සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එක්සත් ජාතීන්ගේ (එජ) සාමාජීක රාජ්‍යයන් 193 ක් ඇති අතර, එයින් එක් එක් රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි සාමාජීකත්වය දරති.

Member states of the United Nations

  • මුල් පිටුව
  • Member states of the United Nations

එක්සත් ජාතීන්ගේ (එජ) සාමාජීක රාජ්‍යයන් 193 ක් ඇති අතර, එයින් එක් එක් රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි සාමාජීකත්වය දරති.

A political map of the world with all territories shaded blue to denote United Nations membership, except Antarctica, the Palestinian territories, the Vatican, and Western Sahara, which are grey
එක්සත් ජාතීන්ගේ (UN) සාමාජික රාජ්‍යයන්ගේ සිතියමක් වන අතර, එජා විසින් පිළිගෙන ඇති ඔවුන්ගේ බල ප්‍රදේශ (පරායත්ත භූමිප්‍රදේශයන් ඇතුළුව) නිල් පැහැයෙන් දත්වා ඇත
Flags of the UN member states, in front of the Palace of Nations (Geneva, ස්විට්සර්ලන්තය).

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි, දෙවන පරිච්ඡේදයෙහි, 4 වගන්තිය අනුව:

  1. වර්තමාන ප්‍රඥප්තියෙහි සඳහන් බැඳීම් පිළිගන්නා සහ එම බැඳීම් නිසියාකාරව දැරීමට හා ගරුකිරීමට හැකියාව ඇතිබවට සංවිධානයෙහි විචාරයානුකූල නිශ්චයට ලක් වන්නාවූ, සාම-ගරුක වෙනත් ඕනෑම රාජ්‍යයකට එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වය විවෘත වෙයි.
  2. ආරක්ෂක මණ්ඩලයෙහි නිර්දේශය මත මහා මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් විසින් එවන් රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වයට එක් කරගනු ගැබේ.

ප්‍රතිපත්තියානුකූලව, ස්වෛරී රාජ්‍යයන් පමණක් එජ සාමාජීකත්වය ලබන අතර, වර්තමානයේදී සියළු එජ සාමාජීකයන් ස්වෛරී රාජ්‍යයන් වෙත් (ඔවුන් එජ ට බැ‍ෙඳන විට සාමාජීකයන් ස්වල්ප දෙනෙක් ස්වෛරී නොවූහ). සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනුම සහිත ස්වෛරී රාජ්‍යයන් අතුරින් එජ සාමාජීකයෙකු නොවන එකම රාජ්‍යය වතිකානු පුරය වෙයි (වතිකානු පුර රාජ්‍යය මත ස්වෛරීත්වය පතුරවන සහ අනෙකුත් රාජ්‍යයන් හා සමග තානාපති සබඳතා පවත්වන ශුද්ධාසනය, එජ ස්ථීර නිරික්ෂකයෙකි). රාජ්‍යයක් එජ වෙත ඇතුළු කර ගත හැක්කේ ආරක්ෂක මණ්ඩලය හා මහා මණ්ඩලයෙහි අනුමැතිය සහිතව පමණක් බැවින්, මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි උපමානයන් ප්‍රකාර ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකිය හැකි රාජ්‍යයන් කිහිපයක් සාමාජීකයන් නොවන්නේ, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර පිළිගැනුම රහිත වීම නිසාවෙන් හෝ සමහරක් සාමාජීකයන්ගේ විරෝධය නිසාවෙන් හෝ ඒවා සතුව ස්වෛරීත්වය, නොමැති බව එජ සලකන නිසාවෙනි.

සාමාජීක රාජ්‍යයන්ට අමතරව, සාමාජීකයන් නොවන රාජ්‍යයන්, අන්තර්රාජ්‍ය සංවිධාන, හා රාජ්‍යත්වය හෝ ස්වෛරීත්වය හෝ නිවැරැදිව අර්ථනිරූපණය කොට නොමැති ජාත්‍යන්තර සංවිධාන සහ ස්ථිතීන් වෙත එජ ආරාධනා කරන්නේ, මහා මණ්ඩලයෙහි නිරීක්ෂකයන් බවට පත්වීමෙන්, මහා මණ්ඩල රැස්වීම් වලදී ඡන්දය භාවිතා කිරීමට අවසරය නොලැබුනද එයට සහභාගී වීමට කථා පැවැත්වීමට අවසරය ලැබීමටය.

මුල් සාමාජීකයන්

 
ඔවුන් ඇතුළුවූ දිනය අනුව වත්මන් එජ සාමාජීක රාජ්‍යයන්ගේ සිතියම.
  1945 (මුල් සාමාජීකයන්)
  1946–1959
  1960–1989
  1990–present
  සාමාජීකයන්-නොවන නිරීක්ෂක රාජ්‍යයන්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර සාමාජීකයන් පස් දෙනා ( චීන සමූහාණ්ඩුව, ප්‍රංශය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද) සහ අනෙකුත් අත්සන්කරුවන්ගෙන් බහුතරයක විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීමෙන් අනතුරුව, 1945 ඔක්තෝබර් 24 දිනදී එජ නිලවශයෙන් බිහිවුණි. මුල් සාමාජීකයන් (හෝ ආරම්භක සාමාජීකයන්) මුළුමනින් 51 දෙනෙක් එම වසරේදී බැඳුනහ; එයින් 50 දෙනෙක් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැති ජාත්‍යන්තර සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහිදී 1945 ජූනි 26 දා ප්‍රඥප්තියට අත්සන් තැබූ අතර, සමුළුවෙහිදී නියෝජනය නොවුනු පෝලන්තය, 1945 ඔක්තෝබර් 15 දිනදී එයට අත්සන් තැබීය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    ඉන්දියාව

  • අප්‍රේල් 04, 2026

    පඤ්චිකා ප්‍රදීපය

  • මාර්තු 31, 2026

    හෘදයාබාධය

  • මාර්තු 22, 2026

    සිංහල ක්‍රියා පද

  • අප්‍රේල් 08, 2026

    ලෝක ගෝලය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට