සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වර්ණකුල පටබැඳිගේ රොඩ්නි ප්‍රියන්ත, ජනප්‍රිය ව රොඩ්නි වර්ණකුල, ශ්‍රී ලාංකික සිනමාව හි නළුවෙකි. ශ්‍රී ලංකාවේ එක්තරා ජනප්‍රිය විකටයෙකි. අද වන විට ජේෂ්ඨ මාධ්‍යවේදිය

රොඩ්නි වර්ණකුල

  • මුල් පිටුව
  • රොඩ්නි වර්ණකුල

වර්ණකුල පටබැඳිගේ රොඩ්නි ප්‍රියන්ත, ජනප්‍රිය ව රොඩ්නි වර්ණකුල, ශ්‍රී ලාංකික සිනමාව හි නළුවෙකි. ශ්‍රී ලංකාවේ එක්තරා ජනප්‍රිය විකටයෙකි. අද වන විට ජේෂ්ඨ මාධ්‍යවේදියෙකි. ගායකයෙකු සහ වේදිකා, ටෙලිනාට්‍යය නළුවෙකි.

රොඩ්නි වර්ණකුල
උපත
වර්ණකුල පටබැදිගේ රොඩ්නි ප්‍රියන්ත පෙරේරා

අප්‍රේල් 24, 1961 (1961-04-24) (වයස 64)
ජාඇල,ශ්‍රී ලංකා
වෘත්තියරංගන ශිල්පී
සක්‍රීය වසර1981-සිට
Spouseහිරාණි සුභසිංහ (වි. 1989)

පටුන

පෙර අවධිය

ජා ඇල පමුණුගම, බෝපිටිය ග්‍රාමයේ ඇලොයි වර්ණකුල හා ඇනී ජයකොඩි යුවලට දාව 1961 අප්‍රේල් 24 දා උපන් රොඩ්නි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඇලෝයි වර්ණකුල ටවර් හෝල් රඟහලේ නළුවෙකු වූ අතර මව ඇනී ජයකොඩි ගෘහණියක වූවා ය. ප්‍රාථමික අධ්‍යාපනය බෝපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙනුත්,ද්විතීක අධ්‍යාපනය පමුණුගම මහ විදුහ‍ලෙනුත්,ද්විතික අධ්‍යාපනය පමුණගම මහ විදුහලෙනුත් ලද ඔහු පසුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමි විද්‍යා සැලසුමි ශිල්පියෙකු ලෙස සේවයට බැදුණි. තවද ඔහු ආයුර්වේදය පිළබඳ වසර දෙකක පාඨමාලාවක් මෙන්ම රජයේ මුද්‍රණ ශිල්පය පිළිබඳව ඩිප්ලෝමාක්ද ලබා ඇත.

පවුල් පසුබිම

1989 දී ඉරානි සුභසිංහ මෙනවිය හා අතිනතගත් රොඩ්නි වර්ණකුල ප්‍රසාංගිකා,සමාධි,ඉරෝෂ යන දු දරුවන්ගේ දයාබර පියාණෝය.

වේදිකාව

විශේෂයෙන් විකට නළුවෙකු ලෙස තාරාවෝ සිට වේදිකා නාට්‍ය 50 කට අධික ගණනක කටයුතු කරන ලද අතර, වර්ණකුල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ නාට්‍ය නළුවෙකු බවට පත් වුය. සම්මුඛ සාකච්ඡාවක දී, වර්ණකුල ඔහු රඟ පෑ වේදිකා නාට්‍යවලින් තාරාවෝ ඉගිලෙති නාට්‍යයට සහ නරියා ලෙස රංගනයෙන් දායක වූ නරිබෑනා ද "චුන් චෑන්" යන නාට්‍යයන්වලට ඉතාමත් ආදරය කරනා බව පැවසීය. ඔහුගේ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූ වේදිකා නාට්‍ය ලෙස සාරංගා නැවෙන් ඇවිත්, නරිබෑණා, විශ්ව සුන්දරී, මධුර ජවනිකා, මිනිසා, තාරාවෝ ඉගිලෙති, රූකඩ රාජ්ජේ, සුදු රෙදි හොරු ඇතුළත් වේ.

රූපවාහිනිය

වර්ණකුල වඩාත් ම ජනප්‍රිත්වයට පත් රූපවාහිනී වැඩ සටහන් වූයේ බෝඩිම, එතුමා, මෙතුමා හා නෝනාවරුනි මහත්වරුනි හාස්‍යමය ටෙලිනාට්‍යයන් හරහා ය. ඔහුගේ ටෙලි නාට්‍යය කිහිපයක් ලෙස නාන කාමරේ,කතුර, සට කපට, ආටක නාටක වේ. ඔහු රොඩ්නි ෆ්‍රේසර් සමග'සිරස' රූපවාහිනියේ විකාශය කරන ලද ටූ රොඩ්නිස් යනුවෙන් විනෝදාත්මක වැඩසටහනක් ද ඉදිරිපත් කළා.

තවද ස්වාධීන රූපවාහිනියේ ගේමක් නැති ෂෝ නම් විකට රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කළේ ය.

Discography

Warnakula is a highly talented singer. He is the leading singer for many stage dramas, sung in every stage drama he took part in. He already cut a CD and an audiocassette with the name Ha.. Ha… Landé. It contains only songs from stage dramas he acted.

ගීතයන්

පහත දැක්වෙනුයේ රොඩ්නි වර්ණකුල විසින් ගායනා කළ ගීතයන් වේ.

  • (01) අප කොහෙද මේ යන්නේ
  • (02) අරලිය උයනේ
  • (03) බලාගෙනයි පෙම්බර දේවී
  • (04) බෑණන්ඩියේ මගේ
  • (05) බෝඩොස්කියා මාගෙ බෝඩොස්කියා
  • (06) දඟර වලිග ලප වානර
  • (07) දෙමස්සිනා
  • (08) දුගියනේ අහපල්ලා
  • (09) Elo Ilo Ea Ale
  • (10) Galkiriyagama Awudin
  • (11) ගිං ගැන් ගුලි ගුලි
  • (12) ගිය හකුරට
  • (13) හා හා ළඳේ
  • (14) හඬන්නෙපා හඬන්නෙපා
  • (15) හනික වරෙව් කොල්ලනේ
  • (16) Hima Giri Arane
  • (17) Ira Handath Nagei
  • (18) Iti Pilimayak Wage
  • (19) Japan Rate Jan Jan
  • (20) Kadeta Palayan Chung Chang
  • (21) Kakulu Sahal Pitiyenda
  • (22) Kanden Panala
  • (23) Kaanuwe Ipadila
  • (24) Kavikara Hadakara Katakariye
  • (25) Kehel Malak Kehel Kotuwe
  • (26) Malmada Biso Ithin
  • (27) Neela Chanchala Dasa
  • (28) Nidi Dehene
  • (29) Iguru Paan Malliya
  • (30) Ohelage Pihiten (with Granvil Rodrigo)
  • (31) Onna Ithin Api Enawa
  • (32) Palanchiye Natha Deviyo
  • (33) Peenanna Wage (with Walter Fernando)
  • (34) Pembara Devi
  • (35) Porakana Lokaya
  • (36) Rathu Hatte Palal
  • (37) Rosa Mala Nam
  • (38) Sawan Yoma Asanne (with Anton Jude)
  • (39) Sawimath Kala Daruwan
  • (40) Senkadagala Dilena
  • (41) Siri Sangadasa Mahathmaya
  • (42) Siriyawi Nubawa Mama
  • (43) Sithumina Obai
  • (44) Sobawa De
  • (45) Sundara Me Ranga Sobawan
  • (46) Sundara Watha Numba
  • (47) Sundari
  • (48) Supipunu Suganda
  • (49) Swarna Sanda Bonda Wee
  • (50) Thagi Boga Kisima Deyak
  • (51) Yaluwo Maluwo Yaluwo
  • (52) Yami Yanta Den Mama
  • (53) Yasa Isuru Pirunu Thana
  • (54) Daana Sellam Apa Rajamanthri
  • (55) Ennako Gannako
  • (56) Nawen Apu
  • (57) Palagantiya
  • (58) Samanmali Mage Mali

සිනමාව

Rodney Warnakula's film career also stands as a comedian. He acted more than 40 films up to 2016. Some of his most famous films are Sikuru Hathe, Supiri Andare, and My Name Is Bandu. His most critically acclaimed acting came through comedy horror film sequels Bahubuthayo and Gindari, where he portrayed as a journalist Bunty.

  • No. denotes the Number of Sri Lankan film in the Sri Lankan cinema.
වසර අංකය චිත්‍රපටය චරිතය
2001 955 මහදැන මුත්තයි ගෝලයො රොත්තයි
2002 985 බහුබූතයෝ බන්ටි
2004 1026 ක්ලීන් අවුට් විකී
2007 1084 රන් කෙවිට
1092 සිකුරු හතේ සිරිමල්
2009 1122 සර් ලාස්ට් චාන්ස්
1123 සිනාසුනා අදරෙන්
2010 1147 ටිකිරි සුවඳ
2011 1165 එතුමයි මෙතුමයි
2012 1174 සුපර් සික්ස් විස්තර විචාරක
2013 1188 පීටර් වන්
1195 සීතා මං ආවා ගයිදා
2014 1205 සුපිරි අන්දරේ සල්මන් කාන්
2015 1225 ගින්දරී බන්ටි
1237 සුහද කොකා (සුමන සිරි)
1239 මයි නේම් ඉස් බන්දු රාජු
2016 1245 නටන්නැතුව දින්නා

කලා දිවිය

වේදිකා නාට්‍ය

  • තාරාවෝ ඉගිලෙති
  • සිංහ කොඩියේ රාජසිංහ
  • නරිබෑනා
  • වැනීසියේ වෙළෙන්දා
  • ආනන්ද ජවනිකා
  • මධුර ජවනිකා
  • ගුරුතරුව
  • බිසෝ
  • පැන්ස දෙකේ හංසයා
  • සෙනෙහෙබර ඩොලී
  • මීපුර වැසියෝ
  • ගී රඟ මඩල
  • මේක යස කතාවක්
  • ආටානාටිය
  • සාරංගා නැවෙන් ඇවිත්
  • පාදඩ අසපුව
  • අහස් බන්දන

ටෙලි නාට්‍ය

  • ගමේ විත්ති
  • බෝඩිම
  • වැලි සුළඟ
  • හතරවටේ
  • දොළොස් මහේ අපි
  • දොළොස් පැය
  • ජීවිත රෝදය
  • වාඩිය
  • එතුමා
  • නෝනාවරුනි මහත්වරුනි
  • සටකපට

නාට්‍ය නිෂ්පාදන

සාරංගා නැවෙන් ඇවිත්

කැසට් පට

හා හා ලඳේ

වැඩසටහන් ඉදිරිපත් කිරීමි

ඔල්ඩි හිටිස්

හඬ කැවිමි

මපටි ෂෝ

ප්‍රධානයන්

කුසලතා සහතික(ගුරු තරුව නාට්‍ය) – 1996 රාජ්‍ය උළෙල

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 07, 2026

    ශුද්ධවූ ත්‍රිත්වය

  • අප්‍රේල් 15, 2026

    හේමාල් රණසිංහ

  • අප්‍රේල් 07, 2026

    නව ගිවිසුම

  • මාර්තු 29, 2026

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

  • අප්‍රේල් 12, 2026

    හංගේරියානු භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට