සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙ

ස්නායු පද්ධතිය

  • මුල් පිටුව
  • ස්නායු පද්ධතිය

ප්‍රධාන ලිපිය: මිනිසාගේ ස්නායු පද්ධතිය

ස්නායු පද්ධතිය
මිනිසාගේ ස්නායු පඬතිය
හඳුන්වනයන්
TAA14.0.00.000
FMA7157
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා සුෂුම්නාව අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා සුෂුම්නාව අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් සුෂුම්නාව ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ ‍වේ.

පටුන

සැකැස්ම

 
චාලක නියුරෝනයක්

ස්නායු පද්ධතියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. ස්නායුවක් සැදී ඇත්තේ ස්නායු තන්තු සිලින්ඩරාකාර කළඹක් ලෙස සැකසීමෙනි. මේවා මොළයෙන් හා සුෂුම්නාවෙන් ඇරඹී ශරීරයේ සෑම කොටසකටම සම්බන්ධවීම සඳහා දිගින් දිගටම බෙදෙමින් විහිදී යයි. පැරණි ඊජිප්තු, ග්‍රීක හා රෝම වැසියන්ට පවා හඳුනා ගැනීමට තරම් ස්නායු විශාලයි. නමුත් අන්වීක්ෂය සොයා ගන්න තුරු එහි අභ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා ගැනීමට හැකි නොවුණි. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.

  • සංවේදක නියුරෝන
සංවේදී ඉන්‍ද්‍රීයවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග යැවේ.
  • චාලක නියුරෝන
මධ්‍ය ස්නායු පද්ධතිය සිට කාරක වෙත ආවේග යැවේ.
  • අන්තර් මධ්‍ය නියුරෝන
අන්තර් මධ්‍ය හා සංවේදක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණයට උපයෝගී වේ.
 
ආවේග සම්ප්‍රේෂණය

ක්‍රියාකාරීත්වය

මිනිසාගේ ස්නායු පද්ධතියේ ප්‍රධානම කාර්යය වන්නේ සමායෝජනයයි. සමායෝජනය ලෙස හැඳින්වෙන්නේ දේහයේ අවයව හා පද්ධති රැසක් එකිනෙක සම්බන්ධව හා එකිනෙකට අනුකුලව ක්‍රියා කිරීම මඟින් උත්තේජ හා ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීමයි.

මුලික වශයෙන් ස්නායු පද්ධතිය මගින් සිදුවන්නේ සෛලයකින් සෛලයකට සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. මේ සඳහා ශරීරයේ තවත් ක්‍රම තිබේ. ඉන් එකක් නම් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නමැති රසායනික සංයෝග මුදාහැරීමයි. එයින් වෙනත් ස්ථානයක ඇති සෛලවලට පණිවිඩ ලබාදිය හැකියි. එය සංඥා විකාශනයක් වැනිය. ස්නායු පද්ධතිය මඟින් කරනුයේ අවශ්‍ය ස්ථානයට කෙලින්ම පණිවිඩ ලබාදීමයි. හෝමෝනවලට වඩා ස්නායු මඟින් විශිෂ්ට ලෙස හා වේගයෙන් ආවේග සම්ප්‍රේෂණය කිරීමට පුළුවන. නියුරෝන තුලින් ආවේගවලට තත්පරයට මීටර් 100(120 ක් පමණ) කට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකිය.

ස්නායු පද්ධතිය මඟින් සංවේදී අවයවවලින් තොරතුරු රැගෙන එම සංඥා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂණය කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් එන තොරතුරු සැකසීමෙන් පසු අදාළ උත්තේජය සඳහා සුදුසු ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අවශ්‍ය සංඥා ස්නායු හරහා කාරක අවයවය (පෙශියක් හෝ ග්‍රන්ථියක්) වෙතට සම්ප්‍රේෂණය කරයි.

මධ්‍ය ස්නායු පද්ධතිය

මධ්‍ය ස්නායු පඬතිය යනු මොළය හා සුෂුම්නාවයි. ඇස, කන, නාසය, දිව, සම යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට මොළයට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් සුෂුම්නාව වෙත යැවෙන අතර ඉන්පසු සුෂුම්නාවේසිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ සුෂුම්නාව ද ආරක්‍ෂිතව පවතී.

මොළය හා සුෂුම්නාව වටා ආරක්‍ෂිත ආවරණ තුනකි. මේවා මෙනෙන්ජි පටල ලෙසද හඳුන්වයි.

  • වරාශිකාව (බාහිර ආවරණය)
  • ජලාකාර පටලය (අතර මැද ආවරණය)
  • වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)
 
හිස් කබලේ අභ්‍යන්තරය

පර්යන්ත ස්නායු පද්ධතිය

මධ්‍ය ස්නායු පද්ධතියට අයත් නොවන අන් සියලු කොටස් පර්යන්ත ස්නායු පද්ධතියට අයත්ය.මෙය ස්වයං සාධක ස්නායු පද්ධතිය හා දෛහික ස්නායු පද්ධතිය ලෙස කොටස් දෙකකි.දෛහික ස්නායු පද්ධතියට කපාල ස්නායු යුගල් 12ක් ද,සුෂුම්නා ස්නායු යුගල් 31ක් ද අයත් වේ.ස්වයං සාධක ස්නායු පද්ධතියට ප්‍රත්‍යානුවේගී හා අනුවේගී ස්නායු පද්ධති අයත් වේ. මෙය ස්නායූ හා ග්ලැංග්ලියම් වලින් සමන්විතයි .ග්ලැංග්ලියම් යනු ස්නායු සෛල වල සෛල දේහ වන අතර,ස්නායු යනු රැහැන් ආකාර අක්සන සමූහයකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර

  • අප්‍රේල් 10, 2026

    ජනාධිපතිවරු - ශ්‍රී ලංකා

  • අප්‍රේල් 05, 2026

    ආදි පරාශක්ති

  • අප්‍රේල් 09, 2026

    Terminalia arjuna

  • අප්‍රේල් 10, 2026

    වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලය, අකුරම්බොඩ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට