සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බී‍ඩෝ සහ ඝනත්ව ඇත.

Deimos (moon)

  • මුල් පිටුව
  • Deimos (moon)

ඩෙයිමෝස් හෝ ඩීමෝස් (ඉංග්‍රීසි:  Deimos), අඟහරු ග්‍රහයා ගේ උප ග්‍රහයෙකි.

Deimos
An enhanced-color image of Deimos (MRO, 21 February 2009).
Image: NASA/JPL-Caltech/University of Arizona
සොයාගැනීම
සොයාගත් තැනැත්තේAsaph Hall
සොයාගත් දිනය12 August 1877
නිලනාමයන්
ශබ්දනැගීම/ˈdaɪməs/ or /ˈdiːməs/
විකල්ප නම්Mars II
විශේෂණයDeimosian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය 2012-Sep-21
(JD 2456191.5)
පරිදුරාන්තිකය23455.5 km
විදුරාන්තිකය23470.9 km
අඩ-මහා අක්ෂය23463.2 km (6.92 Mars radii)
උත්කේන්ද්‍රියතාවය0.00033
කක්ෂීය කාලාවර්තය1.263 d
(30.312 h)
සාමාන්‍යය කක්ෂීය වේගය1.3513 km/s
ආනතිය0.93° (to Mars's equator)
1.791° (to the local Laplace plane)
27.58° (to the ecliptic)
මෙහි චන්ද්‍රිකාවකිMars
භෞතික ගුණාංග
මාන15 × 12.2 × 11 km
මධ්‍යන්‍යය අරය6.2 ± 0.18 km
(0.97316 mEarths)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය495.1548 km2
(0.970755 µEarths)
පරිමාව999.78 km3
(92.2979 nEarths)
ස්කන්ධය1.4762×1015 kg
(0.247179 nEarths)
මධ්‍යන්‍යය ඝණත්වය1.471±0.166 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.003 m/s2
(306 µg)
මිදුම් ප්‍රවේගය5.556 m/s
(20 km/h)
භ්‍රමණ කාලාවර්තයSynchronous
ප්‍රභානුපාතය0.068 ± 0.007
උෂ්ණත්වය≈ 233 K
දෘශ්‍ය විශාලත්වය12.89

සුවිශේෂ ලක්ෂණ

අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බී‍ඩෝ සහ ඝනත්ව ඇත.

ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයි‍‍මෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී.

ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයා‍ගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ.

අඟහරුගේ සිට බලන කල ඩෙයි‍මෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බො‍හෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථි‍වියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය.

ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    උතුරු කොරියාව

  • අප්‍රේල් 05, 2026

    ද්‍රවිඩ සංගමය

  • මාර්තු 16, 2026

    දළදා වහන්සේ

  • මාර්තු 26, 2026

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුව

  • අප්‍රේල් 10, 2026

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට