සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්තමානයේ සමාන්‍යයෙන් ඇත් පොකුණ ලෙස හැඳින්වෙන මාස්පොත පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ අනුරාධපුර නගරය තුල, අභයගිරි ස්තූපයට නිරිත දෙස ලංකා‍රාමයට ආසන්නව, ඉදිකොට ඇති ප

ඇත් පොකුණ

  • මුල් පිටුව
  • ඇත් පොකුණ

වර්තමානයේ සමාන්‍යයෙන් ඇත් පොකුණ ලෙස හැඳින්වෙන මාස්පොත පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ අනුරාධපුර නගරය තුල, අභයගිරි ස්තූපයට නිරිත දෙස ලංකා‍රාමයට ආසන්නව, ඉදිකොට ඇති පැරණි පොකුණකි.

ඇත් පොකුණ

නාමය

මෙහි වූ විශාලත්වය නිසාම වර්ථමානයේදී මෙය ඇත් පොකුණ ලෙස හැඳින්වූවත්, අතීතයේදී මෙය මාස්පොත පොකුණ වශයෙන් හැඳින්වූ බව සඳහන් වෙයි.

විශාලත්වය

දිගින් මීටර 159 ක් හා පළලින් මීටර 52.7 ක් පමණ වන මෙම පොකුණෙහි ගැඹුර මීටර 9.5 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ විශාලතම පොකුණ ලෙස සැලකෙන්නේද, මෙම ඇත් පොකුණ වෙයි. පොකුණට ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ග දෙකක් පවතී. ඉන් එක් මාර්ගයක් ඔස්සේ වර්ථාමානයේදීද පොකුණට, පෙරියන්කුලම වැවෙහි සිට ජලය ගෙන එනු ලබයි.

අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලාගේ පැන් අවශ්‍යතා සපුරණු වස්, මෙම පොකුණ ඉදිකොට තිබූ බව සඳහන් වෙයි.

පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය අභයගිරි ස්තුපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව පිහිටා ඇති විහාල පොකුණ දිගින් මිටර් 159 ක්ද පළලින් 52.7 ක් හා ගැඹුරින් මිටර් 9.5 ක්ද වෙයි. එයට දකුණු පැත්තෙන් තවත් ජල මාර්ග දෙකක් ඇති අතර එයින් එක් ජල මාර්ගයකින් විහාල වශයෙන් වර්ෂාව ඇති වන කාල වලදි තවමත් ඇත් පොකුණට ජලය සපයයි. පොකුණට උතුරු පැත්තේ ඇති පෙරිය කුලම වැව පිරෙන විට මේ ජල මාර්ගයෙන් ජලය පොකුණට ලැබේ. එය 1982 දි දක්නට ලැබිණ. පොකුණේ ජලය පිට කිරිමේ ජල පෙරණයක් හා ජල නිග්ගම නාලියක් පොකුණේ දකුණු පැත්තේ නැගෙනහිර කොනේ පතුලෙහි වෙයි. පොකුනට බැසිමට පඩි පේළි කිහිපයක් ඇති අතර දකුනු පැත්තේ පඩි පේලියට ආසන්නව බිසෝ කොටුවක් වෙයි. එතැන දක්වා ඇති ජල මාර්ගයෙන් එන ජලය මේ කොටුවට වැටි වේගය අඩු වි පසුව ගල් කානුවක් දිගේ ගොස් පොකුණ ඉවුරේ සවිකර ඇති ගල් පිහිල්ලට වැටි එම පිහිල්ලෙන් ජලය පොකුනට වැටිමට සලස්වා ඇත.

මේවාද බලන්න

  • කුට්ටම් පොකුණ
  • ලොව විශාලතම පෞරාණික තටාකය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 28, 2026

    එරංග ගුණසේකර

  • අප්‍රේල් 21, 2026

    සිංහල නවකථාව

  • මැයි 02, 2026

    සංසද් භවන්

  • අප්‍රේල් 03, 2026

    මහනුවර රාජධානිය

  • අප්‍රේල් 06, 2026

    ගඟ අද්දර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට