| සිරිමැටි සිත්තරාවි | |
|---|---|
![]() සිරිමැටි සිත්තරාවි සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
| මෙලෙසද හැඳින්වේ | Goddess of Fire, Jung Yi Jung Yi, the Goddess of Fire Goddess of Fire, Jeongi The Goddess of Fire |
| ප්‍රභේදය | කාලාන්තර නාට්‍ය ප්‍රේම කථා නාට්‍ය |
| රචනය කලේ | ක්වොන් සූන්-ක්යු ලී සෝ-යූන් |
| අධ්‍යක්ෂණය කලේ | පාක් සුං-සූ ජුං දේ-යූන් |
| රඟපෑම | මූන් ගියුන්-යොං ලී සං-යූන් කිම් බුම් |
| Composer(s) | ලී පිල්-හෝ |
| සම්භව රට | දකුණු කොරියාව |
| භාෂාව(න්) | කොරියානු |
| කථාංග ගණන | 32 |
| නිෂ්පාදනය | |
| විධායකනිෂ්පාදක(යෝ) | ගෝ දොං-සුන් කිම් සියුං-මෝ |
| නිෂ්පාදක(යෝ) | කිම් ක්වං-ඉල් |
| සංස්කාරක(යන්) | ඉම් ග්යොං-රේ |
| ස්ථානය(න්) | කොරියාව, ජපානය |
| සිනෙමාරූපණය | ලී තේ-හී ජෝ සොං-සූ |
| ධාවන කාලය | මිනිත්තු 60, සඳුදා සහ අගහරුවාදා 21:55 (KST) |
| නිෂ්පාදන සමාගම | KPAX MBC C&I |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | MBC |
| රූප ආකෘතිය | HDTV |
| මුල් ධාවනය | 1 ජූලි 2013 – 22 ඔක්තෝබර් 2013 |
| කාලානුක්‍රමය | |
| පූර්වගමනය වනුයේ | Gu Family Book |
| අනුගමනය වනුයේ | Empress Ki |
| බාහිර සබැඳි | |
| වෙබ් අඩවිය | |
සිරිමැටි සිත්තරාවි (කොරියානු: 불의 여신 정이; ප්‍රරෝ: බුලුයි යෝසින් ජොං-ඊ; සාහිත්‍යමය. ගින්නෙහි දෙවගන, ජොං යි) යනු 2013දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලාවකි. එහි චරිත නිරූපණය මූන් ගියුන්-යොං, ලී සං-යූන්, කිම් බුම්, පාක් ගුන්-හ්යුං, සියෝ හ්යුන්-ජින්, ජුන්ක්වං-ර්යුල්, ජොං බෝ-සූක්, බ්යුන් හී-බොං, හන් ගෝ-ඉයුන්, සහ ලී ක්වං-සූ විසින් සිදුකරන ලදී. එය 2013 ජූලි 1 සිට ඔක්තෝබර් 22 දක්වා MBC නාළිකාව ඔස්සේ සඳුදා සහ අගහරුවාදා 21:55ට කථාංග 32කින් යුක්තව විකාශය කරන ලදී.
මෙය ඓතිහාසික නාට්‍යයක් වන අතර මෙමගින් 16වන සියවසේ සිටි සැබෑ චරිතයක් වන බෙක් පා-සුන්ගේ ජීවිතය සහ ඇගේ ප්‍රේමය නිරූපණය වෙයි.ඇය කොරියාවේ ජෝසුන් රාජවංශ සමයේ සිටි පළමු කුඹල් සහ සිරිමැටි කලා ශිල්පිනිය ලෙස සැලකේ.
බෙක්ගේ සිරිමැටි ඔපදැමීමේ හැකියාව ඉතාම උසස් ගණයේ වූ අතර ඇය රාජකීය පවුල සඳහා පිගන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා තෝරාගැනිණි. ඇගේ කීර්තිය නිසාම විදේශීය ආක්රමණිකයෝ ද ඇය පිළිබඳ අවධානය යොමුකරන්නට වූහ. 1592 ජපන් ආක්‍රමණ සමයේ දී, ඇය ඇතුළු කොරියානු කලාකරුවන් රැසක්ම ජපානය වෙත බලෙන් රැගෙන යන ලදී. ටොයොටොමි හිදෙයොෂිගේ නියෝගය අනුව ජපන් කලාව හැඩගැන්වීමට බෙක් සිය දායකත්වය සැපයූ අතර ඇය නව ආරේ මැටි බඳුන් විශාල සංඛ්‍යාවක් නිර්මාණයට දායක වූ අතර එම නිර්මාණ ජපන් කලාකෘති ලෙස සැලකෙයි. ඇය ජපානය තුළ ගෞරවාදරයට පාත්‍ර වූ අතර ඇය වෙනුවෙන් නම්කළ විහාරයක් අරිටා නගරයේ පිහිටා ඇත.
කථාපුවත
තමන්ට ස්වභාවයෙන්ම උරුම වූ දක්ෂතාවයකට උරුමකම් කී යූ ජුං ජෝසුන් රාජවංශයේ ඉහළම සිරිමැටි ශිල්පිනිය වීමට සිහින මවයි. 16වන සියවසේ ආසියානු වඩාත් අනර්ඝතම පෝසිලේන් ලෙස සැලකුණේ ජෝසුන්හි සුදු පෝසිලේන් ය. ග්වංජුහි බුන්වොන්-රි ප්‍රදේශයේ පිහිටා තිබූ රජයේ අනුග්‍රහය ලද බුන්වොන් (කොරියානු: 분원; හන්ජා: 分院) කම්හල තුළ ජොං ඇගේ සිරිමැටි කලාව උගනියි. මෙම සිරිමැටි කලාව විද්‍යාවේ සහ කලාවේ සම්මිශ්‍රණයක් ලෙස පැවසීම වඩා නිවැරදි ය..
පසුකලෙක ජොං ග්වංහේ කුමරු සමග ප්‍රේමයක පැටලෙයි. මෙම ග්වංහේ කුමරුගේ කිරුලට ඉමහත් තර්ජන පැවතිණි. ජොං කෙරෙහි ග්වංහේ දැඩි ප්‍රේමයකින් පසු වූ නමුත් ඔහුට ඇයව අත්හැරීමට සිදු වෙයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- මූන් ගියුන්-යොං, යූ ජොං ලෙස
- ජින් ජි-හී, ළමා ජොං ලෙස
- ඇය උපන්නේ අපූර්ව ආඝ්රාණ, රස දැනීමේ, ඇසීමේ, දැකීමේ සහ ස්පර්ශ කිරීමේ හැකියාවන් සහිතව ය. ඇයට මැටිබදුන් අතරින් උසස් මැටිබදුන් හදුනා ගත හැකි විය. ඇය සිය හැකියා යොදා ගනිමින් ඉතා අලංකාරවත් උසස් මැටි බදුන් නිමවයි. ඇය සිය ආඝ්රාණ හැකියාව යොදා ගනිමින් හොදම මැටිවර්ග තෝරා ගත්තා ය. ඇය මැටි බදුනෙහි රස බලා එය හොදම ප්‍රමිතියෙන් ඇත්දැයි නිර්ණය කරයි. මැටි බදුන පුළුස්සන විට ඇය ඇගේ අපූර්ව ශ්‍රවණ හැකියාව උපයෝගී කර ගනිමින් උදුනේ උෂ්ණත්වය පාලනය කරයි. ඇගේ ප්‍රතිභාපූර්ණ දෑත් මැටි පිඩ කලාත්මක නිර්මාණයක් බවට පත් කරයි. ඇය උපත ලැබූයේ උදුනක් තුළ නිසා ජනයා පවසන්නේ උදුනට අධිපති දෙවියන් ඇය තුළට ඇතුළු වී ඇති බවකි. අභියෝගයන්ට මුහුණ දීමට බියනොවන ඇයට ක්ෂණික නුවණක් ඇත. ඇයට අවශ්‍ය වූයේ කම්මල්කාරියක වීමටයි. නමුත් දෛවය ඇයව කුඹල් ශිල්පිනියක බවට පත්කළේ ය. ඇයට සිරිමැටි බදුන් නිර්මාණයට ඇති හැකියාව සියොංජෝ රජු විසින් හදුනාගන්නා නමුත් ඇය සිය හදාගත් පියාගේ මරණින් පසු මාලිගයේ කුඹල් අංශයට ඇතළත් වෙයි. ඇය සිය හැකියාව යොදා ගනිමින් සියලු බාධක බිද දමන අතර ඇය කාන්තාවක වීම නිසා අන්‍යන්ගෙන් හිමි වූ ඊර්ෂ්‍යාව බිදලීමට ඇය සමත් විය. කාන්තාවක ලෙස ඇය එම අංශයේ ලාබාලතම ශිල්පිනිය බවට පත්වෙයි. ඇය රාජකීය පවුල සදහා උත්සව භාණ්ඩ මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සදහා අවශ්‍ය භාණ්ඩ ද නිමවූවා ය. ඇය ලී යූක්-දෝ සමගින් ගැටුමට එළඹෙන අතර අවසානයේ ඇය ඉන් ජය ලබා කුඹල් අංශයේ ප්‍රධානියා බවට පත් වෙයි. අගේ වඩාත් අලංකාරම සහ විචිත්‍රවත් මැටිබදුන් නිසා ඇය ජෝසුන් රාජ්‍යය තුළ අමරණීයත්වයට පත් විය. නමුත් අවසානයේදී ලී යූක්-දෝගේ කූට උපායයක් මගින් ඇයව ඇගේ හැකියාවන් අවශ්‍යව තිබූ ජපන් ෂෝගුන් ටොයොටොමි හිදෙයොෂි හට හසුකර දෙයි. ජපන් ආක්‍රමණ අවසන් කළ හැකි එකම තැනැත්තිය ඇය වූ නිසාවෙන් ජොං ජපානයට යාමට තීරණය කරයි. ඇය ජපානය වෙත ගොස් ජෝසුන් සමයේ කීර්තිමත් සිරිමැටි කලාව ජපානයට හදුන්වා දෙයි. එම කලාව ජපානයේ සියවස් ගණනාවක්ම සරසන්නට විය.
- ලී සං-යූන්, ග්වංහේ කුමරු ලෙස
- නෝ යොං-හක්, ළමා ග්වංහේ ලෙස
- ඔහුගේ උපන් නාමය හොන් විය. ඔහු ජෝසුන්හි 15වන රජු බවට පත්වුවත්, ඔහුට ජෝසුන් රජකුට ගැළපෙන පූර්ණ නාමයක් වෙනුවට හිමිවූයේ ගුන් යන සුළු නාමය පමණි. ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඔහු කිරුල කරා යන ගමනට බාධා පමුණුවන ලදී. උපබිසවක් වූ ඔහුගේ මව ඔහුගේ උපතේ දී මියගිය බැවින් සියොංජෝ රජු ඒ පිළිබද ඔහුට නිතර චෝදනා කළ අතර කිසිදිනෙක ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධයක් නොතිබිණි. ළමා වියේදීම ග්වංහේ වටහාගත් දෙයක් වූයේ සටන් කලාව ප්‍රගුණ කිරීම සහ විද්‍යාර්ථීන් සමග වාද කිරීම ඔහු වටා විරුද්ධවාදීන් ගොඩනගන බවයි. සිය පියා සමග දඩයම් සංචාරයකට යන විට ඔහුට සිය ඉරණම්කාරිය වූ ජොං ව හමුවෙයි.
- කිම් බුම්, කිම් තෙ-දෝ ලෙස
- පාක් ගුන්-තේ, ළමා තෙ-දෝ ලෙස
- තේ-දෝ උපත ලැබූයේ ජුං වටා හිද ඇයව ආරක්ෂා කිරීමටයි. ජොං හට මවක් නොසිටි නිසා තේ-දෝ ඇයට සිය සොහොයුරියට මෙන් සලකයි. තෙ-දෝ සිය දෙමාපියන්ගේ සුරාසල පවත්වාගෙන යාමට උපකාර කළ අතර විවේක වේලාවන්හිදී සටන් කලාව ප්‍රගුණ කළේ ය.දිවියේ ඉතිරි කාලය ජොං රැකබලා ගනිමින් ගත කරයි. ඔහුට ජුං සමග කාලය ගත කිරීමට ප්‍රමාණවත් තරම් වේලාවක් හිමි නොවිණි. ඔහු ජොං වෙනුවෙන් සිය ජීවිතය වුවත් පුදකිරීමට සූදානම් අයෙකි. ඉතා කඩවසම් මොහු දක්ෂ සටන්කරුවෙකි. ඔහු සැමවිටම සිදුකළේ තමන්ට යහපත් යැයි හැගෙන දේ පමණි. ඔහු දුබලයන්ට අවි ඔසවන ප්රබලයන්ට එරෙහිව සටන් කළේ ය. ඔහුගේ පියා කම්මල්කරුවෙකි. ඔහු කම්මල් වෘත්තියට වඩා යුධ ශිල්පයට ප්‍රිය කළ නිසා අවසානයේ යුධ සෙබලකු බවට පත්වෙයි. ඔහුගේ හදවතේ සිටින්නේ ජොං පමණකි. ඔවුන් සොයුරන් මෙන් හැදී වැඩුණත්, ග්වංහේගේ පැමිණීමෙන් තුන්කොන් ආදරයක් නිර්මාණය වේ. ජොං අවසානයේ රාජකීය කුඹල් අංශයේ ප්‍රධානියා බවට පත් වූ විට ඔහු ඇය පිළිබද වූ අපේක්ෂාවන් අත්හරී. ජපන් ආක්‍රමණිකයන් කොරියාවට පැමිණෙන විට යුධ සෙබලුන්ව කැදවනු ලැබෙයි. තේ-දෝ සතුරු හමුදා පැරදවීමට ග්වංහේට උපකාර කරන අතර ජපනුන්ගේ ප්රාණඇපකාරියකව සිටි ජොංව බේරාගැනීමට උත්සාහ කරයි. ඔහු සටනේ යෙදුණද නින්ජාවරුන්ගේ නායකයා අතින් මරණීය තුවාල ලබයි. මියයාමට ප්‍රථම ඔහු ජොං හමුවන අතර තමා පෙම් කළ එකම ස්ත්‍රිය ජොං බව ඔහු හෙළිකර සිටියි.
- පාක් ගුන්-හ්යුං, ලී යූක්-දෝ ලෙස
- ඕ ස්යුං-යූන්, ළමා යූක්-දෝ ලෙස
- සා-ඔං රාජකීය අංශයේ ප්‍රධානියා වූ ලී ගං-චුන්ගේ පුත්‍රයා වූ මොහු ජොංගේ අර්ධ සොහොයුරා විය. ප්‍රකට කුඹල් ශිල්පී පවුලක උපන් ඔහු තරුණ වියේදී කුඹල් ශිල්පයට දස්කම් පෙන්වයි. බොහෝ පුද්ගලයන් ලී යූක්-දෝ දක්ෂ පුද්ගලයකු යැයි සිතුවද, ඔහුගේ දැඩි පරිශ්රමය සහ කූටෝපායය්න පිළිබද කිසිවකුත් දැන සිටියේ නැත. ඔහු දවසේ පැයගණනාවක් සකපෝරුව අසල මැටි බදුන් සාදමින් කල්ගත කරයි.
- සියෝ හ්යුන්-ජින්, ෂිම් හ්වා-ර්යුං ලෙස
- කිම් ජි-මින්, ළමා හ්වා-ර්යුං ලෙස
- ඇය සිය කුඩාවිය ජොං සමග ගතකළ අතර ඔවුන් හැදීවැඩුණේ එකටයි. ජෝසුන්හි ප්‍රථම සිරිමැටි ශිල්පිනිය වීමට ඇය සිහින දැක්කත්, ඇයට වඩා දක්ෂ ජොංව ඇයට පැරදවිය නොහැකි බව ඇය වටහා ගනී. ඇයට ජොං මෙන් අලංකාර මැටි බදුන් සෑදිය නොහැකි වුවත්, අනර්ඝ නිර්මාණ හදුනාගැනීමේ හැකියාවක් ඇයට තිබිණි. පසුව ධනය සහ බලය පසුපස හඹා යන ඇය තමන්ට අවශ්‍ය දෙය ලබා ගනී. ඇය තෙ-දෝ පිළිබද ඒක-පාර්ශ්වික ප්‍රේමයක් ඇති කරගන්නා අතර පසුව ජොංගේ එදිරිවාදියකු බවට පත් වේ.
සහාය රංගනය
- ජුන් ක්වං-ර්යුල්, ලී ගං-චුන් ලෙස
- 6වන පරපුරේ රාජකීය සිරිමැටි ශිල්පියකු වු මොහු ජුංගේ සැබෑ පියා විය. ඔහුගේ පවුල කුඹල් කර්මාන්තය සදහා ප්‍රසිද්ධියක් ඉසිලී ය. ඔහු ජුං කලාශිල්පිණියක වීම වැළැක්වීමට උත්සාහ දැරී ය. ඔහු සිය පුතු යුක්දෝ වෙනුවෙන් හැකි සෑම දෙයක්ම සිදු කරයි. ඔහු පසුව ජපනුන්හට කෙනාරියාව ආක්‍රමණය කිරීමට උදව් කරන අතර පසුව සිය පුතු වූ යුක්දෝව බේරා ගැනීමට ගොස් ජපනුන් අතින් මියයයි.
- බ්යුන් හී-බොං, මූන් සා-සියුං ලෙස
- ලී ජොං-වොන්, යූ ඉයුල්දම් ලෙස
- සුං ජි-රු, ෂිම් ජොං-සූ ලෙස
- ජොං බෝ-සොක්, සියොංජෝ රජු ලෙස
- හන් ගෝ-ඉයුන්, කිම් මැතිණිය (ඉන් බින්) ලෙස
- ලී ක්වං-සූ, ඉම්හේ කුමරු ලෙස
- ලී ඉන්-සුං, ළමා ඉම්හේ ලෙස
- ජං ග්වං, ලී ප්යුං-ඉක් ලෙස
- ජං හ්යෝ-ජින්, මා-පූං ලෙස
- සොං ඔක්-සූක්, සොන් හේං-සූ ලෙස
- චෝයි ජි-නා, යොන්-ඔක් ලෙස
ඇගයීම්
| කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
|---|---|---|---|---|---|
| TNmS ඇගයීම් | AGB නීල්සන් | ||||
| දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර පෙදෙස | ||
| 1 | 2013 ජූලි 1 | 10.1% | 11.1% | 10.7% | 12.3% |
| 2 | 2013 ජූලි 2 | 10.4% | 11.7% | 11.4% | 11.3% |
| 3 | 2013 ජූලි 8 | 9.3% | 10.5% | 10.3% | 11.4% |
| 4 | 2013 ජූලි 9 | 10.6% | 11.9% | 12.0% | 12.8% |
| 5 | 2013 ජූලි 15 | 11.5% | 13.3% | 10.6% | 11.7% |
| 6 | 2013 ජූලි 16 | 11.3% | 13.7% | 11.8% | 13.3% |
| 7 | 2013 ජූලි 22 | 11.2% | 13.4% | 11.7% | 12.6% |
| 8 | 2013 ජූලි 23 | 12.1% | 15.1% | 11.8% | 12.4% |
| 9 | 2013 ජූලි 29 | 11.2% | 13.7% | 10.4% | 11.6% |
| 10 | 2013 ජූලි 30 | 10.8% | 13.4% | 11.0% | 11.5% |
| 11 | 2013 අගෝස්තු 5 | 10.7% | 13.6% | 10.0% | 11.2% |
| 12 | 2013 අගෝස්තු 6 | 11.0% | 14.4% | 11.6% | 13.0% |
| 13 | 2013 අගෝස්තු 12 | 8.2% | 10.5% | 9.1% | 10.3% |
| 14 | 2013 අගෝස්තු 13 | 8.8% | 10.9% | 9.6% | 10.8% |
| 15 | 2013 අගෝස්තු 19 | 7.7% | 9.6% | 7.8% | 9.4% |
| 16 | 2013 අගෝස්තු 20 | 8.2% | 10.3% | 8.6% | 9.8% |
| 17 | 2013 අගෝස්තු 26 | 7.6% | 8.7% | 8.6% | 9.9% |
| 18 | 2013 අගෝස්තු 27 | 8.4% | 10.3% | 9.1% | 10.9% |
| 19 | 2013 සැප්තැම්බර් 2 | 8.5% | 9.7% | 8.4% | 9.7% |
| 20 | 2013 සැප්තැම්බර් 3 | 9.6% | 11.5% | 9.1% | 10.4% |
| 21 | 2013 සැප්තැම්බර් 9 | 7.6% | 8.9% | 8.4% | 9.4% |
| 22 | 2013 සැප්තැම්බර් 10 | 8.2% | 9.1% | 7.9% | 9.1% |
| 23 | 2013 සැප්තැම්බර් 16 | 8.2% | 9.9% | 7.5% | 8.7% |
| 24 | 2013 සැප්තැම්බර් 17 | 7.9% | 8.5% | 7.2% | 7.8% |
| 25 | 2013 සැප්තැම්බර් 30 | 7.1% | 8.2% | 6.0% | 7.2% |
| 26 | 2013 ඔක්තෝබර් 1 | 7.7% | 8.8% | 7.6% | 8.4% |
| 27 | 2013 ඔක්තෝබර් 7 | 7.9% | 9.2% | 7.4% | 9.0% |
| 28 | 2013 ඔක්තෝබර් 8 | 7.6% | 8.5% | 7.2% | 7.7% |
