සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

බර්නඩින් රෝස් සේනානායක (1958 ජනවාරි 5) හෙවත් රෝසි සේනානායක යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය

රෝසි සේනානායක

විකිපීඩියා වෙතින්
ගරු
රෝසි සේනානායක
කොළඹ නගරාධිපති
තනතුරුධාරී
තනතුර දරමින්
මාර්තු 19 2018
අග්‍රාමාත්‍ය ප්‍රකාශක සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී
තනතුර දරමින්
සැප්තැම්බර් 15 2015 – මාර්තු 19 2018
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
ජනවාරි 12 2015 – අගෝස්තු 17 2015
පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
අප්‍රේල් 22 2010 – ජූනි 26 2015
බහුතරය66,357 වරණීය ඡන්ද
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක
තනතුර දරමින්
2009–2010
මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
තනතුර දරමින්
2001–2004
පුද්ගලික තොරතුරු
උපත5 ජනවාරි 1958 (1958-01-05) (වයස 68)
කොළඹ, ලංකා ඩොමීනියන් රාජ්‍යය
(ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාඅතුල සේනානායක
ළමයිකනිෂ්ක
තිසාක්‍ය
රාධ්‍යා
රැකියාවදේශපාලනය
වෘත්තියක්‍රියාකාරිනිය
රෝසි සේනානායක
Titleවිවාහක ලෝක රූ රැජින 1985,
Miss Asia Pacific International 1981,
ශ්‍රී ලංකා රූ රැජින 1980

බර්නඩින් රෝස් සේනානායක (1958 ජනවාරි 5) හෙවත් රෝසි සේනානායක යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥවරියක හා ජනපති මෛත්‍රීපාල සිරිසේන රජයේ හිටපු ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරිය වේ. ඇය මලයාසියාව වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කොට තිබේ.

ඇය 2018 සිට 2023 දක්වා කොළඹ නගරාධිපතිනිය ලෙස සේවය කළ අතර එම තනතුරට පත්වූ කොළඹ නගරයේ ප්‍රථම කාන්තාව ලෙස සැලකේ.

ඇය 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස සේවය කළාය.2015 දී ඇය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් විය.

මුල් ජීවිතය

රෝසි සේනානායක 1958 ජනවාරි 5 දින කොළඹ නගරයේ උපත ලැබීය.

රූ රැජින ජීවිතය

1980 දී ඇය Miss Sri Lanka කිරුළ දිනාගත්තාය. 1981 දී ඇය Miss Asia Pacific තරඟයේ ජයග්‍රහණයක් ලබාගත්තේය.

1984 දී පැවති මිසිස් වර්ල්ඩ් (Mrs. World) තරඟයේ ජයග්‍රාහිකාව ලෙස ඇය පත්වූ අතර එය එම තරඟයේ ප්‍රථම ජයග්‍රාහිකාව ලෙස සැලකේ.

රාජ්‍ය තාන්ත්‍රික සේවය

2001 සිට 2004 දක්වා ඇය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස සේවය කළාය.

දේශපාලන ජීවිතය

රෝසි සේනානායක ශ්‍රී ලංකාවේ දේශපාලනයට සක්‍රීයව පිවිසියේ එක්සත් ජාතික පක්ෂය (UNP) සමඟ සම්බන්ධ වීමෙන් පසුවය.

2009 දී පැවති පළාත් සභා මැතිවරණයෙන් ඇය බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. පසුව ඇය එම සභාවේ විපක්ෂ නායකවරිය ලෙසද කටයුතු කළාය.

2010 මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2015 දී බලයට පැමිණි රජයේදී ඇය ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කරන ලදී.

ඇය දේශපාලනය තුළ කාන්තා අයිතිවාසිකම්, ළමා සංවර්ධනය සහ සමාජ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරීව කටයුතු කළාය.

2018 දී පැවති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ඇය කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත් විය. ඇය 2018 මාර්තු 22 දින නිල වශයෙන් එම තනතුරේ කටයුතු භාර ගත්තාය.

කොළඹ නගරාධිපතිනිය ලෙස ඇය නගර පරිපාලනය, නගර පිරිසිදුකරන වැඩසටහන් සහ සමාජ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළාය.

  1. PP රෝසි සේනානායක
  2. පාර්ලිමන්ට් ප්‍රොෆයිල්
  3. "රෝසි සෙන්ඩ්-ඕෆ් ෆෝර් සේනානායක.(July, 2004)".
  4. "Rosy assumes duties as first female mayor of Colombo". Colombo Gazette. 22 මාර්තු 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  5. "Rosy Senanayake – She Can". Daily Mirror. 8 මැයි 2021. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  6. "Rosy Senanayake". Lanka Woman. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  7. "UNP gets Colombo, Rosy to be first CMC female Mayor". Colombo Gazette. 11 පෙබරවාරි 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
  8. "Colombo's first female Mayor Rosy Senanayake assumes duties". Ada Derana. 22 මාර්තු 2018. සම්ප්‍රවේශය 10 මාර්තු 2026.
ඉහළට