
ටොලමි XIV (ග්‍රීක: Πτολεμαῖος, Ptolemaĩos, දිවිය ක්‍රි.පූ. 60/59–44; රාජ්‍ය සමය ක්‍රි.පූ. 47 –44) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්‍රයෙකි. එසේම ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි. සිය වැඩිමහල් සොයුරා වූ ඊජිප්තුවේ XIIIවන ටොලමිගේ මරණින් පසු ක්‍රි.පූ. 47 ජනවාරි 13 දින ඔහු පාරාවෝ ලෙස ප්‍රකාශ කෙරුණු අතර, ඔහු අනෙක් පාරාවෝ ලෙස ක්‍රියාකළ සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රාගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළේ ය. ඔහු සහ ක්ලියෝපැට්රා විවාහ වුවත්, ක්ලියෝපැට්රා රෝම ආඥාපති ජූලියස් සීසර්ගේ පෙම්වතිය ද වූවා ය. ටොලමි විසින් රාජ්‍ය කළේ නාමිකව යැයි සැලකේ. සැබැවින්ම රාජාධිකාර බලය පැවතියේ ක්ලියෝපැට්රා සතුවයි. ක්‍රි.පූ. 44 මාර්තු 15 දින රෝමයේ දී මාකස් ජූනියස් බෲටස් සහ ගේයස් කැෂියස් ලොංගිනස් ඇතුළු කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් සීසර්ව ඝාතනය කරන ලදී. ඉන් මඳ කලකට පසු ටොලමි ද මියයන්නට ඇත. ක්‍රි.පූ. 44 ජූලි 26 දිනට අයත් ශිලාලේඛනයක ඔහු ජීවත්ව සිටි බව දක්වා ඇත. ක්ලියෝපැට්රා, සීසර්ට දාව උපන් සිය පුත්‍රයා වූ ටොලමි XV සිසේරියන් සිය සම-අනුරාජයා ලෙස පත්කරගැනීමේ අරමුණින් ඔහුව ඇකනයිට් ලබා දී ඝාතනය කළ බවට අදහසක් පැවතුණ ද, එය සනාථ වී නොමැත. ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 දින සිසේරියන්ව ඇගේ සම-අනුරාජයා ලෙස පත්කෙරිණි. ක්ලියෝපැට්රාගේ අදහස වූයේ ඔහුව ඔහුගේ පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමටයි.
පෙළපත
- ටොලමි XIV තියොස් ෆිලොපේටර් II මාහ්ලන් එච්. ස්මිත්ගේ ඓතිහාසික ප්‍රභව ග්‍රන්ථයේ සටහන
ඊජිප්තුවේ XIVවන ටොලමි උපත: ක්‍රි.පූ. 60 පමණ මරණය: ක්‍රි.පූ. 44 | ||
| පූර්වප්‍රාප්තිකයා ක්ලියෝපැට්රා VII සහ ටොලමි XIII | ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 47–44 ක්ලියෝපැට්රා VII සමග | අනුප්‍රාප්තික ක්ලියෝපැට්රා VII සහ ටොලමි XV සිසේරියන් |
- Pages using ahnentafel with boxstyle
- Pages using ahnentafel with style
- Pages using ahnentafel with border
- ක්‍රි.පූ. 1වන සියවසේ උපත්
- ක්ලියෝපැට්රා
- ටොලමියානු රාජවංශයේ පාරාවෝවරු
- ක්‍රි.පූ. 1වන සියවසේ ග්‍රීක ජනයා
- ක්‍රි.පූ. 1වන සියවසේ අප්‍රිකානු පාලකයින්
- ඊජිප්තුවේ ක්‍රි.පූ. 1වන සියවස
- ක්‍රි.පූ. 44 මරණ