| 29 | 2013 ඔක්තෝබර් 15 | 8.2% | 9.3% | 9.0% | 10.3% |
| 30 | 2013 ඔක්තෝබර් 15 | 6.8% | 8.2% | 8.0% | 9.5% |
| 31 | 2013 ඔක්තෝබර් 21 | 9.1% | 11.0% | 9.3% | 10.4% |
| 32 | 2013 ඔක්තෝබර් 22 | 10.3% | 12.1% | 9.6% | 10.6% |
| සාමාන්‍යය | 9.2% | - | 9.3% | 10.4% | |
සම්මාන සහ නිර්දේශ
| වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | ප්‍රදානලාභියා | ප්‍රතිඵලය |
|---|---|---|---|---|
| 2013 | විශිශ්ට සම්මානය, නළුවා | ලී සං-යූන් | නිර්දේශිත | |
| විශිෂ්ට සම්මානය, නිළිය | සියෝ හ්යුන්-ජින් | දිනාගති | ||
| විශිෂ්ටතම සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නිළිය | මූන් ගියුන්-හොං | නිර්දේශිත | ||
| විශිෂ්ට සම්මානය, විශේෂ ව්‍යාපෘති නාට්‍යයක නළුවා | [ලී සං-යූන්]] | නිර්දේශිත | ||
| 2014 | කැපීපෙනෙන කොරියානු නාට්‍යය | ගොඩස් ඔෆ් ෆයර් | නිර්දේශිත | |
| කැපීපෙනෙන කොරියානු නිළිය | මූන් ගියුන්-හොං | නිර්දේශිත | ||
| කැපීපෙනෙන කොරියානු නාට්‍යOST | Forever You – බොබී කිම් | නිර්දේශිත | ||
| Tears Flow - නොයෙල් | නිර්දේශිත | |||
මුල් නාදපථය
- 가랑 가랑
- Tears Are Also Love (눈물도 사랑인 걸) – බෙක් ආ-යොන්
- Tears Flow (눈물이 흐른다) - නොයෙල්
- Forever You (영원히 너를) – බොබී කිම්
- I Love You (사랑해) – 15&හි පාක් ජි-මින්
- Though I Close My Eyes (두눈을 감아도) - Lush
- Monologue (혼잣말) – කිම් හ්යුං-ජූං
- 사기장의 운명
- 행복한 정이
- 외로운 군주
- 뜨거운 마음
- 사랑을 빚다
- 환희
- 꺼지지 않는 사랑
- 인연을 빚다
- 떨리는 손
- 마음에 이는 바람
- 불같은 사랑
- 고독한 싸움
- 불처럼 꽃처럼
- 여자 사기장
- 정이의 눈물
- 운명
- 분원 낭청 정이
අන්තර්ජාතික විකාශය
ශ්‍රී ලංකාව මෙය 2015දී ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නාළිකාව මගින් සිරිමැටි සිත්තරාවි යන තේමාව යටතේ විකාශය කරන ලදී.
බාහිර සබැදුම්
- ගොඩස් ඔෆ් ෆයර් MBC නිල වෙබ්අඩවිය (කොරියානු)
- ගොඩස් ඔෆ් ෆයර් at MBC Global Media
- ගොඩස් ඔෆ් ෆයර් at HanCinema
- ගොඩස් ඔෆ් ෆයර් at Internet Movie Database
- 2013 වර්ෂයේ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලා ඇරඹීම්
- 2013 වර්ෂයේ දකුණු කොරියානු රූපවාහිනි කථාමාලා අවසන්වීම්
- 2010දශකයේ දකුණු කොරියානු රූපවාහිනී කථාමාලා
- 2013දකුණු කොරියානු රූපවාහිනිය
- මුන්හ්වා විකාශන සංස්ථාවේ රූපවාහිනී නාට්‍ය
- ජෝසුන් රාජවංශය පසුබිමෙහි තිරගතවූ රූපවාහිනී මාලානාට්‍ය
- කොරියානු-භාෂා රූපවාහිනී වැඩසටහන්කරණය
- රූපවාහිනී කතාමාලා
- ජොසොන්හි ග්වංහේගුන්
