සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලැප්ටොප් පරිගණකය (නෝට් බුක් පරිගණක, නෝට් බුක්ගේ නෝට් පෑඩ්) යනු කුඩා ජංගම පරිගණකයකි. එහි බර සාමාන්‍යයෙන් රාත්තල් 2 – 18 අතර ප්‍රමාණයේ වේ. (1 සිට 8 දක්වා කිලෝග්‍ර

ලැප්ටොප් පරිගණකය

  • මුල් පිටුව
  • ලැප්ටොප් පරිගණකය

ලැප්ටොප් පරිගණකය (නෝට් බුක් පරිගණක, නෝට් බුක්ගේ නෝට් පෑඩ්) යනු කුඩා ජංගම පරිගණකයකි. එහි බර සාමාන්‍යයෙන් රාත්තල් 2 – 18 අතර ප්‍රමාණයේ වේ. (1 සිට 8 දක්වා කිලෝග්‍රෑම්වලින් නම්)නමුත් එය විශාලත්වය , යොදාගත් ද්‍රව්‍ය හා අනෙකුත් සාධක මත රදා පවතී.

අතිශයින් ජංගම IBM x 31, 12” තිරයකින් යුත් IBMT43 පරිගණකය හා 14” තිරයකින් යුත් සැහැල්ලු පරිගණකයකි.
ගොනුව:Hclmininotebooksfgjdjfgn.JPG
ච්.සී.එල්. (HCL) සම‍ාගමේ කුඩා නෝට්බුක් පරිගණකය 6” TFT ස්පර්ශ තිර (Touch Screen) සමග 2008 ජනවාරි 29 ඉන්දියාවේදී හදුන්වා දෙන ලදී.

ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් තනි ප්‍රධාන බැටරියකින් ක්‍රියාත්මකවන අතර නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා/සරල ධාරා අපවර්තකයන් මගින් බැටරිය අරෝපණය කරමින් එයටද බලය ලබා ගනිමින් ක්‍රියාත්මක කෙරේ. බොහෝමයක් පරිගණක වල 3 වෝල්ට් බැටරියක් මගින් පරිගණකයේ ඔරලෝසුව ක්‍රියාත්මක කරයි. මෙමඟින් විදුලි විසන්ධි වීමකදී එහි සහ අනෙකුත් ක්‍රියාවලි වල සිදුවන ඇනහිටීම් වළක්වයි.

ලැප්ටොප් පරිගණකයක අඩංගු කොටස් බොහෝ දුරට ඩෙස්ක්ටෝප් පරිගණකයක අඩංගු උපකරණවලට සමාන වන අතර ඒවා ප්‍රමාණයෙන් කුඩා හා ජංගම ලෙස භාවිතයට ගැනීමට හැකි පරිදි හැඩගස්වා ඇත. එමෙන්ම ඒවා කාර්යක්ෂම ලෙස බලය පරිභෝජනය කරයි. නමුත් එකම මිළ මට්ටමේ පවතින ඩෙස්ක්ටොප් පරිගණකයට සාපේක්ෂව ලැප්ටොප් පරිගණකයක කාර්යක්ෂමතාව අඩු‍ වේ. ලැප්ටොප්වල සාමාන්‍යයෙන් විනිවිද පෙනෙන ද්‍රවශීලී තිර (LCD) වලින් යුක්ත වන අතර එහි සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) වෙනුවෙන් වෙනස් මතක මොඩියුල භාවිතා කරනු ලබයි. උදාහරණයක් වශයෙන් කියතොත් SO – DIMM සිට විශාල DIMM භාවිතා කරනු ලැබේ. අමතර වශයෙන් එය එහිම සෑදු යතුරු පුවරුවකින් සමන්විත අතර ටච්පෑඩ් (මෙය ට්‍රැක්පෑඩ් ලෙස ද හදුන්වනු ලබයි) හෝ පොයින්ටින්ග් ස්ටික් උපාංගයක් මගින් දත්ත ප්‍රධානය (Fn Put) කරනු ලබයි. අමතරව මෙයට බාහිර යතුරු පුවරුවක් හා මූසිකයක් සම්බන්ධ කිරීමේ හැකියාව පවතී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    ෆාහියන් හිමි

  • මාර්තු 22, 2026

    ආවර්තිතා වගුව

  • මාර්තු 24, 2026

    කන්‍යා පටලය

  • මාර්තු 24, 2026

    ලිංගාශ්‍රිත රෝග

  • අප්‍රේල් 09, 2026

    කාල් ඔබේසේකර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට