සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති

රාවණා රජ

  • මුල් පිටුව
  • රාවණා රජ

රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගැනීමක් ලෙස සීතා දේවිය පැහැරගෙන එන රාවණ රජුව රාම කුමරු විසින් මහා වානර සේනාවක් හා රාවණගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර හී පහරකින් මරා දමනු ලැබේ.

රාවණා රජ
Ravana, South India, 18th century CE
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය ලද රාවණ ප්‍රතිමාව
දේවනාගරීरावण
අනුබැඳියලංකාපුර, රාක්ෂසා
වාසභවනයලංකාපුර
පෞද්ගලික තොරතුරු
වල්ලභයා
  • මන්දෝදරී
  • ධන්‍යමලිනි
සහ චිත්රාංගදා
දෙමාපියන්
  • විශ්‍රාවාස මුණි (පියා)
  • කෛකේෂි දේවි (මව)
සොයුරු/සොයුරියන්කුම්භකර්ණ
විභීෂණ
ශුර්පනකා
අර්ධ සහෝදරයා - කුවේර රජ
දරුවන්ඉන්ද්‍රජිත්, අතිකාය සහ අක්ෂයකුමාර (මන්දෝදරි විසිනි)
නරන්තක, දේවාන්තක සහ ත්‍රිෂිර (ධන්‍යමලිනී විසිනි)
වීර්බාහු සහ අනංගකුසුම (චිත්‍රාංගදා විසිනි) මහීරාවණ (ආත්මික පුතුන්)
පූර්වගමනය වූයේකුවේර රජ (ලංකාපුර රජ)
අනුගමනය වූයේවිභීෂණ (ලංකාපුර රජ)
වාහනයපුෂ්පක විමාන
පාඨ ග්‍රන්ථරාමායනය සහ එහි අනුවාද

පටුන

රාමායණය

රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි. ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.

උපත

ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.

රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන පුලස්ති මුණිවරයායි. මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.

ශිව බැතිමතෙක් ලෙස

 
රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.

රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. රාවණානුග්‍රහ මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.

දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස

ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට දේවී මහත්ම්‍යම් තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා. එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ ලංකේශ්වරි දේවිය දේවිය උදෙසා සාධනා කොටයි. වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.

සංස්කෘතික බලපෑම

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ දුශේරා නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.

පෙලපත

  • මවගේ පියා - සුමාලි රජ
  • මව ‍- කෛකේෂි දේවි
  • පියාගේ පියා - පුලස්ථි සෘශිවරයා
  • පියා - වෛශ්‍රව (විශ්‍රවස්) ඉසිවරයා (ඇතැම් රාමායණ තුළ පුලස්ථි සෘශිවරයා පියා ලෙස දක්වා ඇත)
  • බිරිඳ - මන්දෝදරී කුමරිය
  • පුතා - මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත් කුමරා
  • දුව - ශෝහිලි කුමරිය (සීතා - ජෛන රාමායණයට අනුව)
  • සොයුරන් - කුම්භකර්ණ , විභීෂණ, සහස්‍ර රාවණ
  • සොයුරිය - සුපර්ණකා
  • මාමණ්ඩිය - කාළනෙමි ඉසිවරයා
  • බිරිදගෙ පියා - මය

රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ

  • ශිවාලිඛිතය
  • අග්නිත්රාන්ත

මේවා සියල්ල සංස්කෘත භාෂාවෙන් රචනා කළ කෘති වන අතර සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචනා කරණ ලදැයි කීමට පැහැදිල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.

තවද බලන්න

  • සිංහලේ රාජාවලිය
  • රාවණහත්ත
  • දඬුමොණරය
  • අරිසෙන් අහුබුදු
  • ලංකාපුර
  • සිවු හෙල
  • සීතා බිසව
  • ලංකේශ්වරි දේවිය
  • රාවණ (ටෙලි නාට්‍යය)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    හින්දි භාෂාව

  • මාර්තු 13, 2026

    චතුරාර්ය සත්‍යය

  • අප්‍රේල් 03, 2026

    කාවන්තිස්ස රජ

  • මාර්තු 24, 2026

    ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව

  • අප්‍රේල් 03, 2026

    වොෂින්ටන්, ඩී.සී.

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට