සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුළුතර හෝ ද්විතීයක කණ්ඩායමක් යනු, යම් සමාජයක සම්පුර්ණ ජනගහනයෙන් දේශපාලන වශයෙන් බලවත්වන, බහුතරයක් සංස්ථාපනය නොකරන සමාජ විද්‍යාත්මක කණ්ඩායමකි. සමාජ විද්‍යාත්මක සු

සුළුතර කණ්ඩායම

  • මුල් පිටුව
  • සුළුතර කණ්ඩායම

සුළුතර හෝ ද්විතීයක කණ්ඩායමක් යනු, යම් සමාජයක සම්පුර්ණ ජනගහනයෙන් දේශපාලන වශයෙන් බලවත්වන, බහුතරයක් සංස්ථාපනය නොකරන සමාජ විද්‍යාත්මක කණ්ඩායමකි. සමාජ විද්‍යාත්මක සුළුතරය සෑම විටම සංඛ්‍යාත්මක අගයෙන් සුළුතරයක් නොවේ.ඇතැම්විට බලවත් කණ්ඩායමකට සාපේක්ෂව සමාජ තත්ත්වය, අධ්‍යාපනය, රැකියාව, ධනය හා දේශපාලන බලය අතින් වරප්‍රසාද නොලත් කණ්ඩායමක්ද විය හැකිය. පැටලිලි සහගත බව මඟහැරීමට සමහර ලේඛකයයෝ "ද්විතීයක කණ්ඩායම හා "ප්‍රමුඛ කණ්ඩායම" යන පද දෙක වෙනුවට "සුළුතර" හා "බහුතර" යන පද දෙකට වැඩි මනාපයක් දක්වති.

සමාජ ආර්ථිකයට අනුව " සුළුතරය" යන පදයෙහි තේරුම සමාජීය වශයෙන් යටපත් කරගෙන සිටින ජනවාර්ගික කණ්ඩායමකි (භාෂාව, පුරවැසිභාවය, ආගම සහ/හෝ සංස්කෘතික වශයෙන් හඳුනාගත්). විකලාංග භාවයන් සහිත මිනිසුන්, "ආර්ථික වශයෙන් සුළුතර " (රැකියාවේ නියුතු, දුප්පත් හෝ රැකියා විරහිත), " වයසින් සුළුතර" (සාමාන්‍ය රැකියාවේ නියුතු වයස් සීමාවට පහළ හෝ ඉහළ පුද්ගලයින්) සහ "ලිංගික සම්බන්ධකම් සුළුතරය" (ලිංගික සම්බන්ධකම් පිළිබඳව හැඩගැසීම ‍හෝ ලිංගභේදය පිළිබඳ අනන්‍යතාව සමාජ සම්මතයෙන් වෙනස් පුද්ගලයින්) වෙනත් සුළුතර කණ්ඩායම් වලට ඇතුලත් වේ.

"සුළුතර කණ්ඩායම'" යන පදය බොහෝ විට මතුවන්නේ 20 වැනි දශකයේ ප්‍රමුඛත්වයට පත්වු සිවිල් අයිතිවාසිකම් හා පොදු අයිතිවාසිකම් පිළිබඳ දේශනා වලදීය. සුළුතර කණ්ඩායම් වල සාමාජිකයන්ට තමන් ජීවත් වන රටෙන් හා සමාජයෙන් විවිධ වු සැලකිලි ලැබීමට අවකාශය ඇත. මෙම විවේචන, පුද්ගලයෙකුගේ පුද්ගලික ජයග්‍රහණ මත නොව පුද්ගලයෙකුගේ සුළුතර කණ්ඩායමක සාමාජිකත්වය මත සෘජුවම පාදක වේ. මත භේදයට හේතුවන කරුණු පිළිබඳ ක්‍රියාකාරී වන පුද්ගලයින් සුළුතර අයිතිවාසිකම්, ශිෂ්‍ය අයිතිවාසිකම්, පාරිභෝගික අයිතිවාසිකම් හා සතුන්ගේ අයිතිවාසිකම් තම භාෂාව ලෙස යොදා ගනී. මෑත කාලීනව සමහර කණ්ඩායම් වල ප්‍රමුඛත්වයට පත්වු සාමාජිකයන් තමන්ව සුදු, මධ්‍ය පාන්තික, විෂම ලිංගික, අසාධාරණ ලෙස පාලනයට නතුකරගත් සුළුතරයක් ලෙස විදහා දැක්වීමට උත්සාහ දැරූහ.

සුළුතර කණ්ඩායම් හා එම කණ්ඩායම්වල සමාජ සුරක්ෂිතභාවය ‍කෙරෙහි බලපාන සෘණාත්මක ආකල්ප හා පක්ෂපාතිත්වය අතර වූ සම්බන්ධයක් අධ්‍යයනය මඟින් සොයා ගෙන ඇත. (එසේම ධනාත්මක ආකල්ප හා සමාජ සුභසාධනය අතර ද සහසම්බන්ධයක් ඇති බවද සොයාගෙන ඇත) මෑත අතීතයේ හිංසනයට ලක් වු සුළුතර කණ්ඩායම් අතරට ජර්මනියේ නාසිවාදීන් යටතේ වු ‍යුදෙව්වන් හා ජීම් ක්‍රොව් (Jim Crow) වකවානුවේ අප්‍රිකානු ඇමරිකානුවන්ද ඇතුලත් වේ.

සුළුතර කණ්ඩායම් පිළිබඳව සමාජ විද්‍යාව

සමාජ විද්‍යාඥයින් වන ලුවිස් වර්ත්ට (Louis Wirth) අනුව සුළුතර කණ්ඩායමක් යනු භෞතික හා සංස්කෘතික ලක්ෂණ මත සමාජයෙන් වෙන්ව ඇති මිනිසුන් කණ්ඩායමකි. පොදු ජන සමාජය මේ සුළුතර ජන කොටස් කෙරෙහි අනුගමනය කරන්නේ තරමක වෙනස් ක්‍රියා කලාපයක් එබැවින් මේ සුළුතර කණ්ඩායම් තමන්ව දකින්නේ අසාධාරණයට විවේචනයට ලක්වන වස්තු ලෙසිනි. ඒ කෙරෙහි ඉහත අරමුණු හා තේමාවන් මුල් වී ඇත. සුළුතර කණ්ඩායමක සාමාජිකයින් වන පුද්ගලයින්ගේ භෞතික හා හැසිරිම් ලක්ෂණ මත අරමුණු මුල් කොට සමාජය මඟින් ඔවුන් මත පවරා ඇත. තේමාව අනුව කණ්ඩායමේ සමාජිකයන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය, කණ්ඩායම් අනන්‍යතාව හෝ සහයෝගිතාව සඳහා පාදක කරගත හැක. සුළුතර කණ්ඩායමක සමාජ තත්ත්වය ස්වභාවයෙන්ම කාණ්ඩ කළ හැකිය. යම් කිසි සුළුතර කණ්ඩායමක භෞතික හා හැසිරීමේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකුට එම සුළුතර කණ්ඩායමේ සමාජ තත්වය ලබාදෙන අතර එම කණ්ඩායමේ අනෙක් සාමාජිකයින්ට ලැබෙන සැලකිලිද ඔහුට ලැබෙනු ඇත.

ජාතීය හෝ වාර්ගීක හෝ සුළුතරය

සෑම සමාජයකම ජනවාර්ගික සුළුතරයක් අඩංගු වේ. ඔවුන් සංක්‍රමණික, දේශිය හෝ ඉඩම් අහිමි සැරිසරන්නන් විය හැකිය. සමහර ස්ථාන වල, දෙ‍වැනි ජනවාර්ගික කණ්ඩායම්, දකුණු අප්‍රිකාවේ ඇති වර්ණ භේදය‍මෙන් සංඛ්‍යාත්මක බහුතරයක් සංස්ථාපනය කිරීමට ඉඩ ඇත. ජාත්‍යන්තර අපරාධ නීතිය මඟින් ජාතිවාදී හෝ ජනවාර්ගික සුළුතරයෙහි අයිතීන් සුරැකීමට විවිධ ක්‍රම ඇත. කෙසේ වෙතත් ස්වයං - නිර්ණය සඳහා ඇති අයිතිය ප්‍රබල මත‍භේදයකට මුල් වු කරුණකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 18, 2026

    මැග්නීසියම් සිලිසයිඩ්

  • අප්‍රේල් 06, 2026

    වර්සේල්ස් ගිවිසුම

  • මාර්තු 19, 2026

    ඉසුරුමුණි කැටයම්

  • අප්‍රේල් 09, 2026

    European Union

  • අප්‍රේල් 07, 2026

    Urinary bladder

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට