සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ටොලමි VI ෆිලොමේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλομήτωρ, Ptolemaĩos Philomḗtōr, ක්‍රි.පූ. 186–145 පමණ) යනුවෙන් හැඳන්වෙන්නේ ටොලමියානු යුගයේ ඊජිප්තු රජෙකි. ඔහු ක්‍රි.පූ.

ටොලමි VI

  • මුල් පිටුව
  • ටොලමි VI

ටොලමි VI ෆිලොමේටර් (ග්‍රීක: Πτολεμαῖος Φιλομήτωρ, Ptolemaĩos Philomḗtōr, ක්‍රි.පූ. 186–145 පමණ) යනුවෙන් හැඳන්වෙන්නේ ටොලමියානු යුගයේ ඊජිප්තු රජෙකි. ඔහු ක්‍රි.පූ. 180 සිට 145 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවී ය.

ටොලමි VI
ටොලමි VI
ටොලමි VI
ඊජිප්තුවේ රජ
පූර්වප්‍රාප්තිකයාටොලමි V
අනුප්‍රාප්තිකයාටොලමි VIII
රාජකීය නාමය
වල්ලභඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා
දරුවන්ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රාට දාව:
ටොලමි යුපේටර්
ටොලමි
ක්ලියෝපැට්රා තියා
බෙරෙනිස්
ඊජිප්තුවේ IIIවන ක්ලියෝපැට්රා
පියා‍ටොලමි V එපිෆේනස්
මවඊජිප්තුවේ Iවන ක්ලියෝපැට්රා
උපතක්‍රි.පූ. 185 පමණ
මරණයක්‍රි.පූ. 145
ටොලමි VI ෆිලොමේටර්ගේ කාසියක්
ටොලමි VI ෆිලොමේටර් ඊජිප්තු පාරාවෝවරයකු ලෙස නිරූපිත මුදුවක් (ලූවර්)

ක්‍රි.පූ. 180දී සිහසුනට පත්වන විට ටොලමිගේ වයස අවුරුදු 6ක් පමණ වූ හෙයින්, ඔහුගේ මව වූ Iවන ක්ලියෝපැට්රා සමග ඔහු හවුල් පාලනයක් ගෙනයන ලදී. ක්‍රි.පූ. 176දී ඇය මියගිය අතර, "සිය මවට සෙනෙහස දක්වන තැනැත්තා" යන අරුතැති ඔහුගේ 'ෆිලොමේටර්' යන නාමය යෙදුණේ මේ නිසා ය. මෙය φίλος (සෙනෙහස දක්වන, මිතුරු) + μήτηρ (මව) යන පද සන්ධි වී තැනුනකි. ඊළඟ වර්ෂයේ ඔහු විසින් සිය සොයුරිය වූ IIවන ක්ලියෝපැට්රාව විවාහ කරගන්නා ලදී. මෙය පාරාවෝවරුන්ගේ සම්ප්‍රදායයක් වූ අතර, ටොලමයික ග්‍රීක රජවරුන් පාරාවෝවරුන්ගේ බොහෝ පිළිවෙත් අනුගමනය කොට ඇත. ඇයට දාව අවම වශයෙන් ඔහුට දරුවන් සිව්දෙනකුවත් සිටින්නට ඇත. මේ අතර: ටොලමි යුපේටර්, ටොලමි නියොස්, ක්ලියෝපැට්රා තියා සහ IIIවන ක්ලියෝපැට්රා සහ ඇතැම්විට බෙරෙනිස් ද සිටින්නට ඇත.

ක්‍රි.පූ. 170දී IVවන ඇන්ටියෝකස් නැමැති සෙලියුකිඩ් රජු හයවන සිරියානු යුද්ධය ආරම්භ කළ අතර, ඔහු දෙවරක් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය.[තහවුරු කර නොමැත] ක්‍රි.පූ. 168දී ඔහු එහි රජු‍ ලෙස අභිෂේක විය. ලිවීගේ රෝමයේ ඉතිහාසය සහ එහි පදනම (XLV.12) තුළ සඳහන් වන්නේ රෝම සෙනට් සභාව,විසින් සිදුකළ නියෝගයක් අනුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගත් බවයි.

ක්‍රි.පූ. 169–164 කාලය තුළ, ඊජිප්තුව තුළ ටොලමි, ඔහුගේ සහෝදරි-රැජින සහ ටොලමිගේ ලාබාල සොයුරු ටොලමි VIII ෆිස්කන් යන තිදෙනාගෙන් සැදුම්ලත් ත්‍රිත්ව ආධිපත්‍යයක් පැවතිණි.[තහවුරු කර නොමැත] ක්‍රි.පූ. 164දී ඔහුගේ සොහොයුරා විසින් ඔහුව සිහසුනෙන් නෙරපන ලදී. අනතුරුව ඔහු ආධාර පතා රෝමය වෙත පලාගියේ ය. එහිදී ඔහුට කැටෝගේ ආධාර හිමි විය.[තහවුරු කර නොමැත] ඊළඟ වර්ෂයේ දී, ඇලෙක්සැන්ඩ්‍රියානුවන්ගේ මැදිහත්වීම මත ඔහුගේ තනතුරු යළි ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. නමුත් ඔහුට පාලනය ගෙනයාම තරමක් අපහසු වූ අතර, කැරැලි කිහිපයක් දරුණු ලෙස මර්දනය කිරීමට ද සිදු විය.[තහවුරු කර නොමැත]

ක්‍රි.පූ. 152දී ඔහු සිය පුත්‍රයකු වූ ටොලමි යුපේටර් සමග කෙටිකාලීන හවුල් පාලනයක් ගෙනගියේ ය. නමුත් එම වර්ෂයේම ටොලමි යුපේටර් මියගිය බව සැලකේ.[තහවුරු කර නොමැත]

ක්‍රි.පූ. 150 අවට ඔහු සිය දියණිය වූ ක්ලියෝපැට්රා තියාව ටොලමේයිස් අ‍කෝහි උත්සවයක දී ඇලෙක්සැන්ඩර් බැලස් හට විවාහ කර දී ඔහුව සෙලියුකිඩ් රජු ලෙස පිළිගත්තේ ය. ක්‍රි.පූ. 145දී කෙසේනමුත්, ඇලෙක්සැන්ඩර් සිලිෂියාවේ කැරැල්ලක් මර්දනය කරමින් සිටින අතරතුර, VIවන ටොලමි සිරියාව ආක්‍රමණය කළේ ය. මෙය සිදුකළේ ජුදියාවේ ආරක්ෂිත මාර්ගයක් ඔස්සේ ඇලෙක්සැන්ඩර්ගේ යටත් රාජ්‍යයක් වූ ජොනතන් මැකාබී සිට ය. ඔහු සෙලියුෂියා නුවර අල්ලා ගැනීමට සමත් විය. ඔහු සිය දියණියව නැවත ඇලෙක්සැන්ඩර්ගේ සතුරකු වූ IIවන ඩිමෙට්‍රියස්හට විවාහ කරදුන්නේ ය. ඇන්ටියොක් වෙත ගිය ඔහු එහිදී ආසියාවේ රජු ලෙස කිරුළු පැළඳියේ ය. සිලිෂියාවේ සිට යළි පැමිණි ඇලෙක්සැන්ඩර්ව ටොලමි විසින් පරාජය කරන ලදී. ඇලෙක්සැන්ඩර් සිය හමුදාව සමග අරාබිය වෙත පලාගියේ ය. එහිදී ඔහුව මරාදැමිණි. මෙලෙසින් මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ප්‍රථම වරට ඊජිප්තුව සහ සිරියාව යළි එක්සත් විය. කෙසේනමුත්, නොදන්නා හේතූන් මත ඉන් දින තුනකට පසු ටොලමි මියගියේ ය.

පෙළපත

ටොලමි VI ෆිලොමේටර්හි පවුල
16. ටොලමි II ෆිලඩෙල්ෆස්
8. ටොලමි III යුවර්ජිටිස්
17. ආර්සිනෝයි I
4. ටොලමි IV ෆිලොපේටර්
18. සිරිනියේ මේගස්
9. ඊජිප්තුවේ IIවන බෙරෙනිස්
19. ඇපාමා II
(#24ගේ ‍සොයුරිය; #25 සහ #26ගේ නෑනණ්ඩිය)
2. ටොලමි V එපිෆේනස්]]
20. =16. ටොලමි II ෆිලඩෙල්ෆස්
10. =8. ටොලමි III යුවර්ජිටිස්
21. =17. ආර්සිනෝයි I
5. ඊජිප්තුවේ IIIවන ආර්සිනෝයි
22. =18. සිරිනියේ මේගස්
11. =9. ඊජිප්තුවේ IIවන බෙරෙනිස්
23. =19. ඇපාමා II
1. ටොලමි VI ෆිලොමේටර්
24. ඇන්ටියෝකස් II තියොස්
(#19ගේ සොහොයුරා; #25 සහ #26ගේ මස්සිනා)
12. සෙලියුකස් II කැලිනිකස්
25. ලැඔඩිස් I
(#26ගේ සොයුරිය; #19 සහ #24ගේ නෑනණ්ඩිය)
6. මහා IIIවන ඇන්ටියෝකස්
26. ඇන්ඩ්‍රොමේකස්
(#25‍ගේ සොහොයුරා; #19 සහ #24ගේ මස්සිනා)
13. ලැඔඩිස් II
3. ක්ලියෝපැට්රා I සයිරා
28. පොන්ටස්හි ඒරියොබාර්සනිස්
14. පොන්ටස්හි IIවන මිත්රිඩේටස්
7. ලැඔඩිස් III
30. =24. ඇන්ටියෝකස් II තියොස්
15. ලැඔඩිස් (පොන්ටස්හි IIවන මිත්රිඩේටස්ගේ බිරිඳ)
31. =25. ලැඔඩිස් I
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    නිල්මිණි තෙන්නකෝන්

  • අප්‍රේල් 23, 2026

    ටොලමි VI

  • අප්‍රේල් 05, 2026

    භික්ෂූන් වහන්සේ

  • මාර්තු 18, 2026

    බුදුගුණ අලංකාරය

  • අප්‍රේල් 03, 2026

    පරමාණුක න්‍යෂ්ටිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට