සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුතුමුදලිගේ නිශ්ශංක 1988 වර්ෂයේ පෙබරවාරි මස 20 වන දින කොළඹ කොටහේනේ දී උපත ලැබුවේය. කොටහේන යනු කොළඹ නගරයේ ඇති වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රදේශය සේම සිංහල, දෙමළ, ම

මුතුමුදලිගේ නිශ්ශංක

  • මුල් පිටුව
  • මුතුමුදලිගේ නිශ්ශංක

මුතුමුදලිගේ නිශ්ශංක (ඉංග්‍රීසි: Muthumudalige Nissanka) ශ්‍රී ලාංකීය කතුවරයක් ය.

මුතුමුදලිගේ නිශ්ශංක
Muthumudalige Nissanka
උපත
මුතුමුදලිගේ නිශ්ශංක

20 පෙබරවාරි 1988 (1988-02-20) (වයස 38)
කොළඹ, ශ්‍රී ලංකාව
අනෙකුත් නම්නිෂ්.එම්
අධ්‍යාපනයශාන්ත ලුසියා විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, යෙරෙවන් රාජ්‍ය විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය
උගත් ශාස්ත්‍රාලයයෙරෙවන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය
වයඹ විශ්ව විද්‍යාලය
වෘත්තියsකර්තෘ, නිර්මාණශීලී ප්‍රකාශක, ව්‍යවසායකයා, අධ්‍යක්ෂ
සක්‍රීය වසර2019-වර්තමාන
Spouseලුසි සෙරොබියන්
Parents
  • මුතු මුදලිගේ නිමල් (father)
  • දම්මිකා ප්‍රනාන්දු (mother)
වෙබ් අඩවියmuthumudaligenissanka.website

පටුන

දිවියේ තොරතුරු

මුතුමුදලිගේ නිශ්ශංක 1988 වර්ෂයේ පෙබරවාරි මස 20 වන දින කොළඹ කොටහේනේ දී උපත ලැබුවේය. කොටහේන යනු කොළඹ නගරයේ ඇති වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රදේශය සේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීන්ට අයත් ජනවර්ගයාද වෙසෙන ප්‍රදෙසකී. මෙම විවිධ සංස්කෘතීන් සහා සම්ප්‍රදායන්ගේ මිශ්‍ර වීම ඔහුගේ පසුකාලීන නිර්මාන වලටද හේතුවූ බැව් පෙනෙයි. එසේම ලෝකයේ රටවල් බොහෝමයකම සංචාරය කර ඇති ඔහු තම නිර්මාන වල පසුතලය ලෙස අර්මේනීයාව, ජොර්ජියාව, ඇමෙරිකාව, එස්ටෝනියාව, රුසියාව, ඉන්දියාව වැනි රටවල්ද මූලාශ්‍ර කොටගෙන ඇත. මේ වන විට ඔහු සිය බිරිඳත් සමග ස්විස්ටර්ලන්තයේ සොලිකොෆේන් හී වාසය කරයි.

මුල් කාලය සහ අධ්‍යාපනය

වයස අවුරුදු පහේදී නිශ්ශංක සිය නිවසේ දී සහ කොළඹ පරමානන්ද විහාරයේ නායක හිමියන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. එයින් වසර තුනකට පසුව කොළඹ කොටහේනේ ශාන්ත ලුසීයා දේවස්ථානය මගින් පාලනය වූ ශාන්ත ලුසියා පාසැලෙන් මූලික අධ්‍යාපන ලබා, කොළබ ඩී.එස්.සේනානායක විදුහලට ඇතුළු විය. පාසැලේ ශිෂ්‍ය නායකයෙකු සේම සාහීත්‍ය සංගමයේද සාමාජිකයෙකු වූ ඔහු පාසැල් කාලයේ සිටම PEACE සංවිධානය සමගත්, UNICEF සංවිධානය සමගත් තරුණ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සේවය කොට ඇත. 2000 වසරේදී පිලිපීනයේ මැනිලා නුවර පැවති ළමුන් වාණිජමය ලිංගික සූරාකෑමට එරෙහිව තරුණයින්ගේ සහභාගීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව සඳහාද 2001 වසරේදී ඩකා අගනුවර පැවතී ළමුන් වාණිජ ලිංගික සූරාකෑමට එරෙහි දෙවන ලෝක සම්මේලනය සදහාද, 2002 වසරේ ජපානයේ දී පැවතී ළමුන් ආරක්ෂා කිරීම සදහා වූ ලෝක සම්මේලනය සඳහාද සහාභාගී වී ඇත. පාසැල් වියෙන් පසුව PEACE සංවිධානයේම සංවිධායකවරයෙකු ලෙස සේවය කර ඇති ඔහු එයින් පසුව අර්මේනීයාවේ යෙර්වාන් විශ්ව විද්‍යාලයට ඇතුළුවී ව්යාපාර කළමනාකරණය සහා රුසියානූ භාෂාවත්, නෝත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙන් මාධ්‍ය කළමනාකරණය පිළිබදවත් වැඩිදුරටත් හදාරා ඇත.

සාහිත්‍යය සේවය

මුතුමුදලිගේ නිශ්ශංක ඔහුගේ මුල්ම කෘතිය වන ලස්සන කෙටිකතා පනහක් 2019 වර්ෂයේ අග භාගයේ දී එළිදක්වන අතර එය අභිප්‍රේරණ කෙටිකතා 50කින් සමන්විත පිටු 200 යක කෘතියකි. එහින් පසුව ගෝහාර් නමින් ඔහුගේ දෙවන කෘතිය වන අද්භූත ශානරයේ කෘතිය එළිදක්වන ඔහු එයින් පසුව මේ දක්වා ප්‍රකාශයට පත් කොට ඇති කෘතීන් ප්‍රමාණය 17 කට අධ්කය. තම කෘතීන් තුළින් ශ්‍රි ලංකා සමාජ, සංස්කෘතිය, ආගමික සහ දේශපාලනය තුල ඇති අඳුරු පැති කඩවල් නිරන්තරයෙන්ම කතිකාවතට සහ විවේචනාත්මක විශ්ලේෂණයකට ලක් කරන අතර, ඔහු විසින් රචනා කල ත්‍රිත්ව කෘතිය තුළින් ශ්‍රි ලංකා සම්ප්‍රදාය තුළින් පිටුදකින්නාවු සමලිංගිකත්වයත්, බාබා එක්ස් කෘතියෙන් ආගමික මිථ්‍යාවත්, ආසික්ලන්තය තුළින් දේශපාලනික අසාර්ථකත්වයත්, බෝම්බ තුනක් කෘතියෙන් දමිල ත්‍රස්ත්‍රවාදයත්, කොලඹ ප්‍රහාරය තුළින් ඉස්ලාමිය අන්තවාදයත්, පෝ කෘතියෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුළ අත්වී ඇති ඉරණම සේම, ඔහුගේ 11 කෘතියෙන් ආගම සහ සම්ප්‍රදායන් මූලාශ්‍ර කොට ගෙන ඇති කරගන්නා වූ මිථ්‍යා විශ්වාස තුළින් ජීවීත වල ඇතිවන පෙරළියත් ඉතාමත් කුතුහලාත්මක ප්‍රබන්ධයන් ලෙස ඉදිරිපත් කොට ඇත. ඔහුගේ සියළුම කෘතීන් තුළින් සමාජීය හෝ සම්ප්‍රදාය තුළ ඇති අඳුරු පැතිකඩක් එළිදරව් කරන අතර ඒ නිසාම එම කෘතීන් සමාජය තුළ දැඩි විවේචනයට සහා දෝෂාරෝපනයට ද ලක්වී ඇත්තේය.

නවකතා

  • ගෝහාර්
  • ත්‍රිත්ව
  • බෝම්බ තුනක්
  • එක දවසක් රෑ
  • පෝ
  • බේබී
  • මීෂා
  • වීනස්
  • බාබා එක්ස්
  • කොළඹ ප්‍රහාරය
  • හඳට ගල් ගැසු කොල්ලෙක්
  • මේ අත කාගෙද
  • ආසික්ලන්තය
  • 11
  • හෝ ලුසී ලුසී

කෙටිකතා

  • ලස්සන කෙටි කතා පනහක්
  • රත්තරං වටින කතා

පරිවර්තන

  • ගිකෝර්, හොවානෙස් තුමාන්‍යාන්

සම්මාන

  • 2022 "හඳට ගල් ගැසූ කොල්ලෙක්" ගොඩගේ සාහීත්‍ය සම්මාන නිර්දේශය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

  • මාර්තු 24, 2026

    හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය

  • මාර්තු 13, 2026

    දෙවන ලෝක යුද්ධය

  • අප්‍රේල් 03, 2026

    United States

  • මාර්තු 12, 2026

    ධර්ම සංගායනා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට