සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

".........තත්ථ කතමෝ සම්මා ආජීවෝ ?ඉධ අරිය සාවකෝ මිච්ඡාජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං වුච්චතී සම්මා ආජීවෝ......." නිවැරදි දිවි පෙවෙත යනු මිථ්‍යාජීවයෙන්

සම්මා ආජීව

විකිපීඩියා වෙතින්
ගොනුව:Z p04-nava.jpg

".........තත්ථ කතමෝ සම්මා ආජීවෝ ?ඉධ අරිය සාවකෝ මිච්ඡාජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං වුච්චතී සම්මා ආජීවෝ......." නිවැරදි දිවි පෙවෙත යනු මිථ්‍යාජීවයෙන් තොර වීමයි.අධාර්මික වූ ජීවන ප්‍රවෘත්තින්ගෙන් බැහැර ව ධාර්මික දිවි පැවැත්ම සම්මා ආජීව ලෙස මූලික් හැඳින්වීමක් කළේ වූවද බුදු දහමේ විස්තර කරන පරිදි එය නොකළයුතු වෙළඳාම් පහකට පටු කරගැනීම අතිශයින් ම අසාධාරණය.එහිදී බුදු සමය කිසිවිටෙක කිසිතැනක මිච්ඡා ආජීවය යැයි වෙළඳාම් පහක් පෙන්වා නොදෙන බව පළමුව අවධාරණය කළ යුතුය. මජ්ඣිම නිකාය මහා චත්තාරීසක සූත්‍රය මෙහිලා තත් ප්‍රස්තුතය සාධනය කරන අතර කරුණු පහකින් පුලුල් අර්ථ විවරණය ක් පිණිස මඟ විවර කර ඇත.

තත්‍ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? මිච්ඡාආජීවං ‘මිච්ඡාආජීවො’ති පජානාති, සම්මාආජීවං ‘සම්මාආජීවො’ති පජානාති; සාස්ස හොති සම්මාදිට්ඨි. කතමො ච, භික්ඛවෙ, මිච්ඡාආජීවො? කුහනා, ලපනා, නෙමිත්තිකතා, නිප්පෙසිකතා, ලාභෙන ලාභං නිජිගීසනතා (නිජිගිං සනතා (සී. ස්‍යා. කං. පී.)) - අයං, භික්ඛවෙ, මිච්ඡාආජීවො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? සම්මාආජීවංපහං, භික්ඛවෙ , ද්වායං වදාමි - අත්ථි, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො; අත්ථි, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති - අයං, භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො. කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී - අයං, භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාආජීවස්ස පහානාය වායමති, සම්මාආජීවස්ස උපසම්පදාය ; ස්වාස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාආජීවං පජහති, සතො සම්මාආජීවං උපසම්පජ්ජ විහරති; සාස්ස හොති සම්මාසති. ඉතියිමෙ තයො ධම්මා සම්මාආජීවං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති, සෙය්‍යථිදං - සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.

අර්ථය...

140 “මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේවේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටු කොට යන්නේ වේද? මිථ්‍යා ආජීවය, මිථ්‍යා ආජීවයයි දැන ගනීද, සම්‍යක් ආජීවය සම්‍යක් ආජීවයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ. මහණෙනි, මිථ්‍යා ආජීවය කුමක්ද? ලාභ සත්කාරාදිය සඳහා ලෝකයා මවිත කරවීම (ලාභාදිය කැමැත්තෙන්) ගරු නම්බු දී කථා කිරීමට (ලාභ සත්කාර කැමැත්තෙන්) ඒවා දෙන ලෙස ඍජුව නොකියා අඟවා කීමය. (ලාභාදිය කැමැත්තෙන්) අනුන් ගුණ මැකීමය. (වඩා ලාභ ලබනු රිසියෙන් මෙතැනින් ලද දෙය එතනටද එතනින්ලද දෙය මෙතැනටද දීම් වශයෙන්) ලාභයෙන් ලාභය හැරගැනීමය යන මෙය මහණෙනි, මිථ්‍යා ආජීවයයි. “මහණෙනි සම්‍යක් ආජීවය කුමක්ද? මහණෙනි, මම සම්‍යක් ආජීවයද දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය (ජීවත්වීම සඳහා කරණ අධාර්මික කටයුතු) හැර සම්‍යක් ආජීවයෙන් දිවිපවත්වාද, මහණෙනි, මෙය ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයයි. “මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවය කවරේද? “මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමක් වේද, වැඩියක්ම වෙන්වීමක් වේද, ප්‍රතිපක්ෂලෙස වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයයි. “හෙතෙම මිථ්‍යා ආජීවය පහකිරීමටද සම්‍යක් ආජීවයට පැමිණ විසීමටද, උත්සාහ කෙරෙයි. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා ආජීවය දුරුකරයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් ආජීවයට පැමිණ වෙසේ. එය ඔහුගේ සම්‍යක් සතිය වෙයි. මෙසේ ඔහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් ආජීවය පිරිවරා ගනිත්. අනුව පවතිත්. එනම්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යන තුණයි.

මේ අනුව නොකළයුතු වෙළඳාම් පහ ද මේ සන්දර්භය තුළ අන්තර්ගතය.

ඉහළට