සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඔස්කාර් ෆින්ගල් ඔ‘ෆ්ලැහර්ටි වයිල්ඩ් (1854 ඔක්තෝබර් 16 - 1900 නොවැම්බර් 30) අයර්ලන්ත ජාතික ලේඛකයෙකු, කවියෙකු හා සුප්‍රසිද්ධ සෞන්දර්යවාදියෙකු විය. 1880 දශකය තුළ ව

ඔස්කාර් වයිල්ඩ්

විකිපීඩියා වෙතින්
ඔස්‌කාර් වයිල්ඩ්
Photograph taken in 1882 by Napoleon Sarony
වෘත්තියනාටක රචක, කෙටි කථා රචකයා, කවියා, පත්‍රකලාවේදියා
ජාතිකත්වයඅයර්ලන්තව
කාලසීමාවවික්ටෝරියානු කාලපරිච්ඡේදය

ආභාෂය ලැබූයේ
  • Plato, Aristotle, Greek literature, William Shakespeare, Edgar Allan Poe, Joris-Karl Huysmans, John Keats,
    Victor Hugo, Walter Pater, John Ruskin, James McNeill Whistler, W. S. Gilbert,John Pentland Mahaffy

ආභාෂයට නතු කලේ
  • Jorge Luis Borges, James Joyce, Samuel Beckett, Paul Merton, James Morrow, Enchi Fumiko,
    Erico Verissimo, Irène Némirovsky, André Gide, Max Beerbohm, Stephen Fry, Lawrence Durrell, Camille Paglia, Dave Sim, Mateiu Caragiale, Amanda Filipacchi,
    W. H. Pugmire, Ronald Firbank, Christopher Hitchens, Renzo Novatore, ටොර්ස්ටන් හා

අත්සන

ඔස්කාර් ෆින්ගල් ඔ‘ෆ්ලැහර්ටි වයිල්ඩ් (1854 ඔක්තෝබර් 16 - 1900 නොවැම්බර් 30) අයර්ලන්ත ජාතික ලේඛකයෙකු, කවියෙකු හා සුප්‍රසිද්ධ සෞන්දර්යවාදියෙකු විය. 1880 දශකය තුළ විවධ රචනා මාදිලි භාවිතා කළ ඔහු 1890 දශකයේ දී ලන්ඩන් නුවර ප්‍රසිද්ධත ම නාට්‍ය රචකයෙකු ලෙස නම් ලැබී ය. ඔහුගේ ඉඟි වැකි, නාට්‍ය හා ඔහු සිරගත ව ගත කළ කාලය හා අකල් මරණය ඔහුට වර්තමානයේ දී ප්‍රකටත්වයක් ගෙන දෙයි.


අයර්ලන්තයේ විසු විලියම් වයිල්ඞ් සහ ජේන් ෆ‍්‍රැන්සෙස්කා වයිල්ඞ් ට දාව උපන් දෙවන දරුවා ඔස්කා වයිල්ඞ් විය. ජේන් අයර්ලන්තයේ විසු ප‍්‍රකට කවියෙක් වූ අතර විලියම් අක්‍ෂි සහ ශ‍්‍රවණ ශල්‍යවෛද්‍යවරයකු විය.

ඔස්කා වයිල්ඞ් නව වන විය දක්වා ඉගෙනුම ලැබුවේ නිවසේදීමය. ඉන්පසු ෆර්මනාහි පෝටෝරා රාජකීය විදුහලට ඇතුළත්ව එහි අධ්‍යාපනය හැදැරුවේය.කුඩා කල සිට ම ඔස්කාර් ප්‍රංශ හා ජර්මන් භාෂා ප්‍රගුණ කිරීමෙන් දක්ෂකම් පෑමට සමත් විය. විශ්විද්‍යාලයේ දී වයිල්ඩ් උසස් සාහිත්‍ය අධ්‍යනය කරමින් පැරණි සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනයෙහි ලා කැපී පෙනෙන දස්කම් දැක්වීය. පළමුව ඩබ්ලින් විශ්වවිද්‍යාලයදීත්, පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය දීත් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදැරීය. ඔහුගේ ගුරුවරුන් වූ වෝල්ටර් පේටර් හා ජෝන් රස්කින් ගෙන් ලැබූ ආභාෂය හේතුවෙන් වයිල්ඩ් එවකට නව දර්ශනයක් වූ සෞන්දර්යවාදයෙහි කැපී පෙනෙන චරිතයක් වුණු අතර ඔහු රෝමානු කතෝලික දහම ද ගැඹුරු ලෙස අධ්‍යයනය කළේය (ඔහු මරණාසන්න ව සිටියදී මෙම දහමට හැරුණේ ය). විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු ලන්ඩන් නුවර පදිංචි වී ප්‍රභූ පැලැන්තියේ සමාජගත විය. සෞන්දර්යවාදයේ නියෝජිතයෙකු ලෙස ඔහු විවිධ කලා මාදිලි වලට නැඹුරු වූ අතර ඔහු ‘කලාවේ නව ආර‘ මාතෘකාව යටතේ කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. 1871 සිට 1874 කාලවකවානුවේ අධ්‍යාපනයේ සාර්ථකත්වය උදෙසා ශිෂ්‍යවයක් ලැබු වයිල්ඞ් පසුව ඔක්සිෆ්ර්ඞ් හි මැග්ඩලෙන් විද්‍යාලයටද ඇතුළත් වුවේය. එම විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී තම නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගත් වයිල්ඞ් එහිදී නිරන්තර පැසසුමට සහ සම්මානයට පාත‍්‍ර විය. ‘රාවෙන්නා ’ නම් කාව්‍යය වෙනුවෙන් 1878 ඔහු දිනාගත් නිවිඞ්ගේට් සම්මානය එයට කදිම උදාහරණයකි.

තම පෙම්වතිය වූ ෆ්ලෝරනිස් බැල්කොම්බේ ගේ පිටුපෑමෙන් පසු ඔස්කා වයිල්ඞ් අයර්ලන්තය හැරදා ගිය අතර ඉන්පසු ඔහු වැඩි වශයෙන් ජීවත් වුයේ ලන්ඩන්, පැරිස් සහ ඇමරිකා එක්සත් ජනපදයේ නගරවලය. ලන්ඩනයේදී හමු වූ කොන්ස්ටන්ස් ලොයිඞ් සමඟ 1884 මැයි 29 වන දින විවාහ වූ වයිල්ඞ් සිරිල් සහ විවියන් නම් පුතුන් දෙදෙනකු ලද්දේය.

වයිලිඞ් පාසල් වියේ සිටම විවිධ විසිතුරු දේට සහ කලාවන්ට ආශා කළ අතර එම නිසාම සමහර අවස්ථා වලදී විවිධ විවේචකයන්ගේ ගැරහුම් වලට පාත‍්‍ර විය. ‘ස්ප්‍රින්ග්ෆීල්ඞ් රිපබ්ලිකන් ‘ ‘අන්මෑන්ලි මෑන්හුඞ්’ වැනි කෘති වල වයිල්ඞ්ගේ ජීවිතය, හැසීරීම් රටාවන් , සමලිංගින ජීවීතය පිළිබඳ සඳහන් කොට ඇත.

ඔස්කාර් වයිල්ඞ්, ජොන්රස්කින් සහ වෝල්ටර් පේටර් යන ඉංග්‍රීසි ලේඛකයන්ගේ ආභාෂය නිරන්තරයෙන් ලැබු අතර තමන් නිර්මාණය කරන සෑම නිර්මාණයකම ‘රසවින්දනය කිරීමේ හැකියාව ’ එහි පැවතිය යුතු අනිවාර්ය අංගයක් ලෙෂ සැලකුවේය. විවිධ රටවල පළමු පුවත්පත් , සඟරා ආදියේ දී වයිල්ඞ් විවේචනයට ලක්වුයේ මේ නිසාවෙනි. වරෙක සැන් ෆ‍්‍රැන්සිස්කෝහි පුවත්පත පළවු ‘ද වැස්ප් ’ නමැති කාටුනය මේ සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

ඉහළට