සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නකල්ස් කඳුවැටිය ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පිහිටා ඇත. මෙම පරාසයට එහි නම ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිට බලන ව

නකල්ස් කඳුවැටිය

  • මුල් පිටුව
  • නකල්ස් කඳුවැටිය

නකල්ස් කඳුවැටිය ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල පිහිටා ඇත. මෙම පරාසයට එහි නම ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල සිට බලන විට මෙය මිටිමොලවන ලද අතක 'නකල්' ලෙස පිහිටා ඇති කඳු මුදුන් කිහිපයක් නිසාය. මුල් බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් මෙම නම පවරන ලද අතර, සිංහල වැසියන් සම්ප්‍රදායිකව මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ මීඳුමෙන් පිරුණු කඳුවැටිය යන අර්ථය ඇති දුම්බර කඳුවැටිය යනුවෙනි.

නකල්ස් කඳුවැටිය
නකල් වැටිය
නකල්ස් කඳුවැටියේ දර්ශනයක්
Map showing the location of නකල්ස් කඳුවැටිය
Map showing the location of නකල්ස් කඳුවැටිය
සංරක්ෂණ වනාන්තරයේ පිහිටීම
පිහිටුමමධ්‍යම පලාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයමාතලේ
ඛණ්ඩාංක7°27′N 80°48′E / 7.450°N 80.800°E / 7.450; 80.800
පාලක ස්ථිතියවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
World Heritage Site"නකල්ස් සංරක්ෂිත වනාන්තරය". 2010 සිට, ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් තුල)

පටුන

නකල්ස් කඳු මුදුන්

නකල්ස් කඳුවැටියේ මීටර් 1200 (අඩි 4000) ට වැඩි කඳු මුදුන් නවයක් ඇත. මෙහි උසම කඳු මුදුන "ගොම්බනියා"(1906m/6248ft) වේ. නකල් හැඩැති කඳු මුදුන් පහෙන් උසම ස්ථානය මීටර් 1864 වන අතර නකල්ස්-කිරිගල්පොත්ත මීටර් 1647 ද, අලියවැටුනඇල 1647m, දුම්බානාගල 1644m, යකුන්ගෙගල 1586m, දෝතලුගල 1575m, වමාරපුගල 1559m, කොබොනීලගල 1555m, කලුපහන (තුන්තිස්ගල) 1628m, රිලගල 1605m, තෙලඹුගල 1331m, නවනගල (1488m), ලකේගල 1310m, මරතුවෙගල 1190m, බාලගිරිය 1148m, වෙලන්ගල 1180m, ලහුමනගල 1114m, කිනිහිරිගල 1068m, and ලුනුමැදල්ල 1060m අනෙකුත් කඳු මුදුන් අතර වේ.

කඳුමුදුන මුදුනේ උස
m ft
ගොම්බානීය 1,906 6,253
මුදුන් පහ 1,864 6,115
නකල්ස්-කිරිගල්පොත්ත 1,647 5,404
අලියවැටුනුඇල 1,647 5,404
දුම්බානාගල 1,644 5,394
යකුන්ගෙගල 1,586 5,203
දෝතලුගල 1,575 5,167
වමාරපුගල 1,559 5,115
කොබොනීලගල 1,555 5,102
කලුපහන (තුන්තිස්ගල) 1,628 5,341
රිලගල 1,605 5,266
නවනගල 1,488 4,882
තෙලඹුගල 1,331 4,367
ලකේගල 1,310 4,298
මරතුවෙගල 1,190 3,904
බාලගිරිය 1,148 3,766
වෙලන්ගල 1,180 3,871
ලහුමනගල 1,114 3,655
කිනිහිරිගල 1,068 3,504
ලුනුමැදැල්ල 1,060 3,478

දේශීය වෙනත් නාම

උස් කඳුමුදුන් නිරන්තරයෙන් ම පාහේ මීදුමෙන් වැසී පවතින බැවින් දුම්බර කඳුවැටිය ලෙසද, මෙහි බටහිර බෑවුම බටලීයෙන් වැසී ඇති නිසා බටදඬු කන්ද ලෙසින් ද හැඳින්වේ.

වර්ෂාපතනය හා පාරිසරික ස්වභාවය

නකල්ස් කඳුවැටිය ඊසාන දිග හා නිරිතදිග මෝසම් සුළං හමන දිශාවට ලම්බකව පිහිටා ඇති බැවින් මෝසම් දෙකෙන්ම වර්ෂාව ලැබේ.ප්‍රධාන නකල්ස් ප්‍රදේශයට මිලිමීටර් 5080ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර එහි නැගෙනහිර පහල බෑවුම්වලට මිලිමීටර් 2540-3810ක පමණ වාර්ෂික වර්ශාපතනයක් ලැබේ.මධ්‍යන්‍ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.5-26 පමණ වේ.මෙම වර්ෂාපතන විචල්‍යතාව නිසා ම විවිධ වනාන්තර වර්ග ගණනාවක් නකල්ස් වනාන්තරය තුල දක්නට ලබේ.

1.තෙහ් නිවර්තන පහත් අර්ධ සදාහරිත

2.නිවර්තන උප කඳුකර තෙත් අර්ධ සදාහරිත

3.නිවර්තන කඳුකර තෙත් සදාහරිත

4.කඳුකර තෘණභූමි

මීට අමතරව වර්ණවත් තුරුලතා, ගිරි ශිඛර, ප්‍රපාත, පතන් බිම් ආදී විවිධ භූ ලක්ෂණ මෙන්ම දිවයිනේ වෙනත් කිසිදු තැනක දක්නට නොලැබෙන රමණීය භූ දර්ශන ද මෙම වනාන්තරය තුල දක්නට ලැබේ.එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් මෙම වනාන්තරය තුල දක්නට ලැබෙන අතර එයිනුත් ඇතැම් විශේෂ දක්නට ලැබෙන්නේ මෙම වනාන්තරය තුල පමණි.එබැවින් මෙහි සංචාරක මෙන්ම ජෛව විද්‍යාත්මක අගය ද ඉතා ඉහල ය.

වනාන්තරය හා සබැඳුනු ඉතිහාසය

අතීතයේ දී ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පැමිණෙන රුවල් නෞකාවලට ශ්‍රී ලංකාවේ පිහිටීමේ දිශාව පෙන්නූ බව කියැවෙන 'ඉලක්ක ගල' හෙවත් "ලකේගල" ද නකල්ස් වනාන්තරය තුල පිහිටි සුවිශේෂී ස්ථානයකි.තව ද ජනප්‍රවාද වලට අනුව වැලිවිට සරණංකර නා හිමි සැඟව සිටි ස්ථාන කිහිපයක් ද මෙහි වේ.එමෙන් ම අතීතයේදී, වෙඩිබෙහෙත් සෑදීමට අවශ්‍ය වූ ස්වභාවික පොටෑසියම් නයිට්‍රේට්(KNO3) හෙවත් වෙඩිලුණු ලබාගත් ගුහාවක් ද මෙහි දක්නට ලැබේ.

ජෛව විද්‍යාත්මක වැදගත්කම

නකල්ස් වනාන්තරය ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයකි.මෙහි ජීවී විශේෂ විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඒ අතරින් සමහර විශේෂ ලංකාවට ආවේණික විශේෂ වේ.

නකල්ස් තුක පමනක් දැකිය හැකි ශාක හා ජීවීන්

1.පතන් අල(Brachystelma lankana)

2.දුම්බර ගල්පර මැඩියා(Nannophrys marmorata)

3.නකල්ස් වකරැලි මැඩියා (Lankanectes pera)

4.නකල්ස් පඳුරු මැඩියා (Pseudophilautus fulvus)

5.මූවර්ගේ පඳුරු මැඩියා (Pseudophilautus mooreorum)

6.ස්ටුවර්ට් ගේ පඳුරු මැඩියා (Pseudophilautus stuarti)

7.ඉරි වකුටුල්ලා (Rhinophis phillipsi)

8.ඩි සිල්වාගේ මැඩිල්ලා (Aspidura desilvai)

9.පෙති අං ක‍ටුස්සා(Ceratophora tennentii)

10.පෙතියාගොඩගේ නොසිලු කටුස්සා (Calotes pethiyagodai)

11.මනමේන්ද්‍ර-ආරච්චිගේ උරුවන් කටුස්සා (Calotes manamendrai)

12.දුම්බර කුරු බෝදිලිමා / කටුස්සා (Cophotis dumbara)

13.චතුරංගුලි සර්ප හිකනලා (Chalcidoseps thwaitesi)

14.දුම්බර වක්නිය හූනා (Cyrtodactylus soba)

15.නකල්ස් දිවාසැරි හූනා (Cnemaspis kallima)

16.තිත් දිවාසැරි හූනා (Cnemaspis punctata)

දුර්ලභ ඖෂධීය ශාක

1.වන රාජ(Anoectochilus setaceus)

2.බිං කොහොඹ(Munronia pinnata)

3.බෝඹු(Symplocos cochinchinensis)

4.මිල්ල(Vitex altissima)

5.මී(Madhuca longifolia)

6.කුඩා හැඩයා(Huperzia squarrosa)

7.මහා හැඩයා(Lycopodium phlegmaria)

8.හාතවාරිය(Asparagus racemosus)

9.නාපිරිත්ත(Hibiscus furcatus)

10.නෙල්ලි(Phyllanthus emblica)

සමනල විශේෂ

1.බ්ලූ මෝර්මන්(Papilio polymnestor)

2.පේන්ටඩ් සෝටූත්(Prioneris sita)

3.කොමන් මෝර්මන්(Papilio polytes)

4.නිගර්(Orsotriaena medus)

5.බ්ලූ අඩ්මිරල්(Kaniska canace)

6.ටැමිල් යොමාන්(Cirrochoroa thais)

පක්ෂින් විශේෂ

1.සැලළිහිණියා(Gracula religiosa)

2.කැහිබෙල්ලා(Urocissa ornata)

3.වලිකුකුළා(Gallus lafayetii)

4.ගිරාමලිත්තා(Loriculus beryllinus)

5.පොලොස් කොට්ටෝරුවා(Megalaima zeylanica)

ගම්මාන

නකල්ස් වනාන්තරය වටා පිහිටි පරිවාරක ප්‍රදේශයේ හා අභ්‍යන්තරය තුල පිහිටි ගම්මාන සංඛ්‍යාව 40ක් පමණ වන අතර මීමුරේ, රණමුරේ, කයිකාවල, කළුපහන ආදී ගම්මාන ඒවා අතර වේ. සාම්ප්‍රදායික ලෙස ගොම මැටි පිරිමැද සකස් කරන ලද ගෙවල් මණ්ඩි ද, ගල්වැටි තාප්ප මගින් වෙන් කරන ලද පුද්ගලික ඉඩම් ද මෙම ගම්මාන වල දැකිය හැකි වැදගත් සාමාජීය ලක්ෂණ වේ. මෙම ගම්වාසීන් ජීවනෝපාය ලෙස හේන් ගොවිතැන, කරඳමුංගු හෙවත් එනසාල් වගාව, කිතුල් මැදීම, වී ගොවිතැන ආදිය සිදුකරයි. මෙම ගම්මාන ඉතා දුෂ්කර වන අතර මාර්ග පහසුකම්ද අඩු ය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    වී වගාව

  • අප්‍රේල් 06, 2026

    The Honourable

  • අප්‍රේල් 09, 2026

    දෙවන එලිසබෙත් රැජින

  • අප්‍රේල් 05, 2026

    Indian Ocean

  • අප්‍රේල් 26, 2026

    සිරස ටීවී

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට