සොරබොර වැව is located in Sri Lanka
සොරබොර වැව
සොරබොර වැව
ස්ථානයමහියංගනය
ඛණ්ඩාංක7°21′38.9″N 81°00′21.9″E / 7.360806°N 81.006083°E / 7.360806; 81.006083
වර්ගයකෘෂිකර්මාන්ත ජලාශය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයවර්ග කිලෝමීටර 4.5
පිහිටි ගලෙහි කැපුමක් යොදා තනා ඇති වැවෙහි සොරොව් ඇල මාර්ගය. මෙම කැපුම් ඇල සහ වැව, වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය

දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ. මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.

තාක්ෂණික විස්තර

වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.

මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ මහතාට අනුව සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10700 ක පමණ ව්න අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක්‌ ද කුඹුරු අක්‌කර 1270 ක්‌ පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.

මේවාද බලන්න

  • බදුලු ටැම් ලිපිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 02, 2026

    Uva Province

  • ජූනි 14, 2026

    නාසික් ලෙන්

  • මැයි 17, 2026

    ඒරල් මුහුද

  • අප්‍රේල් 04, 2026

    Ethnic cleansing

  • අප්‍රේල් 06, 2026

    මහාසිව රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට