ලොකුගේ දිනේෂ් චන්දිමාල් (ඉංග්‍රීසි: Dinesh Chandimal; උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන් ම හිටපු ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් නායකයෙක් ද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණත් පිතිකරුවකු වන මොහු සියලු ආකෘතිවල කඩුලු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියලු ආකෘතිවල උප නායකයා ද වෙයි.
![]() | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | ලොකුගේ දිනේෂ් චන්දිමාල් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 18 නොවැම්බර් 1989 බලපිටිය, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| අපනාමය | චන්ඩි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2009–වර්තමානය | නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2010–වර්තමානය | රුහුණ (squad no. 17) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2012 | රාජස්තාන් රෝයල්ස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2024 9 සැප්තැම්බර් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
චන්දිමාල් 2012 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ දෙවැනි තැන ගත් කණ්ඩායමේත් 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමේත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ක්‍රීඩකයෙකි. 2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගවල දී ඔහු ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් නමුදු, මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණෙන් ඉනික්බිති තරගාවලියේ සෙසු තරග සඳහා ඔහුට කණ්ඩායමේ සිය ස්ථානය ද අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.
පාසල් ක්‍රිකට්
ගැටවරයකු ලෙසින් චන්දිමාල් ඔහු ගේ ක්‍රිකට් අභිවෘත්තිය ඇරැඹූයේ ඔහු ගේ පළමු පාසල වූ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ඔහු අධ්‍යාපනය සඳහා කොළඹ, ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ අතර, එහි දී වයස-17 න් පහළ පිලට නායකත්වය දිනි. 2008 වසරේ දී, විදුහලේ මුල් පෙළ ක්‍රිකට් පිලේ නායකයා වශයෙන් පත් කෙරුණු හේ, එම තරග වාරයේ දී විදුහලට එකහෙළා ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තැබී ය. මුළු ලකුණු 1,580 ක් සහිතව 1,000 ලකුණු ගණන අබිබවා ගිය පළමු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර, 2009 වසරේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගති. පාසලින් ඉවත්වූ පසු, හේ නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය හා එක් විය.
ජාත්‍යන්තර ශතක
ටෙස්ට් ශතක
| දිනේෂ් චන්දිමාල් ගේ ටෙස්ට් ශතක | |||||||
|---|---|---|---|---|---|---|---|
| අංකය | ලකුණු | තරගය | එරෙහිව | නගරය/රට | ස්ථානය | දිනය | ප්‍රතිඵලය |
| [1] | 116 | 6 | බංග්ලාදේශය | ගාල්ල, ශ්‍රී ලංකාව | ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය | 9 මාර්තු 2013 | ජය පැරදුමෙන් තොර |
| [2] | 102 | 7 | බංග්ලාදේශය | කොළඹ, ශ්‍රී ලංකාව | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය | 16 මාර්තු 2013 | ජය ගති |
