
සුළං මෝලක් යනු සුළගේ පවතින චාලක ශක්තිය, යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්ථනය කරන භ්රමනය වන යන්ත්‍රයකි. මෙම යාන්ත්‍රික ශක්තිය ජලය පොම්ප කිරීම, ගල් කුඩු කිරීම වැනි යාන්ත්‍රික කාර්යය සඳහා ප්‍රයෝජනයට ගන්නා විට එය සුළං මෝලක් ලෙස හැඳින්වේ. නමුත් මෙම යාන්ත්‍රික ශක්තිය විද්‍යුතය ජනනය කිරීමට යොදාගත් විට එය සුළං විද්‍යුත් ජනකය, සුළං ටර්බයිනය, සුළං ශක්ති ඒකකය (WPU) හෝ සුළං ශක්ති පරිවර්තකය ලෙස හැඳින්වේ.
සුළං ටර්බයින, ක්‍රියා කාරීත්ත්වය අතර තුර හරිතාගාර වායු කිසිවක් විමෝචනය නොකරන පිරිසිදු ශක්ති ප්‍රභවයක් වෙයි.
මෙම ලිපිය විද්‍යුත් ශක්තිය ජනනය කරන යාන්ත්‍රණයක් විස්තර කරයි. සුළං මෝල පිළිබඳ ලිපිය, ධාන්‍ය පිටි කිරීම, ජලය පොම්ප කිරීම ආදී යාන්ත්‍රණ පැහැදිලි කරනු ලබයි. සුළං බලය යන ලිපිය ටර්බයින් ස්ථාපිත කිරීම, ආර්ථිකය, පොදු ව්‍යාපෘති මතභේද ආදිය ගැන සලකා බලනු ලබයි. එම ලිපියේම සුළං ශක්තිය කොටස කාලයක් පුරා සුළං ශක්තියේ ව්‍යාප්ත වීම සහ එය ටර්බයින නිර්මාණයේ දී බලපාන ආකාරය විස්තර කරයි.
පිහිටි ස්ථාන
ලංකාවේ සුළං විදුලි බලාගාර පිහිටා ඇති තැන් නම්,
1.කොළඹ
2.කන්කස්තුරේ
3.ත්‍රීකුණාමලය
4.අනුරාධපුරය
5.මඩකලපුව
6.පුත්තලම
ආශ්රිත ලිපි
- Wind turbine design
- Compact wind acceleration turbine
- Éolienne Bollée
- IEC 61400
- Renewable energy
- Tidal stream generator
- Unconventional wind turbines
- Wind lens
- Windbelt
- Windpump
- Wind turbines
- Aerodynamics
- Bright green environmentalism
- Electric power
- Electrical generators
- Electromechanical engineering
- Energy conversion
- සුළං විදුලි බල උද්‍යාන