සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සුහද කොකා යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය ජය නන්දසිරි විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණ

සුහද කොකා

  • මුල් පිටුව
  • සුහද කොකා

සුහද කොකා යනු 2015 වර්ශයේදි තිරගත වූ සිංහල දේශපාලනික ප්‍රහසන චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය ජය නන්දසිරි විසින් නිරූපණය කරන ලද අතර ගිරිරාජ් කෞශල්‍ය ගේ අධ්‍යක්ශණයක් වන මෙම චිත්‍රපටය ද වීඩියෝ ටීම් සමාගම විසින් නිශ්පාදනය කර ඇත.

සුහද කොකා
අධ්‍යක්‍ෂණයගිරිරාජ් කෞශල්‍ය
තිර රචනයගිරිරාජ් කෞෂල්‍ය
නිශ්පාදනයරවින්ද්‍ර ගුරුගේ
සිනෙමාරූපණයතුසිත අනුරාධ
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
සංගීතයරෝහණ වීරසිංහ
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 23, 2015 (2015-10-23)

රංගනය

  • විජය නන්දසිරි
  • මිහිර සිරිතිලක
  • කුසුම් රේණු
  • රොඩ්නි වර්ණකුල
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ
  • රත්නා සුමනපාල
  • ලලිත් ජයකාන්ත
  • සමන් හේමරත්න
  • ගිරිරාජ් කෞෂල්‍ය
  • දමිතා අබේරත්න
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • ප්‍රේමදාස විතානගේ
  • දමිතා සළුවඩන
  • සංජීව දිසානායක
  • ලාල් කුලරත්න
  • ගාමිණී අම්බලන්ගොඩ
  • පියුමි බොතේජූ
  • සුදාරා රන්දෙණිය
  • ගාමිණී සෝමරත්න
  • ගාමිණී චන්ද්‍රපාල
  • කුමාර ලියනගේ
  • සෝමපාල පතිරගේ

සාරාංශය

සුවිසල් නිවෙස හාත්පස ඇත්තේ දැඩි නිහඬතාවකි. ගෙමිදුල සැරැසූ තුරුලතාවල තිබූ නිල්පැහැය අද කවුදෝ හොරා ගත්තා සේය. ඒ වෙනදා නිලට නිලේ දිලෙන තුරුලතා හේබා ගොස් ඇති බැවිනි. හිරු එළියේ ද ඇත්තේ මලානික බවකි. ඒ එළිය අසල වූ කවුළුවෙන් නිවෙස ඇතුළට රිංගා ගත්තේ කිසිවකුගේ තහනමක් නොමැතිවම ය. හිරු කිරණ දිගේ ඇතුළට පිවිසි අයෙකුට දිස් වන්නේ සුඛෝපභෝගී බඩුභාහිරාදියෙන් සමන්විත නිවෙසයි. මේ සුවපහසු අසුන්වලින් සැරැසුණු සාලය රාජ මන්ත්‍රීගේ ධනවත් බව කියාපායි. එහෙත් ඒ ධනවත් බව කියාපාන සාලයේ වෙනදා තිබුණු සුන්දරත්වය පරයා නැඟී සිටින්නේ පාළු, මූසල බවකි. මේ මූසල බව තවත් තීව්‍ර වන්නේ එහි උන් අයගේ මුහුණුවලින් නැඟෙන ශෝකයෙනි. තැනින් තැන විසිර සිටින ඔවුහු එකිනෙකාගේ කනට කර කුමක්දෝ කොඳුරන්නේ කිසිවෙකුටත් නොඇසෙන විලසිනි. "සර්..... සර්..... සතුටුදායක ආරංචියක්." ඒ නිහඬ බවට තිත තබමින් ඇසුණේ කටහඬවල් කිහිපයකි. "සතුටුදායකයි කියන්නේ සර් හරිම සතුටුදායක ආරංචියක්." ඒ හඬට අවධානය යොමු කළේ එහි සැප පහසු පුටුවක අසුන් ගෙන සිටි සුදු සරමක් හා ඊට ම කැපෙන කමිසයක් ඇඳගෙන සිටි කෙනෙකි. "මරණයක් සම්බන්ධව නම් කොහොම ද බූරුවෝ සතුටු දායක ආරංචියක් වෙන්නේ." ඔහු ඇසුවේ පහත් ස්වරයෙනි. "ඕකනේ සර් කියන්නේ. හැම මරණයක් ම දුකට හේතුවක් වෙන්නේ නැහැ. සතුටුදායක මරණත් තියෙනවා."

සුමනසිරිගේ ස්වරයට අවට සිටිය අයගේ දෙනෙත යොමුවූයේ ඉබේම ය. ඔවුන් සියලුදෙනා ම සුමනසිරිත්, කළු මුදලාලි දෙසත් බලාගෙන සිටියේ මේ කුමක් විදෝ යන කුතුහලය පෙරදැරිව ය. රාජ මන්ත්‍රීට මෙවර සිය මන්ත්‍රී ධුරය අහිමි වී ගියේ බලාගෙන සිටිද්දී ය. එය සුළු පටු පාඩුවක් නොවේ. ඒ අහිමි වීම පිළිබඳ කතාව අතරට සුමනසිරි රැගෙන ආවේ අමුතු කතාවකි. හේ ඒ කතාව නොකියා අගය කිරීම රාජමන්ත්‍රීට ඉවසුම් නොදුන්නේ ය. "කළු මුදලාලි තමුසෙවත් කියනවා මොකක්ද කාරණේ කියලා." ඒ නිසා ඔහු යළිත් කෑ ගැසුවේ පෙරට වඩා ශබ්දයෙනි. කලු මුදලාලිගේ මුවඟින් පිටවූයේ නොසිතූවිරූ වදනකි. ඒ ධනජය ඇමතිතුමා පිළිබඳ පුවත රාජ මන්ත්‍රීට උන්හිටි තැන් අමතක කළේ ය.

"ඉතිං මැරිල ද? හුරේ. ආයි ඩඩා. ඩඩ්ඩ ඩඩා. ඩඩා. ඩඩා." ඔහු තාලයට රවුමක් නැටුවේ සිය සිතට පැමිණි ප්‍රීතිය නිසා අවට සිටින්නේ කවුරුන් දැයි ද අමතක වූ නියාවෙනි. එහෙත් කළු මුදලාලිගේ මුවෙන් පිට වූ වචනය ඔහුගේ සතුටට බාධාවකි. ධනජය ඇමතිතුමාගේ රෝහල් ගත කිරීම පිළිබඳ මීට වඩා යමක් තමා දැනගත යුතු නොවේද? ඊළඟට ලිස්ටෙකේ සිටින්නේ තමා බව රාජ මන්ත්‍රීට අමතක නැත.

"අනේ දෙයියනේ ධනජය ඇමතිතුමාගේ ආයුෂත් අරගෙන මං ජීවත් වෙන්න ඕන."

වංශක්කාර ඇමතිතුමාගේ ශෝකාකූල මුහුණට පිවිසියේ තරහවකි. ඔහු රාජ මන්ත්‍රී දෙස බැලුවේ නොමනාපයෙනි. සිය සඟයාගේ හදිසි අසනීපය ඔහුගේ සිත නොසංසුන් කළේ ය. "නෑ. නෑ. සර්.මගේ ආයුෂත් අරගෙන එතුමා ජීවත් වෙන්න ඕන. මේ කනගාටුදායක මොහොතෙත් වැරැදි හොයන්න එන්න එපා සර්. අහිංසක, හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. තව යන්න ඕන එවුන් කොච්චර ඉන්නව ද?"

හඬමින් රාජ මන්ත්‍රී පවසන්නේ වංශක්කාර දෙස ද හොරැහින් බලමිනි. වංශක්කාරගේ මුහුණේ නැඟෙන අඳුරු වලාවේ අරුමය අවබෝධ කරගත් ඔහු සිය මුවඟින් එළියට පැන්න කතාව නිවැරැදි කළේ සැනෙනි. යළි යළිත් ශෝකාකූල බව මුහුණට නඟාගත් රාජ මන්ත්‍රී යටි සිතින් සිනහ වූයේ තමාටම ය. මේ අතර ඔහුගේ නෙත ගැටුණේ සිය පණ හා සමාන මිතුරු පිරිවරයි. එකිනෙකා පිට නැඟි ඔවුන් ධනජය ඇමතිතුමාගේ මරණය ප්‍රාර්ථනා කළේ කාටත් හොරෙනි.

"මැරුණ ද ?" කාටත් හොරෙන් සුමනසිරි රාජ මන්ත්‍රී දෙස විමසුම් බැල්මක් හෙළුවේ ය. ඒ බැල්ම හඳුනා ගත්තාක් මෙන් රාජ මන්ත්‍රී පිළිතුරු බැන්දේ ය.

"තාම නෑ." හඬන අතර ම අභිනයෙන් පැවසූ රාජ මන්ත්‍රී දුටුවේ වෛද්‍යවරයා වංශක්කාරගේ කනට කර යමක් පවසයි...

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ගුණපාල වික්‍රමරත්න

  • අප්‍රේල් 04, 2026

    අන්තර්ජාල ප්‍රොටෝකෝලය

  • අප්‍රේල් 09, 2026

    British Museum

  • අප්‍රේල් 10, 2026

    ක්ෂාරීය පාංශු ලෝහ

  • අප්‍රේල් 15, 2026

    Computer programming

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට