සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බෙයියු පන්සල (චීන: 北岳庙) චීනයේ බෙයියු පළාතේ ශියෑන්ග්හි පිහිටා ඇති ටාඕ සිද්ධස්ථානයකි. මෙම පන්සල ලිඕ රාජවංශයෙ කෝශු අදිරාජ්‍යයින් හන්ග් පර්වතයට පුදපූජා පැවැත්වීමට බ

බෙයියු පන්සල

විකිපීඩියා වෙතින්
බෙයියු පන්සල
දාන ශාලාව බෙයියු පන්සල
මූලික තොරතුරු
පිහිටීමශියෑන්ග්
භූගෝලීය ඛණ්ඩාංක38°37′19.20″N 114°41′28.14″E / 38.6220000°N 114.6911500°E / 38.6220000; 114.6911500
අනුබැඳියාවටාඕ
පළාතහොබෙයි
ගෘහනිර්මාණ විස්තර
සම්පූර්ණ කෙරුණේ1270
යුආන් සමය

බෙයියු පන්සල (චීන: 北岳庙) චීනයේ බෙයියු පළාතේ ශියෑන්ග්හි පිහිටා ඇති ටාඕ සිද්ධස්ථානයකි. මෙම පන්සල ලිඕ රාජවංශයෙ කෝශු අදිරාජ්‍යයින් හන්ග් පර්වතයට පුදපූජා පැවැත්වීමට බාවිතාකරන ලදී.යුආන් පාලන කාලයේදී නිර්මාණයකල විශාලතම,පැරණිතම සහ වඩාත් වැදගත්ම දැව ගොඩනැගිල්ල වන්නේ මෙහි දානශාලාවවේ. මෙම පන්සල ගේට්ටු තුනකි සමන්විතය තවද අෂ්ටාස්‍ර මණ්ඩපයක්ද බෝහෝ සෙල් පුවරුද මෙහි දැකියහැක.

ඉතිහාසය

බෙයියු පන්සල පළමුව ගොඩනගනලදේ උතුරු වෙයි (386-584) හෝ ටැංග් (618-907) රාජවංශයෙදීය නමුත් මෙහි අරඹය හං රාජවංශයෙදී එනම් ක්‍රිස්තුපුර්ව 2 සියවසේ පමණ සිදුවූ බවට සාදක පවතී . මෙම පන්සල දෙවරක් ගොඩනගා තිබේ එනම් 991දී(950 මොන්ගෝලියානු ආක්‍රමණයට පසු) හා 1270 . ශියෑන්ග් පළාතේ 1672 ලිඛිත ඉතිහාසයෙ අඩංගු චිත්‍ර සමග සැසදීමේදී පන්සල වර්තමාන ස්වරුපය 15 වන සියවස වන විට වර්තමාන ස්වරුපය ගෙන තිබුන බව තහවුරු විය.

කෝශු පාලන කාලයේදී බෙයියු පන්සල හන්ග් පර්වතයට පුදපූජා පැවැත්වීමට බාවිතකරන ප්‍රදාන ස්ථානය විය, ටාඕවාදයට අනුව හන්ග් පර්වතය චීනයේ පුජනිය පර්වත අතරින් එකක්වෙ.මෙම කාලයේදී හන්ග් පර්වතය ලිඕ රාජවංශයෙ(916-1125) පාලනයට යටත්විය . දේශපාලන ස්ථාවර බාවය පවත්වාගෙනයාමට සහ ටාඕවාදීන්ගේ සහයෝගය ලබාගැනීමට ශෝන්ග් රජවරුන් බෙයියු පන්සල අනුග්‍රහය දක්වා ඇත.ශෝන්ග්වරුන් පර්වතය පාලනය නොකලද ඔවුන්ගේ පුජාවන් සතුරු බලප්‍රදේශ හරහා පර්වතයට ලගාවනබව අදහනලදී .

