සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි') (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වස

ක්‍රිස්තු පූර්ව

  • මුල් පිටුව
  • ක්‍රිස්තු පූර්ව

ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි') (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකයට පූර්වයෙන් භාවිතා කරන විස්තර කිරීමේ යෙදුමයි. අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ‍ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

මූලික වශයෙන් පාස්කු දිනය දැක්වීම සඳහා ක්‍රිස්තු වර්ෂ පදය ව්‍යවහාර කෙරුම ඇරඹුයේ දියෝනිසියස් එක්සිජූස් විසිනි.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ යුගාරම්භය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.

වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය. වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.

සටහන් සහ ආශ්‍රිත

සටහන්:

  1. "ලතින්: අන්නෝ දොමිනේ" ලෙසින්ද වැහැරිය හැක.
  2. "අන්නෝ දොමිනි". මෙරියම් වෙබ්ස්ටර් ඔන්ලයින් ඩික්ෂනරි. මෙරියම්-වෙබ්ස්ටර්. 2003. http://www.m-w.com/dictionary/Anno%20Domini. ප්‍රතිෂ්ඨාපනය 2008-02-03. "ශබ්දනිෂ්පත්තිය: මධ්‍යතන ලතින්, ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්". 
  3. බ්ලැක්බර්න් ඇන්ඩ් හොල්ෆර්ඩ්-ස්ටීවන්ස් පිටු. 782
  4. Gerard, 1908

ආශ්‍රිත ලිපි

  • බුද්ධ වර්ෂ ක්‍රමය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    අද්වෛත වේදාන්ත

  • අප්‍රේල් 09, 2026

    ස්වර්ණමාලී මහා සෑය

  • අප්‍රේල් 04, 2026

    දයාසිරි ජයසේකර

  • මාර්තු 27, 2026

    මානව අයිතිවාසිකම්

  • මාර්තු 25, 2026

    භගමණිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට