සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඇල්ෂයිමර්ගේ' රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනා

Alzheimer's disease

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
ඇල්ෂයිමර්ගේ රෝගය
වෙනත් නම්Alzheimer's disease, Alzheimer disease, Alzheimer's
සාමාන්‍ය වයස්ගත මොළයක් (වමේ) සහ ඇල්සයිමර් රෝගියාගේ මොළය (දකුණ) සංසන්දනය කිරීම. ආන්තර ලක්ෂණ පෙන්වා දී ඇත.
විශේෂඥතාවNeurology
රෝග ලක්ෂණDifficulty in remembering recent events, problems with language, disorientation, mood swings
සාමාන්‍ය ආරම්භයOver 65 years old
කාලයLong term
හේතූන්Poorly understood
අවදානම් සාධකGenetics, head injuries, depression, hypertension
රෝග විනිශ්චය ක්‍රමයBased on symptoms and cognitive testing after ruling out other possible causes
වෙනත් විනිශ්චයන්Normal aging
ඖෂධAcetylcholinesterase inhibitors, NMDA receptor antagonists (small benefit)
PrognosisLife expectancy 3–9 years
සංඛ්‍යාතය29.8 million (2015)
මරණ1.9 million (2015)

ඇල්ෂයිමර්ගේ' රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත. මෙම රෝගය බහුල වශයෙන් වයස අවුරුදු 65 ඉක්මවූවන් අතර දක්නට ඇති අතර ඊට වඩා අඩු වයස් ඇති අය අතර වුවද කලාතුරකින් දක්නට ඇත. රෝගය හදුනාගන්නා අවස්ථාව වන විට රෝගය හටගෙන වසර ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. මුල් අවධිවලදී කෙටිකාලීන මතකය නැතිවීයාම බහුලව සිදුවේ. නමුත් මෙය වයස්ගත වීමත් සමග සිදුවන්නක් හෝ මානසික ආතතිය නිසා ඇතිවන්නක් ලෙස වරදවා වටහා ගත හැකිය. පසුකාලීනව සිහිවිකල් වීම , කෝපය , චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම් , කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම් , දීර්ඝ කාලීන මතකය නොමැතිවීම සහ අවට සමාජයෙන් වෙන්වී සිටීම යන ලක්ෂණ ඇතිවේ. මරණය ළගාවන තෙක් මෙම රෝගීන්ගේ ප්‍රධාන හසුලු දේහ ක්‍රියාකාරීත්වයන් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ. ඉහත කී රෝග ලක්ෂණ බහුලව පොදුවේ දක්නට ලැබුණද එක් එක් රෝගීන්ට තමාටම ආවේනික වු රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් රෝගය වසර 5 සිට 20 දක්වා පැවතිය හැකිය.

මෙම රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ තමාට අමකත වීම ඇති බව දැන ගැනීමෙන් පසුවය. එයට වෛද්‍යවරයා මගින් රෝගි‍යාගේ හැසිරීම පිළිබදව අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ ප්‍රජානන ක්‍රියාවන් පරීක්ෂණයට බදුන් කිරීමෙන් සහ මොළයේ ස්කෑන් කිරෟමකට ලක් කිරීම මගින් රෝග විනිශ්චයට එළඹේ.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව හෝ එහි වර්ධනය පිළිබදව මෙතෙක් හදුනාගෙන නොමැත. මෙහිදී මොලයෙහි කැලැල් ඇතිවීමක් හා සංකූලතාවයක් හටගනී. මෙම රෝගයෙහි අනුමාන කළ හැකි හේතු සාධකයන් සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබද තර්ක විතර්ක ඇත. මෙම විතර්කයන් සනාථ කිරීම සදහා ඒවාටම අනුකූල වන පරිදි සාක්ෂිද ඔවුහු ඉදිරිපත් කර ඇත. නමුත් මෙතුවක් මෙම රෝගය නැවැත්විම හෝ නැවත යථාතත්වයට පත් කර ගැනීම සදහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නොමැත. තවද දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීම අඩාල කිරීමක් සිදුවන බවත් හෝ එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණක් සිදුවන බව හෝ සොයා ගෙන ‍නොමැත. ඇලිෂයිමර් රෝගය වලක්වා ගත හැකි ක්‍රමවේදයන් යෝජනා වී ඇතත් රෝගයෙහි ව්‍යාප්තිය හෝ බැරූරැම් කම අවම කිරීම සදහා ඒ ක්‍ර‍මවේදයන්හි වැදගත්කම ඔප්පු වී නොමැත. මානසිකව නොයෙකුත් උත්තේජයන් ලබාදී මනස ප්‍රබෝධමත් කිරීම හා සමබර ආහාර ‍වේලක් ලබා ගැනීම රෝගය වලකා ගනීමට මෙන්ම රෝගය සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද නිර්දේශ කර ඇත.

ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වන සුවකළ නොහැකි රෝගී තත්වයක් නිසා රෝගියා කරුණාවෙන් හා ඉතා හොද අවධානයකින් බලා ගැනීම කළ යුතුය. මෙම කර්තව්‍ය රෝගියාගේ සහකරු හෝ සහකාරියගෙන් හෝ රෝගියාට ඉතා සමීප ඥාතියෙකු ගෙන් ඉෂ්ඨ කර ගත හැකි වේ. මෙවන් රෝගියෙකු රැක බලා ගන්නා ආවතේවකරුවකු වුවද රෝගියා බලාගැනීමේදී ශාරීරික වශයෙන් විඩාවට පත්වන අතර මානසික වශයෙන්ද රෝගියා වෙනුවෙන් සිදු කිරීමට ඇති කාර්යයන් කැප කිරීම් නිසා මානසික ආතතියකට පත්වේ.

ඉහළට