සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මහා පරාක්‍රමබාහු රජ මාළිගය (හෝ වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය) යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර තුල දැකගත හැකි මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි

වෙෙජයන්ත ප්‍රාසාදය

  • මුල් පිටුව
  • වෙෙජයන්ත ප්‍රාසාදය
මෙම ලිපිය හෝ ලිපි කොටස පළමුවන පරාක්‍රමබාහු රජ වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) January 2021 සිට යෝජිතය.

මහා පරාක්‍රමබාහු රජ මාළිගය (හෝ වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය) යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර තුල දැකගත හැකි මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153-1186) සත් මහල් මාළිගාව වේ. මෙම මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව 12 වන ශතවර්ෂයේ අනුරාධපුර විජයබා මාළිගයට, පඬුවස්නුවර හා යාපහුව යන මාළිගාවන්ට සමාන බව පැවසේ.

මහා පරාක්‍රමබාහු රජ මාළිගය

පටුන

නාමය

ශක්‍ර දෙවියින්ගේ වාසභවන හැඳින්වීම සඳහා යොදන වෙෙජයන්ත ප්‍රාසාදය යන නාමය අතීතයේදී මෙම පරාක්‍රමබාහු රජ මාළිගය හැඳින්වීමට යොදා තිබූ බව ප්‍රකාශ වේ. රජු සහ දෙවියන් සමාන යැයි යන සංකල්පය ඉස්මතුකරවීම සඳහා මෙවැනි නාමයක් සිය රජ මාළිගාවට යෙදීමට රජු කටයුතු කරන්නට ඇතැයි මින් ගම්‍ය කෙරේ.

මාළිගය

 
මහා පරාක්‍රමබාහු රජ මාළිගාවේ ඇතුලත බිත්තිහී පැරණි කපරාරු කොටස් තවමත් ශේෂව පවතී

ඉතාමත් ඝන ශක්තිමත් ගඩොලින් නිමවා ඇති මෙම මාළිගය එකල මහල් හතකින් සමන්විතව තිබූ බව පැවසෙයි. උඩු මහල් ලී බාල්ක මත ලෑලි සවිකිරීම මගින් නිමවා තිබී ඇති අතර මහල් තරණය සඳහා ගල් පඩි යොදා තිබූ බව විශ්වාස කෙරේ. තිබූ යැයි කියැවෙන මහල් හතෙන්, මහල් තුනක අවශේෂ වර්ථමානයේ දැකගත හැකි වන අතර දැව බාල්ක සඳහා උපයෝගී කොට ගත් තව් හා බිත්ති කුහර, ඝන ගඩොල් බිත්ති අතර ශේෂව පවතී. මාළිගාව ගිනිගෙන දැවීමෙන් විනාශ වූ බවට සාධක පවතී.

මහාවංශයට අනූව මෙම මාළිගයෙහි කාමර දහසක් තිබූ බව කියැවෙයි. කෙසේවූවද මාළිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් සේ සැළකුණද සමස්ථ මාළිගා පරිශ්‍රය තුල කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මාළිගය අවට නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් දැකගත හැකි වන අතර ඒවා විවිධ පූජා, විනෝද කටයුතු, දැසි දස්සන්ගේ ලැගුම්හල් හා ගබඩා ආදිය සඳහා යොදා ගන්නට ඇතැයි සැළකේ.

ආශ්‍රේය

  • හැඳින්වීම් පුවරුව - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 17, 2026

    Organ system

  • අප්‍රේල් 14, 2026

    මලයාලම් භාෂාව

  • අප්‍රේල් 05, 2026

    පරිපාලන කොට්ඨාසය

  • මැයි 18, 2026

    සම්මා ආජීව

  • අප්‍රේල් 03, 2026

    නිශ්ශංක විජයරත්න

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට