සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය යනු සාමාන්‍යයෙන් ආමාශයේ ඇතිවන හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව මගින් සිදුවන ආසාදනයකි. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොමැත; නමුත් එය 25% ක

Helicobacter pylori

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය
Helicobacter pylori infection
වෙනත් නම්H. pylori ආසාදනය, Campylobacter pylori
ප්‍රතිශක්ති-පටක-රසායනික මඟින් වර්ණ ගැන්වූ H. pylori (දුඹුරු), ආමාශ බයොප්සියකි
උච්චාරණය
  • /ˈhɛlɪkˌbæktər pˈlɔər,_pɪʔ,_ʔri/
විශේෂඥතාවආසාදක රෝග, අමාශයාන්ත්‍රික වේදය
රෝග ලක්ෂණඋදර වේදනාව, ඔක්කාරය, පපුවේ දැවිල්ල
හේතූන්Helicobacter pylori, ව්‍යාප්ත වන්නේ මල-මෞඛ හෝ මෞඛ–මෞඛ මාර්ගයෙනි
රෝග විනිශ්චය ක්‍රමයයූරියා ශ්වසන පරීක්ෂණය, මල ප්‍රතිදේහජනක පරීක්ෂාව, ශීඝ්‍ර යූරියේස් පරීක්ෂණය, පටක බයොප්සි
වෙනත් විනිශ්චයන්සීලියැක් රෝගය, ක්‍රෝන්ගේ රෝගය, NSAID භාවිතය, ලැක්ටෝස් අමර්ෂය
ඖෂධප්‍රෝටෝන-පම්ප නිෂේධක, ක්ලැරිත්‍රොමයිසින්, ඇමොක්සිසිලින්, බිස්මත් සබ්සැලිසිලේට්, මෙට්‍රොනිඩසෝල්
සංඛ්‍යාතය60% (2015)

හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය යනු සාමාන්‍යයෙන් ආමාශයේ ඇතිවන හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව මගින් සිදුවන ආසාදනයකි. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොමැත; නමුත් එය 25% ක් තුළ ආමාශයික ප්‍රදාහය (ආමාශයේ දැවිල්ල) හෝ 10% ක් තුළ ආමාශයේ වණ ඇති කළ හැකිය. රෝග ලක්ෂණ අතර උදර වේදනාව, ඔක්කාරය සහ පපුවේ දැවිල්ල ඇති විය හැක. මෙම ආසාදනය ක්ෂීණ ආමාශයික ප්‍රදාහය, ආමාශයික පිළිකා සහ ශ්ලේෂ්මල ආශ්‍රිත-ලිම්ෆොයිඩ් වර්ගයේ (MALT) ලිම්ෆෝමා සමඟ ද සම්බන්ධ වේ.

එය බොහෝ දුරට මල-මුඛ මාර්ගයෙන් සහ සමහර විට මුඛ-මුඛ මාර්ගයෙන් පැතිරෙන බව විශ්වාස කෙරේ. අවදානම් සාධක අතරට රෝගය බහුලව පවතින ප්‍රදේශයක ජීවත් වීම සහ දරිද්‍රතාවය ඇතුළත් වේ.හෙලිකොබැක්ටර් පයිලෝරි යනු ග්‍රෑම්-වර්ණ නොගැන්වෙන, ක්ෂුද්‍ර වායුකාමී, වක්‍ර දණ්ඩාකාර බැක්ටීරියාවකි. රෝග විනිශ්චය යනු යූරියා හුස්ම පරීක්ෂාව, මල ප්‍රතිදේහජනක විශ්ලේෂණය, වේගවත් යූරියේස් පරීක්ෂණය හෝ පටක බයොප්සි පරීක්ෂණ මගිනි. මස්තුවේදය (serology) මගින් වත්මන් හෝ අතීත ආසාදනයක් පෙන්නුම් කළ හැකිය.

රෝග ලක්ෂණ නොමැති අවස්ථාවන්ට නිශ්චිත ප්‍රතිකාර අවශ්‍ය නොවේ. එසේ නොමැතිනම් ප්‍රෝටෝන පොම්ප නිෂේධකයක් (PPI), ඇමොක්සිසිලින්, මෙට්‍රොනිඩසෝල් සහ ක්ලැරිත්‍රොමයිසින් සංයෝගයක් භාවිතා කළ හැකිය. අනෙකුත් විකල්ප අතර PPI, බිස්මත් සබ්සැලිසිලේට්, මෙට්‍රොනිඩසෝල් සහ ටෙට්‍රාසයික්ලින් ඇතුළත් වේ. ප්‍රතිකාර සාමාන්‍යයෙන් දින 14 ක් පමණ ලබාදෙනු ලබයි. 2015 වන විට H. pylori එන්නතක් පිළිබඳ පර්‍යේෂණ වෙමින් පැවතිණ.

2015 දී ලෝක ජනගහනයෙන් 60% ක් ආසාදනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දක්නට ලැබේ. ආරම්භය බොහෝ විට ළමා කාලයේ දී සිදු වේ. එක්සත් ජනපදයේ අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් 5% ක් පමණ මෙම රෝගයට ගොදුරු වේ. මෑත දශක කිහිපය තුළ, බොහෝ රටවල අනුපාත පහත වැටී ඇත. මෙම බැක්ටීරියාව ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 1982 දී ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් වන බැරී මාෂල් සහ රොබින් වොරන් විසිනි.

ඉහළට