( වෙතින් යළි-යොමු කරන ලදි)
ජං ගුම් | |
|---|---|
| උපත | 15වන සියවස ජොසොන් (කොරියාව) |
| අනෙකුත් නම් | දේ ජං ගුම් (මහා ජං ගුම්) |
| වෘත්තිය | වෛද්‍යවරිය |
| සංගණ්‍ය වන්නේ | කොරියානු රජකුගේ (ජොසොන් හි ජුංජොං) ප්‍රථම පෞද්ගලික වෛද්‍යවරිය වීම |
| ජං-ගුම් | |
| හංගුල් | 장금 |
|---|---|
| හන්ජා | 長今 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jang-geum |
| මැකූන්–රයිෂවර් | Changgeum |
| "ජං-ගුම්" යනු ඇගේ පෞද්ගලික නාමය බව සලකන්න. | |
ජං-ගුම් ආර්යාව (මුල්කාලීන 16වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු ඉතිහාසය තුළ බිහිවූ ප්‍රථම රාජකීය වෛද්‍යවරියයි. ඇයගේ නාමය ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා තුළ 10 වරක් සඳහන් වේ. ජං-ගුම්ගේ වෛද්‍ය ඥානය දැක පැහැදුණු ජුංජොං රජු ඇයට රාජකීය පවුලේ සෞඛ්‍යය පිළිබඳ වගකීම පැවරූ බැව් පෙනේ. එම නිසා, මාලිගයෙහි තෙවන ඉහළම නිලධාරිනිය වූ ජ-ගුම් හට දේ (කොරියානු: 대; හන්ජා: 大; ප්‍රරෝ: Dae; මැ.ර.: Tae) (මෙහි අර්ථය "මහා" යන්නයි) යන ගෞරව ආමන්ත්‍රණය පිරිනැමිණි.
ඇතැම් මූලාශ්රවල ජං-ගුම් සැබැවින්ම ජීවත් වූ තැනැත්තියක බව සඳහන් වෙතත් එනමින් සැබෑ පුද්ගලයකු සිටියේ ද යන්න විද්වතුන්ගේ මතභේදයට තුඩුදුන් කරුණකි.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
- ලී යොං-ඒ විසින් 2003–2004 එම්බීසී නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ දේ ජං ගුම් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
- කිම් මි-ක්යුං විසින් 2013 කේබීඑස්2 නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ ද ෆියුජටිව් ඔෆ් ජොසොන් තුළ ඇගේ චරිතය නිරූපණය කරන ලදී.
මේවාත් බලන්න
- ජොසොන් රාජවංශය
- කොරියානුවන් ලැයිස්තුව
ප්‍රවර්ග:
- Use of the text parameter in Infobox Korean name
- ජොසොන් රාජවංශයේ ජනයා
- මාලිග වෛද්‍යවරු