සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙස උපත ලැබු අමිතාබ් බච්චාන් (1942 ඔක්තෝබර් 11 උපත ලද) ඉන්දීය සිනමා නළුවෙකි. 1970 දශකයේ ඔහුව පළමුවෙන් හඳුන්වන ලද්දේ " ඇන්ග්‍රි යන් මෑන්

අමිතාබ් බච්චන්

විකිපීඩියා වෙතින්
අමිතාබ් බච්චාන්
අමිතාබ් බච්චාන් 2006 දී මුම්බායිහී IIFA සම්මාන ප්‍රදාන පුවත්පත් සාකච්ඡාවෙහිදී.
උපත
අමිතාබ් හරිවන්ෂ් බච්චාන්
අනෙකුත් නම්බිග් බී
වෘත්තියsචිත්‍රපට නළුවා, අධ්‍යක්ෂක, ගායක, රූපවාහිනී වැඩ්සටහන් ඉදිරිපත් කරන්නා
සක්‍රීය වසර1969–වර්තමානය
වල්ලභජයා බහ්දුරි (1973–වර්තමානය)

අමිතාබ් හර්විනාශ් බච්චන් ලෙස උපත ලැබු අමිතාබ් බච්චාන් (1942 ඔක්තෝබර් 11 උපත ලද) ඉන්දීය සිනමා නළුවෙකි. 1970 දශකයේ ඔහුව පළමුවෙන් හඳුන්වන ලද්දේ " ඇන්ග්‍රි යන් මෑන් " යනුවෙනි. ඔහු අද වනවිට ඉන්දීය සිනමා ඉතිහාසයේ සිටින වඩාත් කැපී පෙනෙන අය අතරින් එක්කෙනකි. මොහු ජාතික සිනමා සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන 13ක් ඇතුලුව සම්මාන බොහෝමයක් ලබා ගෙන ඇත. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නම් යෝජනා වීමේ වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවා ඇත. රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදකයෙක් ද, ගායකයෙක් ද, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසටද,1984-1987 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

පෙර ජීවිතය

අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. "ඉන්කියුලාබ් සින්ඩාබද්" නම් ප්‍රසිද්ධ වැකියෙන් එන "ඉන්කියුලාබ්" නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ "කිසි දිනෙක නොමියෙන ආලෝකය යි". ශ්‍රීවාස්තව් ඔහුගේ වාසගම වුවද, තම පියා කවි ලිවිම සඳහා භාවිතා කලේ බච්චාන් යන නාමයයි. අමිතාබ් සිනමාවට පිවිසියේ මේ නමින් වන අතර, වර්තමානයේ ඔහුගේ පවුලේ සියලු දෙනාම පොදු අවශ්‍යතා සඳහා මෙම නම භාවිතා කරයි. හර්විනාශ් රායි බච්චාන් හට පුතුන් දෙදෙනකු සිටියහ. අමිතාබ් ඉන් වැඩිමහල් වු අතර දෙවැනියා වුයේ අජිතාබ් ය. ඔහුගේ මව වේදිකාවට උනන්දුවක් දැක්වු අතර,ඇයට චිත්‍රපටයක චරිතයක් ලබා දුන්නද, ඇය එය ප්‍රතික්ෂේප කලාය. ඔහුගේ මව බච්චන්ගේ කැමැත්ත පිළිබඳව දැන සිටි අතර,ඔහු කෙදිනක හෝ වේදිකාවට පිවිසෙන බව දැන සිටියාය. ඔහු "ජේ නානා ප්‍රභෝධිනි" "බෝයිස් හයි ස්කූල්" හිද, පසුව "නයිනිතාල් ශර්වුඩ් විදුහලේදි කලා අංශයෙන් ඉගෙනුම ලැබීය. නව දිල්ලියේ විශ්ව විද්‍යාලයක්,"කිරෝරි මාල් විදුහලින්" විද්‍යා අංශයෙන් ඔහු උපාධියක් ලබා ගත්තේය. "බර්ඩ් ඇන්ඩ් කොම්පැනි" නම් කල්කටාවෙ පිහිටි නැව් සමාගමක කටයුතු කල ඔහු ඉන් පසුව ඉවත් වුයේ තම සිනමා ජීවිතය ආරම්භ කිරීමේ අදහසිනි.

ඉහළට