ගෘහ නිර්මාණ ශිල්පය

චින්යෙඉ මණ්ඩපය

බෙයියු පන්සලේ ගොඩනැගිලි 6 උතුරු-දකුණු අක්ෂය හරහා විහිදීයයි. උතුරේ සිට දකුණට ඇති ගොඩනැගිලි වන්නේ දොරටුව, අෂ්ටාස්‍ර චින්යෙඉ මණ්ඩපය(天一阁) මින් රාජවංශය, තවත් දොරටු යුගලයක්, දානශාලාව(德宁殿). දානශාලාව ඉදිරිපසින් ඇති වේදිකාවෙ ශෛලමය මූර්ති ශේෂ දැකිය හැක නමුත් මෙය අතීතයේ පැවති තවත් ශාලාවක භූමියවෙ. පන්සල් භූමිය පිරික්සා බැලීමේදී පෙනීයන්නේ බොහාමයක් ගොඩනැගිලි 20 ශතවර්ෂයේ නැවත ගොඩනගා ඇති බවකි.

පන්සල වටා ඇති ප්‍රාකාරය අතීතයේදී ශියෑන්ග් නගර ප්‍රාකාරයේ කොටසක් විය. පන්සල් භූමියතට ඇතුළුවීමට ඇති දකුණු දොරටුව අතීතයේ නගරයේ ප්‍රදාන දොරටුවලින් එකකි.මෙම කොටස් වලට අමතරව නගර ප්‍රාකාරයේ වෙනත් කොටස් එතිරිව නැත.මෙහිදී උතුරු වෙඊ රජසමයට අයත් 137 අදික සෙල් පුවරු දැකගතහැකිය.

දානශාලව

දානශාලව පන්සලේ ඇති ප්‍රදානතම ශාලාවාවේ එය 1270දී යුආං රජසමයට අයත්වෙ. ශාලාවට මුහුණලා ඇති සුවිශාල වේදිකාව(25*20) යෙඉටඊ (月台, චන්ද්‍ර වේදිකාව) නම්වේ.උස් වේදිකාවක නිර්මාණයකර තිබෙන දානශාලවට ඇතුළුවීම ඉදිරිපස මැද පඩිපෙළ මගින් හෝ යෙඉටඊ වේදිකාවට සම්බන්ධ පැති පඩිපෙළ දෙකෙන් කල හැක වේදිකාවෙ පරිමිතිය වටා සිංහ හිසති සුදු කිරිගරුඬ ගරාදා වැටක් ඇත. ශෝන්ග් රජසමයේ රචිත වාස්තුවිද්‍යාත්මක නිබන්ධනයට(營造學社法式) අනුව දානශාලාව හයවන පා ස්තම්භයන්ගෙන් සමන්විතවෙ.මෙහි කුළුණු අග ඇති අල්ලු සිරස් තීරු තුනක් සහ හරස් තීරු තුනකින් සමන්විතවේ. හයවන පා අල්ලු රජසමයට අයත් දැනට ඉතිරිවඇති වඩාත් සංකිර්ණම ඒවාවේ. මෙවැනි ගෘහනිර්මාණ ලක්ෂණ සලකා බලනවිට මෙම දානශාලාව යුආං රජසමයට අයත් වැදගත්ම දැවමය ශාලාවක්බව පෙනීයයි. මෙම ලක්ෂණ මොන්ගෝලියනු අගනුවර ගොඩනැගිලිවල විස්තර සමග ගැලපේ මෙයින් පෙනීයන්නෙ මෙම දානශාලාව විනාශවීගිය මොන්ගෝලියානු අගනුවර ඩඩු (දැන් බිජිං) ගෘහනිර්මාණ සම්ප්‍රදාය අනුව නිර්මාණය කරැති බවයි.

ටාඕ බිතුසිතුවම් දානශාලවෙ බිත්ති තුනක දැකියහැක. බස්නාහිර බිත්තියෙ 17*17(m) ප්‍රමාණයේ බිතුසිතුවම් ටැංග් රජසමයට අයත්වෙ, එය පරාදේශීය ජාල දේව රුවක් පිහාටු සහිතව දක්වයි.මකර රජු නැගෙනහිර බිතුසිතුවම්වල දැකිය හැක. මෙම ශාලාවේ පිලිරු 9 දැකියහැකි අතර ඒවා ශාලාව ගොඩනගන ලද සමයටම අයත්වෙ.

ඉහළට