සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජගත් චමිල ප්‍රනාන්දු (උපත 1972 ජුනි 6) යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු 1992 දී තිරගත වූ ගුරු ගෙදර චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කර

ජගත් චමිල

  • මුල් පිටුව
  • ජගත් චමිල

ජගත් චමිල ප්‍රනාන්දු (උපත 1972 ජුනි 6) යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු 1992 දී තිරගත වූ ගුරු ගෙදර චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසි චමිල, ඉන්පසු එල්මෝ ජයවර්ධනගේ "සෑම්ස් ස්ටෝරි" (2001) නවකතාව පදනම් කරගත් චිත්‍රපටයක් වන "සැමීගේ කතාව" චිත්‍රපටයේ සැමීගේ චරිතය නිරූපණය කිරීම නිසා 2013 දී නිව් යෝර්ක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. විචාරකයින් විසින් ශ්‍රී ලාංකේය වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු සැලකේ.

ජගත් චමිල
Jagath Chamila
උපත
ජගත් චමිල ප්‍රනාන්දු

ජුනි 6, 1972 (1972-06-06) (වයස 53)
ශ්‍රී ලංකාව
අධ්‍යාපනයමොරටුව වේල්ස් කුමර විද්‍යාලය
වෘත්තියsනළුවා, නාට්‍යකරු
සක්‍රීය වසර1992–වර්තමාන
Spouseපියුමි උත්පලා ධර්මශ්‍රී
දරුවන්2
Parents
  • ටිනිල් ප්‍රනාන්දු (father)
  • වීනාල් බියිට්‍රිස් (mother)
Awards
  • 2013 නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා
    2021 බොඩෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවා සම්මානය

පටුන

පෞද්ගලික ජීවිතය

චමිල උපත ලැබුවේ 1972 ජුනි 6 වැනිදාය. ඔහුගේ පියා ටිනිල් ප්‍රනාන්දු පාසලේ විදුහල්පතිවරයකු වූ අතර මව වීනාල් බියට්‍රිස් ගෘහණියකි. ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුට අජිත් ටිනිල් සහ ප්‍රසාද් සමන් යන සොහොයුරන් දෙදෙනකුද, නිරෝෂා ශ්‍යාමලී සහෝදරියක්ද සිටිති. චමිල විවාහ වී සිටින්නේ පියුමි උත්පලා ධර්මශ්‍රී සමඟ වන අතර ඔවුන්ට පන්සිළු පවන් නම් එක් පුතෙකු සහ වෙනුරි කිනාරා නම් දියණියක සිටී. පියුමි චිත්‍රපට නිෂ්පාදක විජය ධර්මශ්‍රීගේ දියණියයි.

වෘත්තීය ජීවිතය

චමිලගේ රංගන ජීවිතය ආරම්භ වූයේ වේල්ස් කුමර විද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී පාසැලේදී වේදිකා නාට්‍ය වලිනි. 1986 වසරේ සමනල කන්ද පාසල් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු 1990 සිට 1992 දක්වා අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හැකි වූ ඔහු 1992 වසරේ විජය ධර්මශ්‍රී විසින් අධ්‍යක්ෂණය කල ගුරුගෙදර චිත්‍රපටයෙන් ප්‍රථම සිනමා රංගනයට පිවිසියේය. 2005 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී සුනිල් චන්ද්‍රසිරිගේ ‘‘දොන් ජුවාන්’’ නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. 2013 දී, නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහු සෑම්ගේ කතාව චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය සඳහා හොඳම නළුවා සම්මානය දිනා ගත්තේය.

රූපවාහිනී කතා මාලා

  • අපි අපේ
  • අපි අපි වගේ I සහ II
  • අස්වැන්න
  • අවුල් හරය
  • බස් එකේ ඉස්කෝලේ
  • ගිරිකුල
  • ගොවි තාත්තා
  • හේලංකඩ
  • ජයතුරු සංකය
  • ජීවිතය ලස්සනයි
  • ජෝඩු ගෙදර
  • කොට උඩ මන්දිර
  • මහ පොළව
  • මාමා හා මා
  • මම නෙමෙයි මම
  • මිරිඟු සයුර
  • නැගෙනහිර වෙරළින් ඇසේන
  • නෝ පාකින්
  • පාරාදීසය
  • පවනි
  • රෝද හතරෙ මනමාලයා
  • රුවන් මාලිගා
  • සකුරා මල්
  • සමනලකන්ද
  • සඳගිර
  • සඳ පිනිබිදක
  • සිහින ගෙනෙන කුමාරියේ
  • සුදුයි උසයි
  • තරු කුමාරි
  • තෙත් සහ වියලි
  • උඩු සුළඟ
  • වෙරෝනා
  • විසුවියස් කඳු පාමුල’’
  • යස ඉසුරු

චිත්‍රපටකරණය

වසර චිත්‍රපටය භූමිකාව සටහන්
1992 ගුරු ගෙදර
1995 මාරුතය
2000 මේ මගේ සඳයි අනාගත සොල්දාදුවා
2002 තනි තටුවෙන් පියාඹන්න පාපන්දු ක්‍රීඩකයා
2005 අසනි වර්ෂා ප්‍රදීප් ගොඩකුඹුර
2005 සුළඟ ත්‍රිරෝද රථ රියදුරු
2007 උප්පලවන්නා රත්නපාල
2008 හතර දෙනම සූරයෝ ප්‍රතිනිර්මාණය ඩගී
2011 ගාමනි සුනිමල්
2012 ප්‍රතිරූ සුරේෂ්
2013 සැමීගේ කතාව සෑම්
  • හොඳම නළුවා - නිව් යෝර්ක් ජාත්‍යන්තර සිනමා උළෙල (2013)
  • නිර්මාණාත්මක කාර්ය සාධනය (පිරිමි) රන් සම්මානය - සිග්නීස් සම්මාන උළෙල
2015 හෝ ගානා පොකුණ මධුවන්ත කටහඬ විතරයි
2017 හිම තාරකා
2022 හිතුමතේ ජීවිතේ විමලේ
2024 වීර්යා
2024 පාස්පෝට්
2023 කදිර දිව්‍යරාජ
2024 ශ්‍රී සිද්ධා
2025 ගොවි තාත්තා

සම්මාන

  • 1988, 1989, 1990 අන්තර් පාසල් නාට්‍ය තරගයේ හොඳම නළුවා සම්මානය
  • 2005 රාජ්‍ය නාට්‍ය හොඳම නළුවා සම්මානය - දොන් ජුවාන්
  • 2005 හොඳම සහය නළුවා ජනාධිපති සම්මානය - අසනි වර්ෂා
  • 2005 හොඳම සහය නළුවා රයිගම් ටෙලි සම්මානය - රෝද හතරේ මනමාලයා
  • 2005 හොඳම සහය නළුවා සිග්නීස් ටෙලිසිනමා සම්මානය - රෝද හතරේ මනමාලයා
  • 2005 සරසවිය විශේෂ ජූරි සම්මානය - අසනි වර්ෂා
  • 2011 සුමති හොඳම ටෙලිනාට්‍ය නළුවා සම්මානය - ස්වයංජාත
  • 2012 නිව් යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - සැමීගේ කතාව
  • 2021 බෝඩන් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා - ගොවි තාත්තා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 16, 2026

    හිරු

  • මාර්තු 14, 2026

    ශ්‍රී ලංකා ජාතික ගීය

  • මාර්තු 15, 2026

    මහත්මා ගාන්ධි

  • අප්‍රේල් 07, 2026

    Japanese people

  • අප්‍රේල් 12, 2026

    මර්සි එදිරිසිංහ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට