සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ පුරාණ නටඹුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප‍්‍රාදේශීය පාලකයෙකු ලෙස ද

පඬුවස්නුවර මාළිගය

  • මුල් පිටුව
  • පඬුවස්නුවර මාළිගය

ශ්‍රී ලංකාවේ පුරාණ නටඹුන් නගරයක් වූ පඬුවස්නුවර පුරාවිද්‍යා ස්ථානයේ දැකගත හැකි පඬුවස්නුවර රජ මාළිගය, පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) ප‍්‍රාදේශීය පාලකයෙකු ලෙස දක්ෂිණ දේශය පාලනය කල සමයේ පරිහරණය කල මාළිගාව වේ. මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට සමාන බව පැවසේ.

පඬුවස්නුවර පිහිටි පළමු පරාක්‍රමබාහු රජුගේ මාළිගයේ නටඹුන් (12වන සියවස)

මාළිගය

පුරාවිද්‍යා කැණීම් සාධක අනූව පඬුවස්නුවර මාළිගය 12වන සියවසට අයත්ය. කොටු පවුරකින් වටවූ චතුරස්‍රාකාර භූමියක් තුළ ඉදිකර ඇති මාළිගය ශක්තිමත් ගඩොලින් හා ඝනකම් බිත්තිවලින් යුක්ත වේ. මාළිගයට ඇතුළුවීම සඳහා ගඩොලින් කළ පියගැට පෙළක් වන අතර එහි පාමුල සඳකඩ පහණක් නිමවා ඇත. පියගැපෙළට වම්පසින් පුළුල් ශිලාමය ආසනයක් හා නිශ්ශංකමල්ල රජුට අයත් ශිලා ලිපියක් දැකගත හැකිවේ. මාළිගා පරිශ්‍රයෙහි ආලින්දය වැනි ප්‍රධාන කුටි වලට අමතරව මුළුතැන්ගෙවල්, ගබඩා කාමර, සහ ක්‍රමවත්ව සැකසූ ජල ප්‍රවාහන ක්‍රම සහිත වැසිකිළි නටඹුන් දැකගත හැකිවේ. මාළිගයට ඇතුළුවන ස්ථානය දෙපස ගඩොලින් ඉදිකළ මුර කුටි දෙකක් දැකගත හැකිය. ඉතිරිව හැකි අවශේෂ ලක්ෂණ අනූව පඬුවස්නුවර මාළිගය මහල් කිහිපයකින් සමන්විත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආශ්‍රේය

  • හැඳින්වීම් පුවරු - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 21, 2026

    විමුක්ති ජයසුන්දර

  • අප්‍රේල් 11, 2026

    රයිගම බණ්ඩාර

  • අප්‍රේල් 22, 2026

    රොෂාන් රණවන

  • ජූලි 24, 2026

    මල් කැකුළු

  • මැයි 15, 2026

    Human body

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට