| ටොලමි XI | |||||
|---|---|---|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා | ටොලමි X ඇලෙක්සැන්ඩර් I | ||||
| අනුප්‍රාප්තිකයා | ටොලමි XII | ||||
| මරණය | ක්‍රි.පූ. 80 | ||||
| |||||
| පියා | ටොලමි X ඇලෙක්සැන්ඩර් I | ||||
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (ග්‍රීක: Πτολεμαῖος Ἀλέξανδρος, Ptolemaĩos Aléxandros) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 80දී දින කිහිපයක් ඊජිප්තුව පාලනය කළ ටොලමියානු රාජවංශයේ පාරාවෝවරයෙකි.
XIවන ටොලමි උපත ලැබූයේ ටොලමි X ඇලෙක්සැන්ඩර් I රජුට දාව ක්ලියෝපැට්රා සෙලීන් හෝ IIIවන බෙරෙනිස් යන දෙදෙනාගෙන් එක් බිසවකට ය. ඔහුගේ මාමණ්ඩිය වූ IXවන ටොලමි ලැතිරොස් ක්‍රි.පූ. 81දී හෝ ක්‍රි.පූ. 80 දී නීත්‍යානුකූල උරුමකරුවකු නොමැතිව මිය යාමත් සමග, ක්ලියෝපැට්රා බෙරෙනිස් (එනම් IIIවන බෙරෙනිස්) රැජින තනිව රාජ්‍ය පාලනය කෙටිකලක් මෙහෙයවූවා ය. නමුත් රෝමයේ සලා හට රෝමානු-හිතවාදී පාලකයකු සිහසුනට පත් කරවීමට අවශ්‍ය විය. ඔහු Xවන ටොලමිගේ බාල පුත්‍රයා ඊජිප්තුව වෙත පිටත් කර හැරියේ ය. මේ සඳහා ඔහු ටොලමි ඇලෙක්සැන්ඩර්ගේ අවසන් කැමැත්ත රෝමයේ දී ප්‍රකාශයට පත්කළ බව කියැවේ.
එම කැමැත්ත අනුව, XIවන ටොලමිටව ක්ලියෝපැට්රා බෙරෙනිස්හට විවාහ කර දෙන ලදී. ඇය ඔහුගේ සුළුමව මෙන්ම අර්ධ-සොයුරිය (හෝ ඇතැම්විට ඔහුගේ සැබෑ මව විය හැක – පුරාතන මූලාශ්‍ර අපැහැදිළි ය) ද වූවා ය. කෙසේනමුත්, විවාහයෙන් දින දහනවයකට පසුව නොදන්නා හේතූන් මත ටොලමි සිය මනාලිය මරාදැමී ය. මෙය මුග්ධ ක්‍රියාවක් ලෙස සැලකෙන්නේ බෙරෙනිස් ඒ වන විටත් අතිශයින් ජනප්‍රියව සිටි බැවිනි. අනතුරුව ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජනතාව ක්ෂණිකව ඔහුට දඬුවම් පැමිණවූහ.
ඔහුගෙන් පසු ඔහුගේ මස්සිනා වූ XIIවන ටොලමි සිහසුනට පත් විය.
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
- පීටර් ග්‍රීන්, Alexander to Actium (කැලිෆෝනියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1990), පිටු. 553–554 ISBN 0-520-05611-6
- ටොලමි XI ඇලෙක්සැන්ඩර් II මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ සඳහන
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II උපත: ? මරණය: ක්‍රි.පූ. 80 | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා බෙරෙනිස් III | ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 80 බෙරෙනිස් III සමග | අනුප්‍රාප්තික ටොලමි XII |
- ක්‍රි.පූ. 2වන සියවසේ උපත්
- ක්‍රි.පූ. 80 මරණ
- මරාදැමුණු රජවරුන්
- ටොලමියානු රාජවංශයේ පාරාවෝවරු
- ක්‍රි.පූ. 1වන සියවසේ ග්‍රීක ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 1වන සියවස